පුරාවිදු කොමසාරිස් ජනරාල් විසින් මිට ඉහත දී බුවනෙකබාහු රාජ සභාව ලෙස හඳුන්වනු ලැබූ අගමැති මහින්ද රාජපක්ෂ විසින් බුවනෙක හෝටලය

ලෙස නම් කරන කුරුණෑගල ඓතිහාසික ගොඩනැගිල්ල කඩා බිඳ දැමීමට  අදාල වගකිවයුත්තන්ට එරෙහිව නොපමාව ම නිත්‍යානුකුලව කටයුතු කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත සිය හිතවතුන් ගෙන් දැඩි බලපෑමක් එල්ලවී ඇතැයි ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ගවලින් වාර්තාවේ.

එහෙත්  මහ මැතිවරණයේදී කුරුණෑගලින් තරඟ කරන සිය සොයුරු අගමැති මහින්ද රාජපක්ෂ මෙම ගැටුමට මැදිහත්ව සිටීමත්, සිද්ධියට චෝදනා ලබන කුරුණෑගල නගරාධිපතිවරයා අගමැතිගේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රමුඛයා ව සිටීමත් නිසා නිශ්චිත තීරණයක් ගැනීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා බලවත් අපහසුතාවයකට මුහුණ දී සිටින බව එම ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

කෙසේවුවද සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අගමැතිවරයා විසින් පත්කල කමිටුව බියට පත්ව අවසන් වාර්තාවක් දීමට කල්මරමින් සිටින තත්වයක් තුළ ඊට අදාලව නිත්‍යානුකුලව කටයුතු කරන්නැයි ජනාධිපතිවරයා නිතිපතිවරයට දැනුම් දී ඇතැයි ද පැවසේ.

 

ජනපතිගේ ගෝලයින් 'වැඩේ අතට ගනී' !

Wimal Mr

මෙම තත්වය තුළ ජනාධිපතිවරයා මුහුණදී සිටින අසීරුතාවය තේරුම්ගත් ඔහුගේ සමීපතම දේශපාලන හිතවතුන් ජනාධිපතිවරයාගේ ප්‍රතිරූපය ආරක්ෂා කරදීම වෙනුවෙන් පෙරමුණ ගැනීමට තීන්දු කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ට මේ රටේ ජනතාව ලක්ෂ 69ක් ඡන්ද ලබා දුන්නේ, උද්ධච්ඡ දේශපාලනයට එරෙහිව බව අමාත්‍ය විමල් විරවංශ ප්‍රකාශය කර සිටියේ ඊයේ (ජුලි 22) දිනයේය.

ඊයේ  (22) මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු  ප්‍රකාශ කර සිටියේ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සිදු කළ ප්‍රකාශය තමන් අනුමත නොකරන බවයි.

කුරුණෑගල රාජසභා මණ්ඩපය කඩා බිඳ දැමීම පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයන් පවා කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව හට චෝදනා කරන නමුත් තමා සිටින තෙක් නගරාධිපතිවරයා ආරක්ෂා කරන බව අමාත්‍යය ජොන්ස්ටන් ප්‍රනාන්දු පසුගිය 19වනදා කළ ප්‍රකාශ කළේය.

එම ප්‍රකාශයසම්බන්ධයෙන් සිය විරෝධය පලකළ විමල් විරවංශ ඇමතිවරයා තවදුරටත් මෙසේද පැවසිය.

“අපේ පාර්ශවයේ කෙනෙක් වරදක් කරලා තියෙනවා නම් එයාගෙ මයිලකටවත් අත තියන්න දෙන්නෙ නෑ වගේ උද්ධච්ඡ ප්‍රකාශ කරන්න නෙවෙයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට මේ රටේ ජනතාව ලක්ෂ 69ක් ඡන්ද දුන්නේ. ඒ උද්ධච්ඡ දේශපාලනය අතීතයට අයිති එකක්. ඒක වර්තමානයටවත් අනාගතයටත් අයිහි නෑ. ඒ පංපෝරි ගහන දේශපාලනය වලංගු නෑ. ඒක අපි තේරුම් ගන්නෝනි. වරදක් කරලා තියෙනවා නම් ඒකට අකුල් හෙලන පංපෝරි දේශපාලනය යල් පැන ගිය එකක්. සමහර දේශපාලකයෝ යාවත්කාලීන නෑ. ඒකයි මෙතන තියෙන අවුල.” යැයි ඔහු පැවසීය.

 

ගම්මන්පිල කියපු කතාව - ''අගමැති කලත් වැරදියි''

මේ අතර පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිළ පැවසුයේ, පුරාවස්තු විනාශයක් කවුරුන් හෝ කර ඇත්නම් නගරාධිපති නොව අගමැති කළ ද එය වැරදි බවයි.

කුරුණෑගල නගරාධිපතිවරයා පුරාවස්තු විනාශයක් සිදුකර ඇත්නම් ඔහුට ඉහළම දඬුවම ලබා දීම වෙනුවෙන් තමා පෙනී සිටින බව ද ඔහු අවධාරණය කරයි.

කුරුණෑගල නගරාධිපති කඩා දමා ඇත්තේ පුරාවිද්‍යා උරුමයක් නම් ඔහුගේ එක මයිලකට නෙමෙයි සියලු මයිල් ගස්වලට නීතිය ක්‍රියාත්මක කරවීමට තමන් වගබලා ගන්න බව ද ඔහු සඳහන් කළේ ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු සිදුකළ ප්‍රකාශයක් පිළිබඳ විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

 

නීතිපති වැඩ ආරම්භයි : පොලිස්පතිට පිටු 05කින් යුත් උපදෙස් මාලාවක්

Dappula Police

කුරුණෑගල- දඹුල්ල මාර්ගයේ පුරා විද්‍යාත්මක වටිනාකමකින් යුතු ගොඩනැගිල්ලට හානි සිදුකිරීම සම්බන්ධයෙන් වූ අපරාධ විමර්ශනය සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක, කුරුණෑගල කොට්ඨාශ භාර නිලධාරී, කුරුණෑගල විශේෂ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිස සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂක ජනරාල්වරයා සමග පෙරේදා සහ ඊයේ දිනයේදී පැවති සාකච්ජා කල බව නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න සඳහන් කර සිටියාය.

එම සාකච්ජාවලින් අනතුරුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ යුතු ආකාරය සහ එහි අඩංගු විය යුතු කරුණු සම්බන්ධයෙන් වූ උපදෙස් ඇතුලත් පිටු 05 කින් යුත් ලිපියක් නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට යොමු කොට ඇත.

එම උපදෙස් අනුව අපරාධය සිදුවූ ස්ථානය ආරක්ෂා කිරීම සහ අධිකරණ නියෝගයක් ලබා ගැනීම, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂක ජනරාල්වරුන්ගේ විශේෂඥ වාර්තා ලබා ගැනීමට අවශ්‍ය අධිකරණ නියෝග ලබා ගැනීම, නීතිපතිවරයා විසින් දක්වා ඇති කරුණු ඔස්සේ කුරුණෑගල නගර සභාවේ නගරාධිපති ඇතුළු එහි නාගරික මන්ත්‍රීවරුන් හා එහි නිලධාරීන් කිහිප දෙනෙකුගෙන් සහ මහා මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරින් කිහිපදෙනෙකු ගෙන් ප්‍රකාශ ලබා ගනීම සම්බන්ධයෙන් දැනුම් දී ඇත.

මෙම සියලු විමර්ශන අවසන් කොට එම විමර්ශනයේ උදෘත මෙම මස 31 වෙනිදාට පෙර තමන් වෙත ලබා දෙන ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කොට තිබේ.

 

සබැඳි පුවත් :

''නගරාධිපතිගේ මයිල්ගහකට අත තියන්න දෙන්නෑ ලු! - බුවනෙක බාහු 'නොටෝරියස්' ලු!!

බුවනෙකබාහු රාජ සභාව ඩෝසර් කිරීම : 'හිතාමතා හානි කළේ නම් දඬුවම් කරනවා' කියන අගමැතිගේ කතාව පිළිගන්න බැහැ - නීතිඥ චරිත ගල්හේන  

කුරුණෑගල නගරාධිපති බේරාගැනීමට අගමැති කාර්යාලයෙන් කැඳවූ මාධ්‍ය හමුව 'බකල්' ! - 'පොහොට්ටුවෙන්' ම විරෝධයක් !!

කඩා දැමූ 'රාජ සභා මන්දිරයේ' ඇත්ත කතාව - නිමේෂ තිවංකර සෙනෙවිපාල විසිනි

'ඩෝසර් කර ඇත්තේ බුවනෙකබාහු රාජ සභාවයි' - අගමැතිගේ පංච පුද්ගල කමිටුවේ සභාපති කියයි

බුවනෙකබාහු රාජ සභාව ඩෝසර් කළ 'ආර්ය චක්‍රවර්ති' නගරාධිපති නිදැල්ලේ!

ජනපති, අගමැති දෙබෑයන් යටතේ සිංහල උරුමය විනාශවීම ගැන විරෝධය

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්