මහ මැතිවරණයට අදාළ ඡන්ද පත්‍රීකා මුද්‍රණය කිරීම සඳහා අවශ්‍ය වන්නේ මුද්‍රණ සේවකයින් 300කට ආසන්න ප්‍රමාණයක් වුවද

මේවනවිට දිනපතා 1000ක් ඉක්මවූ කාර්ය මණ්ඩලයක් රජයේ මුද්‍රණාලයේ සේවයට වාර්තා කරන බව එම ආයතනයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

රහස්‍ය මුද්‍රණ කාර්යයේ නිරත නොවන මෙම අමතර පිරිස අතරින් ඇතැමුන් කොරෝනා වෛරස් ආසාදනය වැලැක්වීමට සෞඛ්‍ය අංශ විසින් නිර්දේශ කර ඇති ආරක්‍ෂිත ක්‍රම අනුගමනය නොකරන බැවින්, මාරනිතක කොරෝනා වෛරසය රජයේ මුද්‍රණාලය තුල පැතිරයාමේ අවධානමක් පවතින බව එම ආයතනයේ වෘත්තීය සමිති ක්‍රියාකාරිකයකු පැවසිය.

ලංකාවේ සිව් දෙසින්ම පාහේ කාර්ය මණ්ඩල සේවකයින් රජයේ මුද්‍රණාලයට පැමිණෙන බැවින් කොරෝනා වෛරසයේ පැතිර යාමක් සිදුවුවහොත් ඡන්ද පත්‍රීකා මුද්‍රණයට දැඩි බලපෑමක් එල්ලවිය හැකි බවත් ඔහු සඳහන් කළේය.

මේවනවිට මුළු ඡන්ද පත්‍රීකා ප්‍රමාණයෙන් සියයට 60ක් මුද්‍රණය කොට අදාල දිස්ත්‍රීක්ක වලට බාර දී ඇති අතර තව දින 05කින් පමණ සියලුම ඡන්ද පත්‍රීකා මුද්‍රණය කොට බෙදා හැරිමට රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ බලධාරීන් කටයුතු යොදා තිබේ.

එහෙත් යම් හෙයකින් හෝ ආසාදිතයකු හෝ ආශ්‍රිතයකු රජයේ මුද්‍රණාලය තුලින් වාර්තා වුවහොත් දින 14කට මුද්‍රණාලය වසා දැමීමට සිදුවනු ඇත.

එවැනි තත්වයක් මතුවුවහොත් නියමිත දිනට ඡන්ද පත්‍රීකා මුද්‍රණය කර බෙදා හැරීමට නොහැකි තත්වයක් මතුවී  2020 මහ මැතිවරණයට නියමිත දිනට පැවැත්වීමට බාධාවක් විය හැකි බවට එම දෙපාර්තමේන්තුවේ පළපුරුදු මුද්‍රණ සේවකයින් බිය පළකරති.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්