තමන් වෙත බරපතල ජිවිත තර්ජනයක් එල්ල වී ඇති බැවින් සිය රටට යනතෙක් ආරක්ෂාව ලබා දෙන මෙන්,

norwaynews.com වෙබ් අඩවියේ ප්‍රධාන කර්තෘ නඩරාජා සේතුපරන්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගෙන් ඉල්ලීමක් කර තිබේ.

පසුගියදා කටුනායක ගුවන් තොටුපලේදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් ප්‍රශ්න කරන ලද නඩරාජා සේතුපරන්, ශ්‍රි ලාංකික සම්භවයක් ඇති නොර්වේ පුරවැසියෙකි.

තමාට එරෙහිව මාධ්‍ය ඔස්සේ සිදුකෙරෙන මුළුමනින්ම පදනම් විරහිත චෝදනා තේරුම් ගත නොහැකි බව ඔහු ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති ලිපියේ සඳහන් වේ.

මෙම ලිපියේ පිටපත් පොලිස්ප්තිට, නොර්වේ හා ශ්‍රී ලංකා අගමැතිට හා මානව හිමිකම් කොමිසමටද යොමු කර ඇත.

මොහු එල්.ටී.ටී ඊ. නායකයෙක් බවද ඒ නිසා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන බවද ආණ්ඩුවට පක්ෂපාත ජාතික පුවත්පත් ප්‍රකාශ කරයි.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී සේතුපරන් කියා සිටියේ, තමා අත්අඩංගුවේ නොමැති බවත්, මාධ්‍යවල පලවී ඇති චෝදනා සියල්ල අසත්‍ය බවත්ය.  කෙසේවුවද මාධ්‍ය ඔස්සේ පළකර ඇති ප්‍රබන්ද තමා අත්අඩංගුවට ගැනීමේ පරිසරය සකස් කිරීමක් විය හැකි බවට ඔහු බිය පළකළේය.

ඔහු විසින් ජුනි 21දා ජනාධිපතිවරයාට යවන ලද ලිපියේ සිංහල පරිවර්තන පහත දැක්වේ

 

ජීවිත තර්ජන නිසා රජයේ  ආරක්ෂාව පැතීම:

මම නෝර්වේජියානු පුරවැසියෙකු සහ www.norwaynews.com වෙබ් අඩවියේ ප්‍රධාන කර්තෘ වන නඩරාජා සේතුපරන්ය. මම නැවත නෝර්වේ වෙත යන තෙක් මගේ ජීවිතය ආරක්ෂා කර ගැනීම  ඔබගේ හදිසි අවධානය යොමු කිරීම සඳහා මෙම  ලිපිය ඔබ වෙත ඉදිරිපත් කරමි.

මම මීට වසර විස්සකට පෙර නෝර්වේ වෙත සංක්‍රමණය වූ ශ්‍රී ලාංකිකයෙක් වෙමි.  (නෝර්වීජියානු විදේශ ගමන් බලපත්‍රය අංක 33174618). ශ්‍රී ලංකාවේ මගේ දෙමව්පියන්ගේ ලිපිනය - තුන්නලෙයි උතුර, කරවෙඩි, යාපනය. ඔස්ලෝහි මගේ ලිපිනය වෙස්ට්‍රේ හියුගන් 04, 1054 ඔස්ලෝ, නෝර්වේ. (WhatsApp සම්බන්ධතා අංකය - 0094770852530), විද්‍යුත් ලිපිනය - This email address is being protected from spambots. You need JavaScript enabled to view it..

වැඩිවියට පත් මගේ දියණියගේ සාදය  පැවැත්වීමට  2019 දී   මම  මගේ පවුලේ අය සහ යුරෝපයේ සමීප නෑදැයන්  සමඟ ශ්‍රී ලංකාවට පැමිණියෙමු. අවාසනාවකට මෙන් මාව නෙල්ලියඩි පොලිස් ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගත් නිසා යෝජිත සාදය අවලංගු කිරීමට සිදුවිය.

මගේ පවුලේ සාමාජිකයින්ට මා හැර දමා ආපසු යාමට සිදු වූ අතර එය අපගේ මුළු පවුලටම කම්පන සහගත තත්වයක් විය. එය මුළුමනින්ම ගොතන ලද පැමිණිල්ලක් බැවින් මාව නිදහස් කරන ලදී.

 

තවත් නඩුවක්...

නැවතත් මට පොලීසිය විසින් තවත් නඩුවක් සඳහා අවශ්‍ය වූ අතර ඒ සඳහා මට අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් ලබා දෙන ලදී. මෙයද ගොතන ලද නඩුවක් වන අතර ජීවිතයට ඇති තර්ජනය හේතුවෙන් මට සැඟවී සිටීමට සිදුවිය.

නෝර්වීජියානු පුරවැසිභාවය සහිත පිළිගත් මාධ්‍යවේදියෙකු ලෙස මම නීති උපදෙස් ලබාගෙන අභියාචනාධිකරණයේ නඩුවක් ගොනු කළෙමි.

අභියාචනාධිකරණය මහේස්ත්‍රාත් අධිකරණ තීන්දුව අවලංගු කර කොළඹ ආගමන හා විගමන කාර්යාලයෙන් මගේ විදේශ ගමන් බලපත්‍රය ලබාගෙන ඔස්ලෝ වෙත ආපසු යාමට මට අවසර දුන්නේ මගේ විදේශ ගමන් බලපත්‍රය ආගමන විගමන වීසා බලපත්‍රයක් ලබා ගැනීම සඳහා භාර දී  සිටි හෙයිනි.

මම නැවත නෝර්වේ වෙත ගිය නමුත් පැහැදිලිවම ගොතන ලද සිද්ධීන් නොතකා,  උසාවියේ කටයුතු අවසන් කිරීම සඳහා නැවත  ශ්‍රී ලංකාවට පැමිණියෙමි. කෝවිඩ් - 19 වසංගතය හේතුවෙන් මට ශ්‍රී ලංකාවේ   සිටීමට තිබූ අතර නැවත නෝර්වේ බලා යාමට නොහැකි විය.

 

ජීවිතයට තර්ජනයක් !

මෙම පැමිණිලිවල ස්වභාවය නිසා, මගේ ජීවිතයට තර්ජනයක් ඇති බව මට පැහැදිලි විය,  එමඟින් මගේ ගමන් විධිවිධාන අවසන් වන තෙක් රහසේ එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට යාමට මට සිදුවිය.

මෙම කාල පරිච්ඡේදය  තුළදී, අනපේක්ෂිත ලෙස කන්කසන්තුරේදී පරීක්ෂණයක් සඳහා මාව කැඳවනු ලැබූ අතර, මම පොලිසියට ගොස් ප්‍රකාශයක් ලබා දුනිමි. නාඳුනන පාර්ශවයන්ගෙන් දිගින් දිගටම එල්ලවූ  මේ සියලු හිරිහැර කිරීම් නිසා මට අවශ්‍ය වූයේ හැකි ඉක්මනින් නෝර්වේ කරා ගොස්  මගේ වැඩ ආරම්භ කිරීමට ය.

2020 ජුනි 21 වනදා පාන්දරින් පිටත් වන ගුවන් යානයේ ආසනයක් වෙන් කරවා ගැනීමට මට හැකි වූ අතර, අධිකරණ නියෝගයක් උපුටා දක්වමින් කටුනායක ගුවන් තොටුපොල ආගමන විගමන අංශය විසින් මාව රඳවා තබන ලදී.

මට රටෙන් පිටවීම වලක්වා ත්‍රස්ත විමර්ශන  කොට්ඨාසය (TID) විසින් ප්‍රශ්න කරන ලදී. පරීක්ෂණයක් සඳහා ටීඅයිඩී යාපනයේ ප්‍රධාන කාර්යාල පොලිසියට පැමිණෙන ලෙස මට දැන් උපදෙස් දී ඇත.

මම ශ්‍රී ලංකාවේ හෝ වෙනත් තැනක කිසිදු අපරාධයක් කර නොමැති අතර, මා  පැහැදිලිව නොහදුනන කොටස් විසින් ඉලක්ක කර ඇති ආකාරය දැක මම කම්පාවට පත් වෙමි.  මෙම පැමිණිලි නිසා මටත් මගේ පවුලේ අයටත් දැඩි කම්පනයක් ඇති වී ඇති අතර නීතිමය ගාස්තු වශයෙන් මට විශාල මුදලක් වැය විය.

 

මම ස්වාධීන මාධ්‍යවේදියෙක්...

ත්‍රස්තවාදී හා පාතාලයේ සාමාජිකයන් මා ඉලක්ක කරගෙන ඇති බව මට හැගේ. මම ස්වාධීන මාධ්‍යවේදියෙක් වන අතර දැන් මම තේරුම්ගත නොහැකි  ප්‍රහාරයකට දැඩි ලෙස ගොදුරු වෙමින් තිබෙන බව පැහැදිලිය.

මගේ පසුබිම පරීක්ෂා කරන ලෙස මම බලධාරීන්ගෙන් ඉල්ලා සිටින අතර, වහාම පහත සඳහන් කරුණු සොයා බලන ලෙස ඉල්ලා සිටිමි.

1)  ශ්‍රී  ලංකාවේ මම රැඳී සිටින කාලය තුලදී මට අවශ්‍ය  ආරක්ෂාව සැපයීම.

2)  මෙම තත්වය හේතුවෙන් මගේ උපන් ගම වන උතුරට යාමට බියක් ඇති බැවින් ඕනෑම පරීක්ෂණයක් කොළඹ TID කාර්යාලයේ සිදුකිරීම.

3)  මෙම පොලිස් පරීක්ෂණ වේගවත් කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කිරීම. මේ මගින්  මට  ආරක්ෂිතව ආපසු ගෙදර යාමට හැකිවනු ඇත

4)  මේ සමගම විශේෂ සිද්ධි අධ්‍යයනයක් ලෙස මට එරෙහි පැමිණිලිවල ස්වභාවය පිළිබඳව විශේෂ  පරීක්ෂණයක් පැවැත්වීම මගින් මෙවැනි සාවද්‍ය තත්ව වලින් අහිංසක අය ආරක්ෂා කර ගැනීමට හැකිවනු ඇත.

මට හැකි ඉක්මනින් මගේ පවුල වෙත ආපසු යා යුතු අතර මෙය මගේ පවුලේ අයට සහ දරුවන්ට මෙන්ම උතුරේ වෙසෙන මගේ දෙමව්පියන්ට ද සැනසිලිදායක සහගත තත්ත්වයන් ඇති කරනු ඇත.

මම නෝර්වීජියානු පුරවැසියෙකු බැවින් නෝර්වේ අගමැතිවරයා ඇතුළු නෝර්වීජියානු බලධාරීන්ට මෙය පිටපත් කරමි. ඒ සමගම ශ්‍රී ලංකා අගමැති ගරු මහින්ද  රාජපක්ෂ  මහතා, පොලිස්පති  ඇතුලු අදාල අයට පිටපත් කරමි

මගේ ජීවිතය ආරක්ෂා කර ගැනීමටත්, මගේ පවුල සමඟ එක්වීමට රට හැර යාමට මටත් ඉඩ දෙනු ඇතැයි මම අවංකවම බලාපොරොත්තු වෙමි

කාරුණිකව ඔබට සුබ පතමි.

එන් සේතුරපන් ප්‍රධාන කර්තෘ www.norwaynews.com

සබැඳි පුවත් :

ශ්‍රී ලාංකීය සම්භවයක් ඇති නෝර්වීජියානු මාධ්‍යවේදියෙක් ත්‍රස්ත විමර්ශනය බාරයට 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්