සාවද්‍ය PCR පරීක්ෂණ වාර්තා මඟින් කෝවිඩ් 19 වසංගත රෝග පාලනය අනවශ්‍ය ව්‍යකූල තත්වයකට පත්ව ඇතැයි වෛද්‍ය රසායානාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය

(College of Medical Laboratory Science -CMLS -SL) අනතුරු අඟවා සිටියි.

එම සංගමයේ සභාපති, රවී කුමුදේශ් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යොමු කර ඇති ලිපියක එබව සඳහන් වේ. 

මේ පිළිබඳව අවස්ථා ගණනාවකදීම දීර්ඝ වශයෙන් කරුණු පෙන්වා දී ඇති නමුත්, එය හුදෙක් වැරදි පෙන්වා දීමක් ලෙස අර්ථකථනය කිරීමට උත්සහ ගත් අවස්ථාවන්ද සුලභ වූ බව CMLS -SL කියා සිටියි. 

සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරීක්ෂණ ධාරිතාවය හා හැකියාව නොසලකා හරිමින් සෞඛ්‍ය අමාත්‍යාංශයට පිටතින් පවතින පර්යේෂණ රසායනාගාර වෙත අනවශ්‍ය වගකීමක් පැවරීම මඟින් මෙම තත්වය ඇති වන බව නිරීක්ෂණය කර ඇති 'CMLS -SL' සංගමය, “පර්යේෂණ (Research) රසායනාගාරයක හා රෝගීන් හඳුනාගැනීමේ (Diagnostic) රසායනාගාරයක මූලික වෙනස්කම්” පිළිබඳව 2020 ජුනි 08 දින ද ජනාධිපතිවරයා දැනුවත් කිරීමට කටයුතු කර ඇත. 

ජින්තුපිටියේ ආසාදිතයා !

කෙසේ නමුත් 2020 ජුලි 02 දින පස්වරුවේ නිකුත් කල රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්ගේ නිවේදන අනූව කොළඹ 13, ජින්තුපිටිය ප්‍රදේශයේ පදිංචි නිවාස නිරෝධායනයකට යටත් කර ඇති ඉන්දියාවේ සිට පැමිණි මුහුදු ආරක්ෂකයාගේ PCR පරීක්ෂණ ප්‍රතිඵල අනූව ඔහු ආසාදිතයෙකු බවට තහවුරු කරන ලද වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින රසායනාගාරයකින් නිකුත් කරන ලද වාර්තාවක් නොවන බව CMLS -SL පවසයි.

ජින්තුපිටිය ප්‍රදේශයේ අයකු ආසාදිතයෙකු බවට තහවුරු කරන ලද PCR පරීක්ෂණ වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින රසායනාගාරයකින් නිකුත් කරන ලද වාර්තාවක් නොවන බව CMLS -SL පවසයි.

තවද, 2020 ජුලි 05 දින පස්වරුවේ නිකුත් කල නිවේදන අනූව සෞඛ්‍ය අමාත්‍යාංශයට අදාල රෝහල් රසායනාගාරයක දී සිදු කරන ලද PCR පරීක්ෂණ ප්‍රතිඵල 5ක් මත එම රෝගියා කෝවිඩ් 19 ආසාදිතයෙකු නොවන බව තහවුරු වී ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ කිසියම් නිළධාරීන් පිරිසකගේ උවමනාව මත:

මේ අනූව සෞඛ්‍ය අමාත්‍යාංශයට පිටතින් පවතින පර්යේෂණ රසායනාගාර වලට සහ පෞද්ගලික රසායනාගාර වලට මෙම PCR පරීක්ෂණ යොමු කිරීම මඟින් ඇතිවන මෙම ව්‍යාකූල තත්වය වැලැක්වීම සඳහා නිවැරදි විමර්ෂණයක් කරන ලෙස හෝ අදාල වැරදි යැයි අනුමාන කල හැකි වාර්තා නිකුත් කරනු ලබන රසායනාගාර වෙත නිදර්ශක යොමු කිරීම තාවකාලිකව හෝ අත්හිටුවන ලෙස තම සංගමය දිගින් දිගටම ඉල්ලීම් කරන ලද නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ කිසියම් නිළධාරීන් පිරිසකගේ උවමනාව මත මෙතෙක් එම නිවැරදි කිරීම සිදුවී නොමැති බව CMLS -SL පවසයි.

එසේම මෙතෙක් සෞඛ්‍ය අමාත්‍යාංශයෙහි කෝවිඩ් 19 පරීක්ෂණ සිදු කරන කිසිඳු රසායනාගාරයක් සිය උපරිම ධාරිතාවයේ සමීපයටවත් පැමිණ නොතිබියදී, වෙනත් රසායනාගාර වෙත නිදර්ශක යොමු කරමින් අනවශ්‍ය ව්‍යාකූල තත්වයක් ඇති කර ගැනීමේ හේතුවක් තවදුරටත් පැහැදිලි නැතැයි CMLS -SL කියා සිටියි.

මෙතෙක් සෞඛ්‍ය අමාත්‍යාංශයෙහි කෝවිඩ් 19 පරීක්ෂණ සිදු කරන කිසිඳු රසායනාගාරයක් සිය උපරිම ධාරිතාවයේ සමීපයටවත් පැමිණ නොතිබියදී, වෙනත් රසායනාගාර වෙත නිදර්ශක යොමු කරමින් අනවශ්‍ය ව්‍යාකූල තත්වයක් ඇති කර ගැනීමේ හේතුවක් තවදුරටත් පැහැදිලි නැතැයි CMLS -SL කියා සිටියි.

RUO Kits භාවිතා කිරීම !

මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් රසායනාගාර සඳහාඳ පර්යේෂණ රසායනාගාර වල පමණක් පරිහරණය කිරීමට නිර්දේශිත උපකරණ හා ප්‍රතික්‍රීයක (RUO Kits) භාවිතා කිරීම ආරම්භ කර ඇත.

එමඟින් ඉදිරියේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාර්තා පිළිබඳවද ගැටළු සහගත තත්වයක් මතු විය හැකි බැවින් ඒ පිළිබඳව නිවැරදි විමර්ශනයක් හා සංගණනයක් සිදු කරන ලෙසත් සෞඛ්‍ය අමාත්‍යාංශයට අදාල උපකරණ ඇණවුම් කිරීමේ තාක්ෂණික ඇගයුම් කමිටු සඳහා නිර්දේශිත වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයන්ගේ සහභාගීත්වය ඇතුළු සියළු පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වය තහවුරු කරන ලෙසද CMLS -SL  සංගමය ජනාධිපතිවරයා ගෙන් ඉල්ලා සිටියි.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්