ආණ්ඩුව මෙම මැතිවරණය සමයේදී, ඊනියා ජනාධිපති විමර්ශන කොමිෂන් සභා ක්‍රියාමාර්ග හරහා  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට (පොහොට්ටුව) වාසිදායක දේශපාලන පරිසරයක් සකස්කර ගැනීම සඳහා

විපක්ෂයට එරෙහි 'වොයිස් කට්' මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇතැයි 'සමගි ජන බලවේගය' විසින් අද (ජුනි 25) මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණිලි කර ඇත.  

'සමගි ජන බලවේගය' වෙනුවෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා හමුවේ ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වුයේ නීතිඥ සුජීව සේනසිංහ හා නීතිඥ ශ්‍රිරාල් ලක්තිලක විසිනි. 

ජනාධිතිවරණ විමර්ශන කොමිෂන් සභා දෙකක් සදහා ජාතික ජනමාධ්‍ය ආයතන හා ආණ්ඩුවට හිතවත් මාධ්‍ය ආයතන මේ වන විට පුළුල් ප්‍රචාරය ලබා දෙමින් ඇති බවත්, ජනාධිපති කොමිසන් සභා වෙත පැමිණෙන චූදිතයින්, දේශපානලඥයින්, ආධාරකරුවන්, නරඹන්නන් විසින් අදාළ පරිශ්‍රයේ සිට 'වොයිස් කට්' මාධ්‍ය මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් සිටින බවත් නීතිඥ සජීව සේනසිංහ, මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට පෙන්වා දී ඇත.

සමගි ජනබලවේගයේ අපේක්ෂකයින්, ප්‍රතිපත්ති ඉලක්ක කරමින් මෙම ඊනියා වොයිස් කට් මෙහෙයුම සිදුවන බවත්, 
කොමිෂන් සභාවේ කටයුතු වලට කිසිදු සම්බන්ධයක් නොමැති කරුණු මෙහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ කොටසක් ලෙසින් තිර පිටපතට නගා ඇති බවත් සුජීව සේනසිංහ මෙහිදී සඳහන් කර තිබේ.

මැතිවරණ සමයේ දී ගංගාවලින් නයි මතුවීම, කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ ‘කටුවෙන් අනින නංගිගේ කථාව‘ ට නොදෙවැනි ජනමාධ්‍ය රංගනයක් ලෙස ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වොයිස් කට් නාටකය දිගැදෙමින් ඇත. 
මැතිවරණ කොමිසම සමගිජනබලවේගයට ප්‍රමුඛ විපක්ෂයේ අනෙකු සියළු පක්ෂවලට බැනරයක් ප්‍රදර්ශනය කර ගන නොහැකි පරිසරයක් ගොඩ නගා ඇත.  රාජ්‍ය සේවකයින්ට ෆේස් බුක් අදහස් දැක්වීම වැලැක්වීම සදහා විනය පරීක්ෂණ භීතියක් මතුපිටට ගෙන ඇත. 


එලෙස විපක්ෂයේ කණ්ඩායමක ගේ කකුල් කඩා සමබිමක තරඟයක් ලෙස මහා මැතිවරණයක් පැවැත්විය නොහැකි බව මෙහිදී අවධාරණය කර ඇති නීතිඥ ශිරාල් ලක්තිලක, නමුත්, රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය, ගුවන්විදුලි සංස්ථාව, ලේක් හවුස් හා පුද්ගලික නාලිකා කිහිපයක් ද, සමාජ මාධ්‍ය ද උපයෝගී කර ගනිමින් මේ වන විට සිදු වෙමින් ඇත්තේ ඒ අසම-තරග බිම නිර්මාණය කිරීම යයි පෙන්වා දී ඇත. 

එබැවින්, ජනාධිපති විමර්ශන කොමිෂන් සභා කටයුතු ජනමාධ්‍ය ආවරණයන්ගෙන් ‘සමගිජන බලවේගය විනාශ කිරීමේ වොයිස්කට් නාටකය‘ පාලනය කිරීම සදහා පියවර ගන්නා මෙන් සමගි ජන බලවේගයේ නියෝජිතයින් දෙදෙනා මැතිවරණ කොමිෂමෙන් කාරුණිකව ඉල්ලා ඇත.

මෙම කරුණු දැක්වීමෙන් අනතුරුව මැතිවරණ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිටදී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වූ නීතිඥ ශිරාල් ලක්තිලක පැවසුයේ, තම පක්ෂය ඉදිරිපත්කල කරුණු මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ද පිළිගත් බවයි.

රිෂාඩ් බතියුර්දින්ට මඩ ගසමින් සිංහල අන්තවාදීන් පිනවීම :

'සමගි ජන බලවේගයෙන්' මෙවර මහ මැතිවරණයට ඉදිරිපත්ව සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බතියුර්දින් සම්බන්ධයෙන් ආණ්ඩුව අනුගමනය කරන ද්වේශ සහගත 'වොයිස්කට්'  මෙහෙයුම මැතිවරණය ඉලක්ක කර ගනිමින් සිදුකරන්නක් බව ද ශිරාල් ලක්තිලක පැවසිය.

2017 දී වරෙන්තු ලැබ සිටි සහරාන් හෂීම්ට ඉන්දියාවට පලායාමට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදින්ගේ සොහොයුරු රිෆ්කාන් බදියුදින් උපකාර කළ බවට හිටපු බුද්ධි අධ්‍යක්ෂකවරයෙකු ජනාධිපති කොමිසමේදී කළ ප්‍රකාශ කර ඇතැයි ආණ්ඩුවට පක්ෂපාති මාධ්‍ය ප්‍රධාන ප්‍රවෘත්තියක් ලෙසින් පසුගිය දින කිහිපයෙහි වාර්තාකර තිබු අතර එම පුවත් මුළුමනින්ම අසත්‍යක් බව රිෂාඩ්ගේ සොහොයුරු රිෆ්කාන් බදියුදින් විසින් ජනාධිපති කොමිසමට ලිඛිතව දැනුම් දී තිබුණි.

එම ලිපියේ රිෆ්කාන් සඳහන් කර තිබුනේ දෙරණ අරුණ හරහා විකාශය වු ප්‍රවෘත්තිය අසත්‍ය වන බවත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින තම සහෝදර රියාජ් හෝ තමා කිසිදු දිනක සහරාන් හෂීම් මුණගැසි නොමැති බවය.

එම ලිපියට අනුව හිටපු බුද්ධි අධ්‍යක්ෂකරවයාගෙන් ඊයේ දින ජනාධිපති කොමිසම විමසීමක් කළේය. එහිදි හිටපු බුද්ධි අධ්‍යක්ෂවරයා, සිය සාක්ෂිය තහවුරු කරමින් සඳහන් කළේ සහරාන්ට ඉන්දියාවට පලා යාමට උපකාර කළ බවට තමන් වෙත ලද බුද්ධි තොරතුරේ පැහැදිලි ලෙස රිෆ්කාන් බදියුදින්ගේ නම සටහන් ව තිබූ බවය. 

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නීතිඥ ශිරාල් ලක්තිලක පැවසුයේ, අපරාධ නඩු විභාග සංග්‍රහයට අනුව අදාල බුද්ධි අංශ නිලධාරියා මහේස්ත්‍රාත්වරයකු ඉදිරියේ කරුණු වාර්තා කිරීමකින් තොරව එකවරම කොමිසම් හමුවේ මෙසේ කරුණු දැක්වීම කිසිඳු ලෙසකින් පිළිගත නොහැකි කාරණයක් බවයි.

ජනාධිපති කොමිසම හමුවේ මෙසේ ලබාදෙන සාක්ෂි, හරස් ප්‍රශ්න කිරීමකින් තොරව නීතිය ඉදිරියේ පිළිගැනීමකට ලක්නොවන බව පැවසු ශිරාල් ලක්තිලක, එවැනි සාක්ෂිවල වැදගත්කම සලකා බලා නඩු පැවරිය යුතුද නැද්ද තීන්දු කරන්නේ නීතිපති දෙපාර්තමේන්තු විසින් බව අවධාරණය කර සිටියේය.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්