හුංගම ප්‍රදේශයේ 2019 දෙසැම්බර් 31 දා පැවති සංගීත සංදර්ශනයකදී එවකට හුංගම පොලීසියට අනුයුක්තව රාජකාරී කරනු ලැබූ

උප පොලිස් පරීක්ෂකවරයෙක් (SI) විසින් එම ප්‍රදේශයේ  පුද්ගලයෙකුට පොල්ලකින් පහරදී ඔහුගේ කකුලේ අස්ථි බිඳ දැමීමක් සම්බන්ධයෙන් ගොනුකර තිබු මානව හිමිකම් පෙත්සමකට අදාළ නඩුව  ඉදිරියට ගෙනයාමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (ජුලි 24) අවසර ලබාදුන්නේය.

බැලූ බැල්මට පෙනෙන මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදුව ඇති බව නඩුව විභාග කල ශ්‍රේෂ්ඨාධිකරණයේ අදහසවිය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු, සහ එස්. තුරෙයිරාජා මහත්ම මහත්මීන් ඉදිරියේ අද දින මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී, නඩුවේ පලමු වග උත්තරකරුවන දැනට අගමැති ආරක්ෂක අංශයේ සේවයේ නියුතු උප පොලිස් පරීක්ෂක චතුරංග යන අයට එරෙහිව පහරදීම, නීතියේ නිසි ක්‍රියාදාමය නොතැකීම සහ නීති විරෝධී අත් අඩංගුවට ගැනීම යන චෝදනා යටතේත්, තංගල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයා, තංගල්ල පොලිස් අධිකාරිවරයා සහ පොලිස්පතිවරයාට නීතියේ නිසි ක්‍රියාදාමය ක්‍රියාත්මක නොකිරීම යන චෝදනාව යටතේත්, හුංගම පොලිස්ථානධීපතිවරයාට එරෙහිව නීතිවිරෝධී අත් අඩංගුවට ගැනීම සහ නීතියේ නිසි ක්‍රියාදාමය ක්‍රියාත්මක නොකිරීම යන චෝදනා මත නඩුව ඉදිරියට ගෙනයාමට අවසර දුන්නේය.

පෙත්සම්කාර විජේසේකර ආරච්චිලගේ ශාන්ත යන අයට නීතිඥ දර්ශිකා නයෝමි උඩුගම ගේ උපදෙස් මත නීතිඥ ඔෂිනි රුබේරු සමග නීතිඥ උපුල් කුමරප්පෙරුම පෙනී සිටි අතර පලවන වග උත්තරකරු වෙනුවෙන් නීතිඥ යොහාන් පීරිස්  සමග ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ද සෙසු වග උත්තරකරුවන් වෙනුවෙන් ජ්‍යේෂ්ඨ රජයේ අධිනීතිඥ ගංඟා වාකිෂ්ඨාඅරච්චි  පෙනී සිටියහ.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්