ගොවියාගේ සිට සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවාට සහ ආයෝජකයන් අපේක්ෂා කරන මුල්‍ය සහන ලබාදීමට

රාජ්‍ය බැංකු පෙරමුණ ගත යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

ණය සඳහා ඉලක්කම් 02 ක පොළියක් අය කිරිමෙන් රටක අපේක්ෂා ඉටුකළ නොහැකි බවත් එය තනි ඉලක්කමක පහළ අගයකට ගෙන ඒමෙන් සංවර්ධනය සඳහා දායකවිය හැකි බවත් ජනාධිපතිවරයා අවධාරණය කර සිටියි.

ඔහු එබව කියා සිටියේ, ලංකා බැංකුවේ ප්‍රගතිය සම්බන්ධයෙන් අද පැවති සමාලෝචන රැස්වීමේදීය.

අද පවතින තත්ත්වයට ලෝකයේ කිසිදු රටක් මෙතෙක් මුහුණ දී නොමැති බව එහිදී පැවසූ ජනාධිපතිවරයා, ඉන් මිදීමට පැරණි රටාවෙන් ඔබ්බට සිතිය යුතු බවත්, ආර්ථිකය නගා සිටුවිම සාම්ප්‍රදායික ක්‍රමවේදයෙන් පමණක් සිදුකළ නොහැකි බවත් කියා සිටියේය.

ජනතාව තමන්ට ලබාදී ඇති බලය ක්‍රියාත්මක කරමින් සමස්ථ රට වැසියාගේ අපේක්ෂා ඉටු කිරිමට පසුබට නොවන බව ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර සිටියේය. එය කිසිසේත් දේශපාලනය වෙනුවෙන් නොව රට වෙනුවෙන් බවත් එයට බාධා කරන නම් සුදුසු පියවර ගැනීමට පසුබට නොවන බවද ඔහු එහිදී දැනුම් දී සිටියේය.

තමන් කිසිවිටෙකත් තමන්ගේ ඥාතීන්ට, හිතවතුන්ට හෝ උපකාර කළ පිරිසට ණය දෙන ලෙස බැංකු වලට උපදෙස් ලබාදී නොමැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙහිදී ප්‍රකාශ කළේය.

 

'ගෝඨාගේ ධුර කාලයෙන් දහයෙන් එකක් ඉවරයි. රට හිඟමනට වැටිලා'' -චම්පික

Champikaමේ අතර අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පැවසුයේ, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ මාස කිහිපයක ධුර කාලය තුල, මේ රටේ ජනතාවට ජීවත් වෙන්න බැරි හිඟමනට වැටිච්ච සාගත තත්ත්වයකට රට ගොදුරුවෙලා තිබෙන බවයි.  

''ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ධුර කාලයෙන් දැනට දහයෙන් එකක් ගෙවිල ඉවරයි. ඒ දහයෙන් එක තුළ මේ රටේ ජනතාවට ජීවත් වෙන්න බැරි හිඟමනට වැටිච්ච සාගත තත්ත්වයකට රට ගොදුරුවෙලා තිබෙන බව කණගාටුවෙන් ප්‍රකාශ කරන්න ඕන.

ජනාධිපතිතුමා ජනතාවට සහන දෙන්න බැරි වුණාට ධනපතියන්ට බදු සහන ලබාදුන්න පසුගිය දෙසැම්බර් ඉඳන්. එහි ප්‍රතිඵලයක් හැටියට ආණ්ඩුවේ ආදායමෙන් තුනෙන් එකක් ආණ්ඩුවට අහිමි වුණා.'' චම්පික රණවක හිටපු අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේය.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්