සොෆ්ට්ලොජික් සමූහයේ අධිපති අශෝක් පතිරගේ තම සමාගම් වාර්ෂික සමාලෝචනයේදී ප්රකාශකර ඇත්තේ එංගලන්තයේ ඇබර්ඩීන් විශ්ව විද්යාලය සමඟ අනුබද්ධව ශ්රී ලංකාවේ වෛද්ය උපාධි පාඨමාලාවක් දියත් කිරීමට සූදානම්වන බවයි.
එක්සත් රාජධානියේ වෛද්ය සභාව විසින් අනුමත කරන ලද මෙම අධ්යාපන වැඩසටහන 2020 දී දියත් කිරීමට නියමිත බවද අශෝක් පතිරගේ පවසා ඇත.
මේ වනවිට ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ ආශිර්වාදය ඇතිව ඒම නව ආයෝජන ව්යාපෘතිය සැලසුම්කර ඇති බිලියනපතියා අනාවරණය කර ඇත්තේ සිය සමාගම් සමූහයේ ලාභය වර්ධනය කිරීමේ නව දොරටුවක් ඒමගින් විවෘතවන බවකි.
ඇබර්ඩීන් විශ්ව විද්යාලය සමඟ සාකච්ඡා කොට දේශීය සිසුන්ට අඩුම මිලකින් MBBS උපාධි පාඨමාලාව සකස්වනු ඇති බවද ප්රකාශකර ඇත.
1978 ජේ.ආර්.ජයවර්ධන ප්රමුඛ එක්සත් ජාතික පක්ෂ පාලනයේ නවලිබරල් ආර්ථික ප්රතිසංස්කරණ යටතේ ආරම්භ කළ ආසිරි රෝහල් ව්යාපාරය මේ වනවිට අශෝක් පතිරගේට අයත් සොෆ්ට්ලොජික් සමූහය යටතේ පවතී.
ආසිරි රෝහල් සමූහය විසින් දැවැන්ත පෞද්ගලික රෝහල් 4ක් සහ රසායනාගාර සේවා පවත්වාගෙන යමින් 1978 සිට විවිධ ආණ්ඩු යටතේ ප්රතිපාදන කපමින් බිඳවට්ටනු ලැබූ නිදහස් සෞඛ්ය සේවය වෙනුවට අධික මිල ගණන් සඳහා සෞඛ්ය සේවා අලෙවි කරමින් සිටී.
එම ව්යාපාර සමූහයටම වෛද්ය උපාධිය අලෙවි කිරීමේ පාඨමාලාවක් ආරම්භ කිරීමට ගෝඨාභය-මහින්ද ආණ්ඩුව අවසර ලබා දෙනු ඇත.
මින් පෙර 2009 වසරේ මහින්ද රාජපක්ෂ පාලනය විසින් මෙවැනිම ආකාරයෙන් පෞද්ගලික වෛද්ය උපාධි අලෙවි කිරීමට පිහිටුවන ලද SAITM ආයතනය, දීර්ඝ ජනතා අරගලයක ප්රතිඵලයක් ලෙස වසා දමන්නට පසුගිය ආණ්ඩුවට සිදු විය.
SOFTLOGIC වෛද්ය උපාධියට ගෝඨාභය පාලනය එකඟයි!
T
The Leader Desk
June 6, 2020 • 4:23 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- 'සොෆ්ට්ලොජික්' ව්යාපාර සමූහයට අයත් ‘ආසිරි’ පෞද්ගලික රෝහල් ජාලය, සම්බන්ධ කරගෙන පෞද්ගලික උපාධි විකුණන ආයතනයක් ස්ථාපිත කිරීමට බිලියනපති ව්යාපාරික අශෝක් පතිරගේ සූදානම් වේ.
අකුරු ප්රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්රී ලංකාව තුළ සහ ජාත්යන්තර ඩයස්පෝරාව අතර ක්රියාත්මක වන ප්රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


