මෙවර මහ මැතිවරණයෙදී 'පොහොට්ටුවට' තුනෙන් දෙකේ බලයක් ලබාගනිමින් ව්‍යවස්ථා සංශෝධනයක් හරහා

 ජනාධිපති විධායක බලය අත්පත් කර ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීන්දු කර ඇතැයි ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින් වාර්තාවේ.

එම ආරංචිමාර්ග වලට අනුව, නගරයක් නගරයක් පාසා යමින් ජනතාව දැනුවත් කිරීමට තීන්දු කර ඇති ජනාධිපතිවරයාට 'පොහොට්ටු' පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂගේ ද උපරිම සහය ලැබී තිබේ.

ශ්‍රී ලංකා - ඇමරිකානු ද්විත්ව පුරවැසියකු වන බැසිල් රාජපක්ෂට මෙවර පාර්ලිමේන්තුවට පත්වීමට හෝ 2025 ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට යහපාලනයෙන් ගෙන ආ ව්‍යවස්ථා සංශෝධනය බාධාවක් වී ඇත. ඒ, එම සංශෝධනය යටතේ ද්විත්ව පුරවැසියකුට පාර්ලිමේන්තු මැතිවරණයකට හෝ ජනාධිපතිවරණයකට ඉදිරිපත්විය නොහැකි වීම නිසාය.

ජනාධිපතිවරයාගේ මෙම උත්සාහයට මහින්ද පාර්ශවයේ නිර්දය ප්‍රහාරයට ලක්ව සිටින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ද උපරිම සහය පලව ඇතැයි වාර්තාවේ. එම පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර ඒ වෙනුවෙන් ප්‍රසිද්ධියේම පෙනී සිටියි.

 

මහින්ද පාර්ශවයේ දායකත්ව ගැන සැකයක් !

ඉහත සඳහන් දේශපාලන ආරංචිමාර්ග වලට අනුව, ජනාධිපතිවයා සිය කණඩායම සමග 'තුනෙන් දෙකක්' ලබා ගැනීමේ සටනට මැතිවරණ සටනේ අවසන් මොහොතේදී මෙසේ අවතිර්නවී ඇත්තේ, තුනෙන් දෙකක් ගෙන ව්‍යවස්ථා සංශෝධනයක් කිරීමට මහින්ද පාර්ශවයේ ඇතැමුන් දක්වන 'ඇල්මැරුණ ස්වභාවය' පිළිබඳව ආරක්ෂක බුද්ධි අංශ මගින් වාර්තා කිරීමත් සමගය.

'පොහොට්ටුවේ' ඇතැම් නායකයින් අනවශ්‍ය ප්‍රකාශ සිදුකරමින් පක්ෂයේ තුනෙන් දෙකක ජයග්‍රහණයට බාධාකරන බව 'පොහොට්ටුවේ' නිර්මාතෘ බැසිල් රාජපක්ෂගේ අදහසයි. පක්ෂයේ මැතිවරණ අපේක්ෂකයින් මේ අවස්ථාවේ වාචාල ප්‍රකාශ සිදු නොකර සිටින්නේ නම්, එය පක්ෂය වෙනුවෙන් කරන ලොකුම සේවය බව ඔහු කියා සිටියේ පෙරේදා ගාල්ලේ පැවති ප්‍රසිද්ධ රැස්වීමක දිය.

'පොහොට්ටුවේ' අභ්‍යන්තර ආරංචිමාර්ග පවසන පරිදි මහින්ද පාර්ශවයේ ඇතැමුන් තුනෙන් දෙකකට එතරම් උනන්දුවක් නොදක්වන්නේ, මෙම මහ මැතිවරණයෙන් ලැබෙන ජනවරමින් පසු වත්මන් ව්‍යවස්ථා සංශෝධනය තුල අගමැතිවරයාට, ජනාධිපතිවරයාටත් වඩා බලතල හිමිවන බවට පවතින විශ්වාසය නිසා ය.

''තුනෙන් දෙකක් ගත්ත ද නොගත්ත ද තමාට ලැබුන ජනවරමට අනුව රට ගොඩනැගීමට ඉදිරි සිව් වසර තුලදී අනවශ්‍ය බාධා කිරීම් නොකරන්නැයි ජනාධිපතිවරයා විසින් පවුලේ සමිතමයකු හරහා මහින්ද පාර්ශවයේ නායකයින්ට දැනුම් දී ඇතැයි ද ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින් වාර්තාවේ.''

කෙසේවෙතත්, තුනෙන් දෙකක් ගත්ත ද නොගත්ත ද තමාට ලැබුන ජනවරමට අනුව රට ගොඩනැගීමට ඉදිරි සිව් වසර තුලදී අනවශ්‍ය බාධා කිරීම් නොකරන්නැයි ජනාධිපතිවරයා විසින් පවුලේ සමිතමයකු හරහා මහින්ද පාර්ශවයේ නායකයින්ට දැනුම් දී ඇතැයි ද ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින් වාර්තාවේ.

2/3ක බලයක් ලැබුණත් නොලැබුණත් ජනාධිපතිවරයා මත්ද්‍රව්‍ය කුඩු සහ පාතාලයට තිත තබනු ඇති බව බැසිල් රාජපක්ෂ සහතික වුයේ ගාල්ලේදී පැවති රැස්වීමේදීය.

 

'තුනෙන් දෙක ඉල්ලුවාට කරන දේ ගැන දන්නෙ නෑ' - වාසුදේව 'අනිද්දා' පුවත්පතට කියයි  

wasuමේ අතර ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර සති අන්ත 'අනිද්දා' පුවත්පතට පවසා ඇත්තේ, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගැන ප්‍රකාශ කරමින් තුනෙන් දෙකක බලය ලබා දෙන ලෙස ආණ්ඩුවේ නායකයන් ඉල්ලා සිටියද ආණ්ඩුව නියෝජනය කරන සන්ධානයේ නායකයන් අතරවත් නව ව්‍යවස්ථාවට ඇතුළත් විය යුත්තේ කුමක්දැයි එකඟතාවයක් නොමැති බවයි .

ආන්ඩුවේ පක්ෂ නායකයන් අතර නව ව්‍යවස්ථාවක් පිළිබඳව කිසිම ආකාරයක සාකච්ඡාවක් සිදු කර නැති බව ඔහු අවධාරණය කර සිටීයි.

ආණ්ඩු සන්ධානයෙන් තීන්දු ගැනීම සඳහා වන ඉහළම ආකෘතිය එම සන්ධානයේ පක්ෂ නායක හමුව බවත්, එහි නායකයින් අතර නව ව්‍යවස්ථාවක් පිළිබඳව විවිධ අදහස් ඇති බවත් ඔහු ' අනිද්දා' පුවත්පතට පවසා තිබේ.

''මහින්ද රාජපක්ෂ, තමා ඇතුළු නායකයන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු යැයි විශ්වාස කරන බවත් උදය ගම්මන්පිල වැනි නායකයන් විධායක ජනාධිපති ක්‍රමය ශක්තිමත් කළ යුතු යැයි විශ්වාස කරන බවත් වාසුදේව නානායක්කාර පවසයි. ''

මහින්ද රාජපක්ෂ, තමා ඇතුළු නායකයන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු යැයි විශ්වාස කරන බවත් උදය ගම්මන්පිල වැනි නායකයන් විධායක ජනාධිපති ක්‍රමය ශක්තිමත් කළ යුතු යැයි විශ්වාස කරන බවත් ඔහු උදාහරණ ලෙස පෙන්වාදී ඇත.

19 වැනි සංශෝධනය වෙනස් කළ යුතු බව බොහෝ නායකයන් ප්‍රකාශ කර නමුත්, ඊට පසුව කළ යුතු කළ යුත්තේ කුමක්දැයි නායකයන් අතර එකිනෙකට පරස්පර අදහස් පවතින බව ද වාසුදේව නානායක්කාර පෙන්වා දී තිබේ.

 කෙසේ වෙතත් 2015 දී බලයට පත්වූ පාර්ලිමේන්තුව පත් කරන ලද ව්‍යවස්ථා සම්පාදක සභාවේ දී එකඟ වූ ව්‍යවස්ථා යෝජනා ආණ්ඩුවේ නායකයන් පිළිනොගන්නා බව ද ඔහු  'අනිද්දා' පුවත්පතට පවසා ඇත.

මීට පෙර 18 වැනි සංශෝධනය ගෙන ආ අවස්ථාවේදී මෙන් ආණ්ඩුවේ ඉහළම නායකයන් සකස් කරන ව්‍යවස්ථා කෙටුම්පතකට  අත එසවීමට සිදු වේදැයි 'අනිද්දා' විමසූ විට ඔහු ප්‍රකාශ කර ඇත්තේ, ඒ ගැන තවමත් නිශ්චිතව කිව නොහැකි බවයි.

 ඉන්දියා වසර හැත්තෑවක් (70) තිස්සේ එකම ව්‍යවස්ථාවට එකඟව එය රැකීමත් ශ්‍රී ලංකාවේ එකම දේශපාලන පක්ෂය කණ්ඩායම් අතර පවා මතභේද පැවතිම ගැන සැලකිල්ලට ගත් යුතු බව ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී පෙරමුණේ නායකයා වැඩිදුරටත් පවසා ඇත.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්