මහ බැංකුවේ කළමනාකරණය, මෙහෙයුම් හා පරිපාලනය සම්බන්ධ තීරණ ගන්නේ ‘මුදල් මණ්ඩලය‘ යි.  හැබැයි, අද එහි සාමාජිකයින් පහෙන් ඉන්නේ තුනයි.  ඉතින් මහ බැංකුව රටක ආර්ථික හසුරුවන්ට  රජයට

උපදෙස් දෙන්නේ කොහොමදැයි?යි, දකුණු පළාත් හිටපු  ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් නිවේදනයක් නිකුත් කරමින් විමසයි. එහි මෙසේ සඳහන් වේ.

මහ බැංකුවේ තීරණ ගන්නේ කවුද? 

මුදල් කටයුතු පිළිබද රජයට උපදෙස් දීමේ වගකීම ඇත්තේ මහ බැංකුවට නොව ‘මුදල් මණ්ඩලය‘ (Monetary Board) ට යි.  එය මහ බැංකුවේ වෙබ් අඩවියේ දැක්වෙන්නේ මෙසේය.  

 ''ශ්‍රී ලංකා මහ බැංකුව සංස්ථාපිත ආයතනයක් නො වන නිසා එයට ම ආවේණික වූ නීතිමය ව්‍යුහයක් මහ බැංකුවට ඇත. මුදල් නීති පනතට අනුව සියලු ම බලතල සහ කාර්යයන් හිමි මුදල් මණ්ඩලයට සංස්ථාපිත වගකීම පැවරී ඇත. පාලන අධිකාරිය ලෙස මහ බැංකුවේ කළමණාකරණයට, මෙහෙයුමට සහ පරිපාලනයට සම්බන්ධ සියලු ම ප්‍රතිපත්ති තීරණ ගැනීම සඳහා මුදල් මණ්ඩලය වගකිව යුතු ය. '' 

 ''ශ්‍රී ලංකා මහ බැංකුව සංස්ථාපිත ආයතනයක් නො වන නිසා එයට ම ආවේණික වූ නීතිමය ව්‍යුහයක් මහ බැංකුවට ඇත. මුදල් නීති පනතට අනුව සියලු ම බලතල සහ කාර්යයන් හිමි මුදල් මණ්ඩලයට සංස්ථාපිත වගකීම පැවරී ඇත. පාලන අධිකාරිය ලෙස මහ බැංකුවේ කළමණාකරණයට, මෙහෙයුමට සහ පරිපාලනයට සම්බන්ධ සියලු ම ප්‍රතිපත්ති තීරණ ගැනීම සඳහා මුදල් මණ්ඩලය වගකිව යුතු ය. '' 

ඊයේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමේ පුටුවල වාඩිවී  සිට මහ බැංකුවේ නිලධාරීන් සිදු කරන්නේ, මුදල් මණ්ඩලය විසින් ලබා දෙන උපදෙස් හා නියෝග ක්‍රියාත්මක කිරීම යි.  1949 අංක 58 දරණ මුදල් නීති පනත නැත්තම්, ලංකාවේ නීතියට අනුව නම් විය යුත්තේ ද එයයි. 

නීතිය හා ප්‍රායෝගිකව ධනාත්මක ප්‍රතිඑලයක් ලබා ගැනීමට නම්, ජනාධිපතිවරයා ‘මුදල් මණ්ඩලයේ‘ සාමාජිකයින් සමග සාකච්ඡා කිරීම වඩා යහපත් විය හැකිව තිබුණි.  මුදල් කටයුතු පිළිබද රජයට උපදෙස් ලබාදීමේ නෛතික බලය ඇත්තේ ඔවුන්ට බැවිනි.  උපදේශකයා  (මුදල් මණ්ඩලය) ප්‍රසිද්ධියේ අපහසුතාවට පත් කළ පසුව, තවදුරටත් රජයට (හෝ රාජ්‍ය නායකයාට) උපදෙස් දීමට හැකියාවක් පැවතිය නොහැකිය.    

මුදල් මණ්ඩලයේ පුරවන්නේ නැති පුරප්පාඩු:

සමාන්‍ය තත්තවය යටතේ මුදල් මණ්ඩලයේ සාමාජිකයින් 5 දෙනෙකි.  නමුත්, දැන් ඉන්නේ තිදෙනෙකි. ඒ, මහ බැංකු අධිපති ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන්, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල (නිල බලයෙන්)  හා පත් කළ සාමාජික ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන යි.  

පසුගිය දා, ඉල්ලා අස්වූ නිහාල් ෆොන්සේකා සහ දුෂ්නි වීරකෝන් වෙනුවෙන් නව සාමාජිකයින් පත් කර නැත.   එම පත්වීම් සිදු කල යුත්තේ මුදල් අමාත්‍යවරයා (මහින්ද රාජපක්ෂ) විසින්  ජනාධිපතිපතිතුමා වෙත නිර්දේශකරන නම්, ව්‍යවස්ථා සභාව විසින් අනුමත කිරීමෙන් පසුව ජනාධිපතිවරයා විසින් ලබා දෙන පත්වීම් ලිපියකිනි.  


Nihal Dushni                                                                        නිහාල් ෆොන්සේකා සහ දුෂ්නි වීරකෝන්


දැන්, මේ අවුලට වරද, ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් හා එස්.ආර්. ආටිගල නම් ඔවුන් දෙදෙනා ඉවත් කිරීමේ හැකියාව ජනාධිපතිවරයාට මේ  මොහොතේම පවතී.  රජයට ඉතා හිතවත් සංජීව ජයවර්ධනට වුව ද, ඉවත් කිරීම දුෂ්කර නැත. 

''දැන්, මේ අවුලට වරද, ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් හා එස්.ආර්. ආටිගල නම් ඔවුන් දෙදෙනා ඉවත් කිරීමේ හැකියාව ජනාධිපතිවරයාට මේ  මොහොතේම පවතී.  රජයට ඉතා හිතවත් සංජීව ජයවර්ධනට වුව ද, ඉවත් කිරීම දුෂ්කර නැත.'' 


සැබවින්ම, අප ඊයේ පැවැත්වූ සාකච්ඡාවේ සම්පූර්ණ අන්තර්ගතය දන්නේ නැත. නමුත්, ජනමාධ්‍ය මගින් ප්‍රචාරය වූ කරනු අනුව නම්, ‘‘මහ බැංකුවේ කළමණාකරණයට, මෙහෙයුමට සහ පරිපාලනයට සම්බන්ධ සියලු ම ප්‍රතිපත්ති තීරණ ගැනීම සඳහා වගකිව යුතු මුදල් මණ්ඩලය‘‘  පසෙක තබා මහ බැංකු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට චෝදනා කිරීම යහපත් නැතැ යි‘‘ කීර්ති තෙන්නකෝන් නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්