ප්‍රචාරය හා පුද්ගල ප්‍රතිරූප ප්‍රවර්ධනය මහ ඉහළින් කරගෙන යන නමුත් පශ්චාත් කොවිඞ් අභියෝග පරාජයකර මෙරට ආර්ථිකය නගා සිටුවීම

අරමුණෙන් දර්ශනයක් සහිත වැඩපිලිවෙලක් ඉදිරිපත් කිරීමට මහ මැතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් හෝ දේශපාලන පක්ෂ අසමත්වීම අවාසනාවක් බව 'පාත්ෆයින්ඩර් පදනමේ' නිර්මාතෘ හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ කියා සිටියි.

ඔහු එබව සඳහන් කර ඇත්තේ, විශේෂ නිවේදනයක් නිකුත් කරමිනි.

බිල් ක්ලින්ටන් ජනාධිපතිවරණයට තරග කරන අවස්ථාවේ දී ඔහු ගේ දේශපාලන උපාය සකස්කළ ජේම්ස් කාවිල්, ආර්ථික වැඩපිලිවෙල හැර අනෙක්ක කිසිම දෙයක් ගැන අවධානය යොමු කිරීම පලක් නැති බව දක්වන ලද අතර එම අදහස අදටත් වලංගු බව මොරගොඩ එම නිවේදනය මගින් අවධාරණය කර තිබේ.

සීමිත සම්පත් ප්‍රමාණයක් සහිත කුඩා වෙළද පොලක් වන ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරයෙන් හුදෙකලාවී පැවැතිය නොහැකි බව පවසන 'පාත්ෆයින්ඩර් පදනමේ' නිර්මාතෘවරයා,  ''ශ්‍රී ලංකාවට තනි ගමනක් නැත. පක්ෂ දේශපාලනඥයන් මැතිවරණ වේදිකාවේ දී පලක් නැති වැඩපිලිවෙල ගැන කරුණු දක්වන අතර ආර්ථිකය ගැන අවබෝධයක් හා හැගීමක් රහිතව රට හුදෙකලා කරන යෝජනා ඉදිරිපත් කරමින් සිටින බව'' සිය නිවේදනය මගින් පෙන්වා දෙයි.

''ලෝකයේ සෑම රටක්ම මෙම සියවසේ විශාලම ආර්ථික අර්බුදය අභිමුවෙහි සිටින බව අමතක කළ යුතු නැහැ. කොවිඞ්-19 වසංගතය පාලනය කරගැනීමට ජනාධිපතිවරයා සාර්ථකව නායකත්වය දී තියනවා.''

''ලෝකයේ සෑම රටක්ම මෙම සියවසේ විශාලම ආර්ථික අර්බුදය අභිමුවෙහි සිටින බව අමතක කළ යුතු නැත. කොවිඞ්-19 වසංගතය පාලනය කරගැනීමට ජනාධිපතිවරයා සාර්ථකව නායකත්වය දී තිබේ'' යයි පවසන මිලින්ද මොරගොඩ, නිශ්චිත ප්‍රතිකාර සොයා ගන්නා තෙක් අවදානම තුරන් නොවන අතර රට විවෘත වන සෑම අවස්ථාවකම තත්ත්වය වෙනස් විය හැකි බව ද කියා සිටියි.

වසංගතය පාලනය කරගත හැකි තත්ත්වයක් තුළ දෙවැනි රැල්ලකට ඉඩ නොතබා, ආර්ථිකය ප්‍රතිව්‍යුහගත කර ලෝකයේ අනෙක් රටවලට ඉදිරියෙන් සිටිය හැකි තැනට පත් කිරීම විශාල අභියෝගයක් බව දක්වන මිලින්ද මොරගොඩ, අපේක්ෂකයන් හා ප්‍රධාන දේශපාලන පක්ෂ රට ඉදිරියට ගෙන යන ආර්ථික සැලැස්ම ජනතාව හමුවේ තැබිය යුතු බව ද කියා සිටී.

''රට ඉදිරියට ගෙන යන ආර්ථික සැලැස්ම සෑම දේශපාලන පක්ෂයක් ම ජනතාව හමුවේ තැබිය යුතුයි'' -මිලින්ද මොරගොඩ

පක්ෂ ඉදිරිපත් කරන සාර්ථක වැඩ පිලිවෙල අනුව ජනතාව ඡන්දය පාවිච්චි කරනු ඇති අතර එය පවතින අනතුරුදායක ආර්ථික ව්‍යුහය සාර්ථකව යහපත් පැත්තට හරවන්නට හේතුවනු ඇති බව ද හෙතෙම එම නිවේදනය මගින් පෙන්වා දී තිබේ.

(lankaepress)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්