පක්ෂයේ මැතිවරණ අපේක්ෂකයින් මේ අවස්ථාවේ අනවශ්‍ය වාචාල ප්‍රකාශ සිදු නොකර සිටින්නේ නම්, එය පක්ෂය වෙනුවෙන් කරන ලොකුම සේවය බව

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ) 'නිර්මාතෘ බැසිල් රාජපක්ෂ කියා සිටියි.

‘‘මොකද මේ දවස්වල අපට උත්තර දෙන්න වෙලා තියෙන්නේ එක එක්කෙනා කරන ප්‍රකාශවලට. හදන ඒවට වැඩිය කඩන ඒවටයි තමයි උත්තර දෙන්න වෙලා තියෙන්නේ. වැඩිය ප්‍රකාශ එක එකඒවා කියන්නේ නැතුව ඉන්නවනම් අපේ පක්ෂයට කරන ලොකුම සේවය කියලා කියන්න පුළුවන්” යයි බැසිල් රාජපක්ෂ පැවසුයේ, අමාත්‍ය රමේෂ් පතිරණ සම්බන්ධයෙන් රචිත කෘතියක් එළි දැක්වීම වෙනුවෙන් ගාල්ලේ ඊයේ (ජුලි 22) පැවති උත්සවයකදී ය.

'පොහොට්ටු' පක්ෂයේ නිර්මාතෘවරයා එම කාරණය අවධාරණය කර සිටියේ, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසට හා ඔහුගේ බිරිඳ ජලනි ප්‍රේමදාසට දරුවන් නොමැතිවීම සරදමට ලක්කරමින් අගමැති මහින්ද රාජපක්ෂ සිදුකල ප්‍රකාශය මෙන්ම, කුරුණෑගල රාජසභා මණ්ඩපය කඩා බිඳ දැමීම පිළිබඳව චෝදනා ලබාසිටින කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීවගේ මයිලකටවත් අත තියන්න දෙන්නෙ නැතැයි අමාත්‍යය ජොන්ස්ටන් ප්‍රනාන්දු පසුගිය 19වනදා කළ ප්‍රකාශ පිළිබඳව මාධ්‍ය ඔස්සේ බලවත් විවේචනයක් එල්ල වෙමින් තිබෙන පසුබිමකය.

 පොහොට්ටු නාමයෝජනා මණ්ඩලේ බුරුවෙක් ඉඳලා !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ අපේක්ෂකයින් තේරූ නාමයෝජනා මණ්ඩලයේ 'බුරුවෙක්' සිටිය නිසා එක අපේක්ෂිකාවකට නාමයෝජනා ලැබී ඇතැයි බැසිල් රාජපක්ෂ මෙම රැස්වීමේදී කියා සිටියේය.

සිය පක්ෂයේ මැතිවරණ අපේක්ෂිකාවක සම්බන්ධයෙන් ඔහු මෙසේ සඳහන් කළේය.

”අපේ අපේක්ෂිකාවක් මට එවනවා එයා දාලා කෑල්ලක් මේකේ ඉන්නේ ඔක්කොම බුරුවොයි, අශ්වයොයි කියලා. කියලා මගෙන් අහනවා හොඳ ද සර් කියලා. එයාගේ කමෙන්ට් එක. මම ලියලා ඇරියා අපේක්ෂකයෝ අතර අශ්වයොයි බුරුවොයි නැති වුණාට නාමයෝජනා මණ්ඩලේ බුරුවෙක් ඉදලා තමයි ඔයාට දෙන්න ඇත්තේ කියලා. නැත්තම් ඔය වගේ එක්කෙනෙක්ට දෙනව ද කියලා”

බැසිල් රාජපක්ෂ එහිදී පැවසුවේ, අදාළ  අපේක්ෂිකාවක පසුගිය දා කළ එම ප්‍රකාශයේ ගුණදොස් විමසා සිටි අවස්ථාවේ තමන් එලෙස ඇයට පිළිතුරු ලබා දුන් බවයි.

අපේක්ෂකයින් අතර බූරුවන් නොසිටිය ද ඇය වැනි අපේක්ෂිකාවට නාම යෝජනා දී ඇත්තේ, නාම යෝජනා මණ්ඩලයේ සිටි බූරුවෙකු විසින් බවත් එහිදී බැසිල් රාජපක්ෂ සඳහන් කර සිටියේ ය.

Oshadi Basil

 වැඩ අනන මාධ්‍ය ප්‍රකාශක !

ප්‍රකාශ සිදු කිරීමට අවසර නැති පක්ෂයේ ප්‍රකාශක සම්බන්ධයෙන් ද බැසිල් රාජපක්ෂ පළ කළේ, මෙවැනි අදහසකි.

”පක්ෂයේ ප්‍රකාශක විදියට විතරයි එයත් එතුමා වගේම ප්‍රකාශක වුණාට ප්‍රකාශ කරනවා ඇහිලා නෑහැනේ ඔයාලට කවදාවක්වත්. එයාට ඒක දුන්නේ ඒක ගන්නකෙටම කිව්වා ඔයාට කරන එකම ඉල්ලිම මෙච්චරයි ඔයා පක්ෂයේ ප්‍රකාශක වෙන්න.. හැබැයි ප්‍රකාශ කරන්න බෑ. මොකද ප්‍රකාශ කරොත් හම්බෝ අප්පේ කරොත් ඉවරයි මොකක්හරි ලෙඩක්”

sanjeewa ediriසංජිව එදිරිමාන්න ගේ ෆේස්බුක් කවර් ෆෝටෝ එක..(Uvindu Kurukulasuriya ගේ FB පිටුවෙන්)

 ''අයෙත් පැරදිලා හිරගෙවල් උසාවි ගානේ යන්න බෑ''

රටට නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය බව මෙහිදී පැවසූ බැසිල් රාජපක්ෂ, ඒ සඳහා මෙවර මැතිවරණයේදී බහුතරය නොව 2/3ක බහුතර බලයක් අවශ්‍ය බව අවධාරණය කළේය.  2/3ක ලැබුණත් නොලැබුණත්  ජනාධිපතිවරයා මත්ද්‍රව්‍ය කුඩු සහ පාතාලයට තිත තබනු ඇති බවට ඔහු සහතික විය.

‘‘ගාල්ලෙන් ටික දෙනෙක් එවලා බෑ. වැඩිපුර එවන්න ඕන. හැබැයි එවනකොට පරිස්සම් වෙලා එවන්න ඒකත් කියන්න ඕන. ගිනිපෙලෙල්ලෙන් බැට කාපු එක්කෙනා කණාමැදිරියටත් බයයිනේ. ඉතිං මමත් හරි බයයි.

පළාත් පලාන නියෝජිතයින් වැඩ කළ යුතු බව සිහිපත් කළ බැසිල් රාජපක්ෂ එහිදී සඳහන් කර සිටියේ, මහින්ද රාජපක්ෂ මර්වින් සිල්වාට දුන් ආකාරයේ සමාවන් යළි හිමි නොවන බවයි.

”අපේ සභාපතිවරුත් නගරාධිපතිවරුත් වැඩකරන්න. අර මහින්ද මහත්තයා වගේ මර්වින් සිල්වාට දුන්න සමාව දෙන්නේ නෑ ඒක හන්දා ඔබතුමාලත් හොදට වැඩකරන්න. මොකද අපිට ලොකු වගකීමක් බාරදිලා තියෙනවා ආයෙත් මාසයක් අත්හදා බලන්න බෑ. ආයෙත් පාරක් අපට පැරදෙන්න බෑ. පැරදිලා හිරගෙවල් උසාවි ගානේ යන්න බෑ. මේ මැතිවරණය කාලේ කිසිම කෙනෙක් වෙනුවෙන් ගිහිල්ලා නැහැ”

සබැඳි පුවත්

බුවනෙකබාහු රාජ සභාව ඩෝසර් කිරීම: 'ගෝඨාවාදී' විමල් සහ ගම්මන්පිල ජොනීට හතර අතට නෙළයි!

දරුවන් අහිමි මව්වරුන්ට අගමැති කළ අපහාසයට විරෝධයක් ! (වීඩියෝ)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්