leader s

මහ මැතිවරණයේ මනාප වෙනුවෙන් 'පොහොට්ටු' පක්ෂයේ අපේක්ෂකයින් අතර මේවනවිට මාරාන්තික සටනක් හටගෙන ඇති අතර එහි ආසන්නම සිද්ධිය වාර්තා වන්නේ අද (ජුලි 16) මහනුවර දිස්ත්‍රීක්කයෙනි.

එම ආරංචි මාර්ග වලට අනුව, හිටපු මන්ත්‍රී දිලුම් අමුණුගමගේ ගේ ආධාරකරුවන් පිරිසක් 'පොහොට්ටු' පක්ෂයේම ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයකුට හා එම පක්ෂයේ ආධාරකරුවන් පිරිසකට අද පස්වරුවේදී පහර දී ප්‍රදේශවාසීන් බිය ගන්වමින් වෙඩි තැබීමක් ද සිදුකර තිබේ.

මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ උඩුනුවර ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන් විජේසේකර හා ඔහුගේ ආධාරකරුවන් පිරිසකි.Saman Weerasekara1

ඔවුන් පිරිස විසින් දිනුම් අමුණුගම හිටපු මන්ත්‍රීවරයා පිළිගැනීම සඳහා සඟබෝගම ප්‍රදේශයේ හි රැස්වීමක් සංවිධානය කර තිබී ඇත. එසේම, එම ගමේ විහාරස්ථානයේ හිමිනමක් විසින් ද දිනුම් අමුණුගමව පිළිගැනීම සඳහා වෙනම රැස්වීමක් කැඳවා තිබේ. ගැටුම හටගෙන ඇත්තේ එම දෙපිරිස සමගය. 

මෙසේ ප්‍රදේශයේ 'පොහොට්ටු' මන්ත්‍රීවරයා නොසලකා හරිමින් වෙනම රැස්වීමක් කැඳවා ඇත්තේ බෝපිටියේ ධම්මවංශ හිමියන් විසිනි. ප්‍රබල එක්සත් ජාතික පක්ෂිකයකුව සිටි උන්වහන්සේ 'පොහොට්ටුවට' එක්ව ඇත්තේ මෑතක දීය.

බෝපිටියේ ධම්මවංශ හිමියන්ගේ උසිගැන්වීම් මත දිනුම් අමුණුගම ගේ ගෝලයින් කළ පහරදීමෙන් සමන් විජේසේකර මන්ත්‍රීවරයා මෙන්ම ඔහුගේ ආධාරකරුවන් බරපතල තුවාල ලබා ඇත.එහෙත්, පක්ෂයේ ප්‍රබලයින් ගෙන් ලද බලපෑම් හමුවේ ඔහු ඇතුළු පිරිස පොලිසියට කිසිඳු පැමිණිල්ලක් සිදුකර නොමැති අතර රෝහල් ගත නොවී බාහිර සෞඛ්‍ය මධ්‍යස්ථානයකින් ප්‍රතිකාර ලබාගෙන ඇත. 

මෙම ගැටුම හේතුවෙන් නියමිත පරිදි රැස්වීම පැවැත්වීමට නොහැකිව තිබේ.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්