කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ කටයුතු නිසි පරිදි ආරම්භ කිරීමට මෙතෙක් නොහැකිවීම සම්බන්ධයෙන්

එහි වෘත්තීය සමිති ක්‍රියාකාරීන් දැඩි නොසන්සුන්තාවයට පත්ව සිටිති.

තමන්ට පර්යන්තයේ කටයුතු ආරම්භ කිරීම සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට නොහැකිවී ඇත්තේ ඉන්දීය බලපෑම් නිසා බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික ජනරාල් දයා රත්නායක පවසයි. වරාය අධිකාරියේ වෘත්තිය සමිති සමග ජුලි 16දා පැවැති සාකච්ඡාවේදී ඔහු එබව සඳහන් කර තිබේ.

එම නිසා තමන්ට තීන්දුවක් ගැනීමට තව කාලයක් ලබාදෙන ලෙස වරාය සභාපතිවරයා එම වෘත්තිය සමිති වලින් ඉල්ලා ඇතත් ඔවුන් කිසිවකු ඊට එකඟ වී නොමැත.

එහිදී වෘත්තීය සමිති නායකයින් අවධාරණය කර ඇත්තේ, තමන්ට ඉදිරියේදී දැඩි වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදුවන බවයි.

 

අතීත කතාව මෙන්න !

වත්මන් අවුලට හේතුව සම්බන්ධයෙන් අප වෙත කරුණු දැක්වූ වරාය වෘත්තීය සමිති නායකයකු පැවසුයේ, මෙම අර්බුදය මතුවුයේ යහපාලන ආණ්ඩුව සමයේදී බවයි. මේ වනවිට එය බරපතල තත්ත්වයකට උත්සන්න වී ඇතැයි ඔහු සඳහන් කළේය.

එම වෘත්තීය සමිති නායකයා සඳහන් කල පරිදි,  යහපාලන ආණ්ඩු සමයේ වරාය විෂයබාර ඇමතිවරයකුව සිටි මහින්ද සමරසිංහ විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවකට අනුව ජයබහළු පර්යන්තය අදියර 5 ලෙස එම පර්යන්තය මීටර් 120 කින් දික් කිරීමටත් ඒ සඳහා දොඹකර 3 ක් මිලදී ගැනීමටත් අනුමැතිය ලබාගෙන තිබේ.

එහෙත් සාගල රත්නායක අමාත්‍යවරයා වරාය ඇමතිවරයා වීමෙන් පසු එහි සභාපතිවරයා වූ කාවන් රත්නායකගේ උපදෙස් පරිදි මෙම ජයබහළු පර්යන්තය අදියර 5 නැවත විමර්ශනය කරන ලෙස වරාය නිලධාරීන්ට නියෝග කොට තිබේ.

අදියර 5 මීටර් 120 ක පර්යන්තය ඉදිකිරීම සඳහා ඉදිරිපත් කළ මිල ගණන් එම සමාගම සමග නැවත සමාලෝචනය කරන ලෙස දැනුම් දුන් අතර, එම සමාගම විසින් ඉදිරිපත් කරන ලද සමාලෝචන මිල ගණන් පිළිගැනීමට එවකට සභාපතිවරයා විසින් ප්‍රතික්ෂේප කොට තිබේ.

එහෙත් පර්යන්තයේ ඉදිකිරීම් සිදු නොකර දොඹකර 03 මිලදී ගැනීම සඳහා වන ටෙන්ඩරය ඉදිරියට ගෙන යාමට කාවන් රත්නායක නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

 

නව අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය :

Daya rathnayake portවරාය අධිකාරියේ නව සභාපති විශ්‍රාමික ජනරාල් දයා රත්නායක 

නව රජය බලයට පත්වීමෙන් පසු වරාය අමාත්‍යවරයා වූ ජොන්ස්ටන් ප්‍රනාන්දු මේ සම්බන්ධයෙන් සොයා බලද්දී ඉහත කරුණු අනාවරණය වී තිබේ.

ඒ අනුව, වරාය සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මේ සම්බන්ධයෙන් වරායේ ඉහළ නිලධාරීන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව මේ සඳහා ගත හැකි හොඳම විකල්පය ලෙස මෙම දොඹකර 03 නැගෙනහිර පර්යන්තයේ ස්ථාපනය කිරීමට 2020 ජනවාරි මාසයේදී අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලබාගෙන එය කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සඳහා යොමු කිරීමට ද තීරණය කොට තිබේ.

මෙම දොඹකර 03 නැගෙනහිර පර්යන්තයේ ස්ථාපනය කිරීමට 100% ක් නොගැළපුන ද එම යන්ත්‍ර සවි කිරීම සඳහා සුළු වෙනස්කම් සිදු කිරීමෙන් පසු 80% කට වැඩි ප්‍රමාණයකින් පර්යන්තයේ මෙහෙයුම් කටයුතු සිදු කිරීමට අවශ්‍ය පරිදි මෙම දොඹකර සකස් කිරීමට හැකි බැවින් ඒ බව මෙම ටෙන්ඩරය හිමිව තිබූ ZMP සමාගමට දැනුම් දී එම වෙනස්කම් සිදුකොට තිබේ.

මෙම දොඹකර ජූලි මාසයේ වරායට ළඟා වීමට නියමිත බැවින් නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් ආරම්භ කිරීමට අවශ්‍ය Transfer දොඹකර වරාය අධිකාරිය සතු බැවින් එම දොඹකර නැගෙනහිර පර්යන්තය වෙත රැගෙන යාමට වරායේ ඉංජිනේරුවන් විසින් පසුගිය ජුනි මාසයේදී කටයුතු සිදු කරන ලදී.

එහෙත්, නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් ආරම්භ කිරීම සම්බන්ධයෙන් පැන නැගුණු විරෝධතා හමුවේ එම Transfer  දොඹකර නැගෙනහිර පර්යන්තය වෙත රැගෙන යාම අතරමග නතර කර දැමිණි.  

වත්මන් අර්බුදය හටගෙන ඇත්තේ එවැනි වටපිටාවක් තුලය.

 

''වරාය නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දෙන්න යනවා''

වරාය වත්මන් අර්බුදය සම්බන්ධයෙන් අදහස් දක්වන සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි මහගමගේ පවසන්නේ කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට පැවරීමේ උත්සාහය දිගටම ක්‍රියාත්මක වන බවයි.

ඔහු මේ බව පැවසුවේ පසුගිය 17දා  පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ අයිතිය ඉන්දියාවට මෙන්ම ආණ්ඩුවට හිතවත් පෞද්ගලික සමාගම් කිහිපයකටද ලබාදීමේ සූදානමක් පවතින බවට ඔහු එහිදී චෝදනා කළේය.

'මෙම කැබිනට් පත්‍රිකාව මින් කෙරෙන්නේ මෙම පර්යන්තය පෞද්ගලික අංශයට පවරා දීමේ මාර්ගය සකස් කරන එක. දැන් වෙනකොට මේ නැගෙනහිර පර්යන්තයට අදාල කැබිනට් පත්‍රිකාව මගින් 48% ක් ඉන්දියාවට දෙන්න යන්නේ. මේ වෙනකොට ජපාන සමාගම ඉවත් වෙලා ඉන්න නිසා සම්පූර්ණ 48% ම ඉන්දියන් සමාගමට.'

'ඒවගේම ඉතිරි 52% ශ්‍රී ලංකා වරාය අධිකාරියට සහ අනෙකුත් සමාගම්වලට. ඒ අනෙකුත් සමාගම් වශයෙන් හඳුන්වන්නේ ජෝන් කීල්ස් ආයතනයට මින් වැඩි කොටසක් ලබාදීමට.'

'SLJT පර්යන්තයේ 42% කට වැඩි කොටස් ප්‍රමාණයක් ජෝන් කීල්ස් සමාගමට තියෙනවා. එතකොට ඒගොල්ලන්ට වැඩිම වාසි සහගත තත්වයක් ඇති වෙනවා. දැන් ආණ්ඩුවට හිතවත් තවත් සමාගම් කිහිපයකට කොටස් ප්‍රමාණයක් ලබා දෙන්න සූදානම් කරලා තියෙනවා. 

ඒවගේම මේකෙ අන්තිමට ඉතුරු වෙන්නේ 15% ක ‍වගේ කොටස් ප්‍රමාණයක් තමයි, ශ්‍රී ලංකා වරාය අධිකාරියට.''

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්