leader s

ඉදිරි මැතිවරණයේදී ඡන්ද මධ්‍යස්ථානවල සෞඛ්‍ය නීති හරිහැටි ක්‍රියාත්මක වේදැයි සොයා බලා සෞඛ්‍ය හා ආරක්ෂක අංශවලට ඒ පිළිබඳ දැනුම් දීම සඳහා බුද්ධි නිලධාරීන් 20,000ක් යෙදවීමට ජනාධිපති ගෝඨාභය

රාජපක්ෂ නියෝග කර තිබේ.

ඡන්ද විමසීමට අදාළ සෞඛ්‍ය නීති මොනවා ද යන්න තවම ප්‍රසිද්ධ කර නැත. එම නීති ක්‍රියාත්මක කිරීම සඳහා අලුතෙන් අවශ්‍ය නිලධාරීන් කවුරුද, එම නිලධාරීන් කුමක් කරන්නේ ද යන්න ද තවම ප්‍රසිද්ධ කර නැත.

එහෙත්, ඔක්කොටම කලින් සෞඛ්‍ය නීති අධීක්ෂණය කරන්නට යොදන බුද්ධි නිලධාරීන් ගණන ප්‍රසිද්ධ කර තිබේ. ඒ ඇයි? මේ හොරාට කලින් කෙසෙල් කැන වැට පැනීමක් ද?

intelligence for election
බුද්ධි අංශ යයි කීවාට මෙම අංශ ඇත්ත වශයෙන් ම රහස් ඔත්තු සේවා ය. රජයක් එවැනි සේවා පවත්වාගෙන යාමේ කිසිදු ගැටලුවක් නැත. එහෙත්, රහස් ඔත්තු බැලිල්ල ද, ඒ සඳහා අදාළ අංශ පවත්වාගෙන යාම ද කළ යුත්තේ රහසේ ය. බුද්ධි අංශ, බුද්ධි අංශ කිය කියා නටන්නට ඕනෑ නැත. මස් කෑවාට බෙල්ලේ බැඳගෙන නොකන්නැයි කීමක් සිංහල ජනවහරේ තිබේ.

මැතිවරණයට දිනය නියම කිරීමටත් කලින් සෞඛ්‍ය නීති අධීක්ෂණයට දාන බුද්ධි නිලධාරීන් ගණන දැනගැනීම ප්‍රජාතාන්ත්‍රික මැතිවරණයකදී වැදගත් නැත. මේ නිලධාරීන් ඔත්තු බලන්නේ සෞඛ්‍ය නීති ක්‍රියාත්මක වෙන ආකාරය ගැන විතර ද, ඔවුන් නිලධාරීන්ට, ඡන්ද දායකයන්ට අනියම් බලපෑමක් කරාවි ද යන්න අප දන්නේ නැත.

මේ ප්‍රවෘත්තිය විසින් සාධාරණ මැතිවරණ ගැන සාධාරණ සැකසංකා ඇති කරන්නට නම් ඉඩ තිබේ. 


( praja.lk )

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්