ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL 226 ගුවන් යානයෙන් ඊයේ ( මැයි 07) දිනයේ මෙරටට පැමිණි ගුවන් මගීයකුට කොරෝන ආසාදනය වී වාර්තාවීමත් සමග එම ගුවන් යානයේ පැමිණි ගුවන් කාර්ය මණ්ඩලයේ
(cabin crew) සේවකයින් බලවත් සේ නොසන්සුන් තාවයට පත්ව ඇතැයි වාර්තාවේ.
මගින් 200කට ආසන්න පිරිසක් සමග ගුවන් කාර්ය මණ්ඩලයේ 12 දෙනෙකු මෙම ගුවන් යානයෙන් මෙරටට පැමිණ තිබේ.
ආසාදිත රෝගියා උණ තත්වයෙන් පෙලීම හේතුවෙන් රෝහල්ගත කර ඇති අතර අනතුරුව සිදුකල පරීක්ෂවලදී ඔහුට කොරෝන ආසදනයවී ඇතැයි තහවුරු වී ඇත.
ඩුබායි පොලිසියෙන් බාර දුන් 10 දෙනා කව්ද ?
ඩුබායි ගුවන් තොටුපළෙන් ශ්‍රී ලන්කන් ගුවන් යානය පිටත්වීමට මොහොතකට පෙර එරට පොලිස් වැන් රථයකින් ශ්‍රී ලාංකිකයින් 10 දෙනෙකු ගුවන් යානයට බාරදී ඇති අතර කොරෝනා අසාදිතයකු ලෙස හඳුනා ගෙන ඇතැයි පැවසෙන්නේ ඉන් එක් අයෙකි.
මෙසේ පොලිස් වාහන වලින් ගුවන් යානා වෙත ගෙනවිත් බාර දෙන්නේ ප්‍රභූවරුන් හෝ බන්ධනාගාර සිරගත කළ පුද්ගලයින් බව ගුවන් කාර්ය මණ්ඩල සේවය කරන නිලධාරීන්ගේ අත්දැකීම බව පැවසේ.
කෙසේවුවද තමන් සමග යානයේ පැමිණි ගුවන් මගියකුට කොරෝනා අසාදනය වී ඇතැයි සැලවුවද ගුවන් කාර්ය මණ්ඩලයේ කිසිවකු කොරෝනා පරීක්ෂණයට ලක්කර නොමැත.
කොරෝනා වෛරස ව්‍යාප්තිය ආරම්භවීමත් සමග කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපොල ආශ්‍රීතව ද විශේෂ ආරක්‍ෂක සහ සෞඛ්‍ය වැඩසටහන් ආරම්භ කර තිබේ.
මේ වනවිට ද මෙරටට රැගෙන එන සිසුන් ඇතුළු පිරිස්ද විෂබීජහරණය කිරීම ගුවන් තොටුපොල පරිශ්‍රයේදීම සිදු කෙරේ.
ඩුබාහි සිටින ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීමට දිලිත් ගෙන් මිලියන 22ක පරිත්‍යාගයක්
ඩුබාහි සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීමට ජෝර්ජ් ස්ටුවර්ට් සමාගම මැයි 06 දා රුපියල් මිලියන 22ක් පරිත්‍යාග කළේය.
ජෝර්ජ් ස්ටුවර්ට් සමාගමේ සභාපති දිලිත් ජයවීර විසින් ඊට අදාළ චෙක්පතජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත පිළිගැන්විණ.
ජනාධිපතිවරයාගේ ෆෙස්බුක් පිටුවෙහි ඒ සම්බන්ධව මෙසේ වාර්තා කර තිබිණ.






