සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සහ එම පක්ෂයේ මැතිවරණ ප්‍රචාරක ප්‍රධානී හරීන් ප්‍රනාන්දු අද (ජුනි 27) අගරදගුරු

අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් වහන්සේ බැහැ දකිනු ලැබීය.

කොළඹ අගරදගුරුතුමන්ගේ නිල නිවසේ දී ඒ හමුව සිදුවූ අතර එහිදී සුහද කතාබහක බහක යෙදින අතර කාදිනල්තුමන් තුමන් ඔවුන් දෙදෙනාටම ආශිර්වාද කළහ.

හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පසුගියදා රංජිත් කාදිනල් හිමිපාණන්ව දැඩිලෙස විවේචනයට ලක්කර තිබිණ.  ඒ, අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් පසුගිය ජනාධිපතිවරණයේදී පක්ෂග්‍රාහීව කටයුතු කළ බවට චෝදනා කරමිනි.

කෙසේවුවද අද දිනයේ හරීන් ප්‍රනාන්දුව කාදිනල් හිමියන් හමුවට රැගෙන ගිය සජිත් ප්‍රේමදාස අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ, අගරදගුරුතුමන් විසින් ගෙන යන උතුම් කටයුතු උදෙසා සිය සහයෝගය මෙන්ම ගෞරවය ද පිරිනමන බවයි.

සබැඳි පුවත් :

හරීන් ප්‍රනාන්දු ගෙන් බරපතල FB සටහනක් : 'කපටියා' කව්ද?

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්