පුරාවිදු කොමසාරිස් විසින් බුවනෙකබාහු රාජ සභාව ලෙස හඳුන්වනු ලබන අගමැති මහින්ද රාජපක්ෂ විසින් බුවනෙක හෝටලය ලෙස

නම් කරන 13 සියවසට අයත් කුරුණෑගල ඓතිහාසික ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමට කටයුතු කළ කුරුණෑගල නගරාධිපතිවරයා සම්බන්ධයෙන් පොලිසිය හෝ වෙනත් රජයේ වගකිව යුතු ආයතනයක් විසින් මෙතෙක් කිසිඳු නීතිමය පියවරක් ගෙන නොමැත.

ඒ සම්බන්ධයෙන් අප වෙත අදහස් දැක්වූ අදාල විෂය ක්ෂේත්‍රය පිලිබඳ විද්වතකු පැවසුයේ, පුරා විද්‍යාත්මක වටිනාකමකින් යුත් ගොඩනැගිලි පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ නිසි අවසරයකින් තොරව කඩාබිඳ දැමීම හෝ ඊට අදාල කොටස් ඉවත් කිරීම අධිකරණය හමුවේ බරපතල දඬුවම් ලැබිය හැකි වරදක් බවයි.

පොලිසිය මේ සම්බන්ධයෙන් නිහඬ පිළිවෙතක් අනුගමනය කර ඇත්තේ දේශපාලන බලපෑම් නිසා බව ද ඔහු සඳහන් කළේය.

ඔහු තවදුරටත් සඳහන් කර සිටියේ, මෙම ගොඩනැගිල්ලට අනර්ථයක් කිරීම සඳහා නගරාධිපතිවරයා සැලසුම් කරමින් සිටින බවට වාර්තා වීමත් සමග පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මිට ඉහත දී ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි කර අදාළ ගොඩනැගිල්ල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අයත් භූමියක් බවට සටහනක් ද අලවා තිබු බවයි.

''මේ විනාශය සිදුවන්නට යන බව පුරාවිද්‍යා දේපාර්තමේන්තුව දැනසිටියහ. ඒ නිසා ඒ සම්බන්ධව පොලිසියට පැමිණිලි කර තිබුණි.''

 

අගමැතිගේ කමිටුව ඡන්ද මගඩියක් !

මෙම ගොඩනැගිල්ල කඩා බිඳ දැමීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අගමැතිවරයා විසින් පත්කළ කමිටුව පිළිබඳව අදහස් දැක්වූ හෙතෙම කියා සිටියේ, එය මෙම මැතිවරණ සමයේ දී මෙම ප්‍රශ්නය යට ගැසීම සඳහා යොදාගත් දේශපාලන ප්‍රයෝගයක් පමණක් බවයි.

අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ගේ සමීපතම ආධාරකරුවා වන කුරුණෑගල නගරාධිපතිවරයා මේ අවස්ථාවේ සිදුකල ක්‍රියාව නිසා කුරුණෑගල දිස්ත්‍රීක්කයෙන් මහ මැතිවරණයට තරඟ කරන අගමැතිවරයා බරපතල අර්බුදයකට මුහුණ දී සිටින බවද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

 

පුරාවස්තු ආඥා පනත ක්‍රියාත්මක වන අමුතු ආකාර:

sigiriya

කුරුණෑගල ඓතිහාසික ගොඩනැගිල්ල කඩා බිඳ දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිය FB පිටුවේ සටහනක් පළකර ඇති Don Supz මෙසේ පවසයි.

''2015 වර්ශයේදි මඩකලපුව සිත්තාන්ඩි ප්‍රදේශයේ පදිංචිකාරියක් වු සින්නතම්බි උදයා ශ්‍රී ඒ වසරේ මාර්තු මාසයේදි දෙවසරකට සිරගත වෙනවා. හේතුව සීගිරි කැටපත් පවුරේ තමන්ගෙ නම කෙටීම.

2018 වර්ශයේදි පිදුරංගල සිට අඩනිරුවත් ඡායාරූපගතකරණය හේතුවෙන් තරුණයින් තිදෙනෙක් අත්අඩංගුවට අරන් රක්ෂිත බන්ධනාගාරගත කරනවා, හේතුව පුරාවස්තු ආඥා පනතේ 15 වගන්තියට පටහැනිව ක්‍රියා කිරීම යන චෝදනවා මත.

1998 අංක 24 දරන පුරාවස්තු (සංශෝධන) අනුව චෝදනා ගොනුකරාම 1997 අංක 3 දරන ඇප පනතේ 3(3) වගන්තිය අනුව ඇප ලබා දිය නොහැකි වරදක් ගනයේලා සලකනවා. මේ හේතුවෙන් අදාල තරුණයින් තිදෙනා රක්ෂිත බන්ධනාගාරගතව සිට තමයි නැවත මේ ගැටලුවෙන් මිදෙන්න හැකිවෙන්නෙ.

image lanka 2020

2019 වර්ශයේදි නැගෙනහිර විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන තරුණයින් හත් දෙනෙක් කිරලගල පුරාවිද්‍යාත්මක වැදගත්කමක් ඇති නටබුන් දාගැබක් මත සිට ඒ කුමක්ද යන්න නොදැනුවත්ව ඡායාරූපක් ගන්නවා. 1940 පුරාවස්තු ආඥා පනතේ 31 (ආ) වගන්තිය ප්‍රකාරව චෝදනා ගොනුකොට ඔවුන් රක්ශිත බන්ධනාගාරගත කෙරෙනවා. විශ්වවිද්‍යාලයේ දක්ෂතම සිසුන් වුන මොවුන් බන්ධනාගාරගත කිරීම හේතුවෙන් ඔවුන්ගෙ අධ්‍යාපනයට පවා බාදා ඇතිවෙනවා.

මේ පුරාවස්තු ආඥා පනත සම්බන්ධයෙන් මෑත අතීතය තුල ප්‍රසිද්ධියට පත්වු සිදුවීම් කිහිපයක්.

ඒ අතර වර්තමානයේදි මහ දවල්, ජනාකීර්ණ නගරයක් මධ්‍යයේ පුරාවිද්‍යාත්මක වැදගත්කම සහිත, පුරාවස්තු ආඥා පනත යටතට ගැනෙන ඓතිහාසික ස්ථානයක් ඩෝසර් කරනවා. අර උඩින් කිව්ව අති ගාම්භීර, ඒකත් එක්ක සෙල්ලන් කරන්න බැරි, අතිශයින්ම තාර්කික ආඥා පනත හුම් නොකියා ඇඳ යටට දාගෙන අගමැති විශේෂඥ කමිටුවක් පත් කරනවා ඩෝසර් කිරීම ගැන හොයන්න.

ජාතිය, ආගම, පක්ෂය යන කුලක තුලට නොයන විට පමණක් දැඩිවෙන අමුතු ආකාරයේ පුරාවස්තු පනත් සහ පාරිසරික පනත් වගේම සංවේදිතා තියෙන අමුතු රටක් මේක.

යුවල් නෝවා හරාරි සේපියන්ස් පොතේ ලියනවා නීතියේ ආධිපත්‍යය කියන්නෙත් පරිකල්පිත යථාර්ථයක් පමණයි කියලා.''

 

''කඩා ඉවත් කලේ ගණිකා නිවසක්, ගබ්සා මධ්‍යස්ථානයක්''.- කුරුණෑගල නගරාධිපති

මේ අතර කුරුණෑගල නගරාධිපතිවරයා පවසන්නේ, මෙය බුවනෙකබාහු රාජසභා මණ්ඩපය කඩා ඉවත් කිරීමක් නොවන බවයි. ඔහු ඒ බව කියා සිටියේ කුරුණෑගලදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මෙසේ කඩා ඉවත් කරන ලද්දේ ඒ ආසන්නයේ තිබූ ‘බුවනෙක හෝටලය’ නම් අනවසර ව්‍යාපාරික ස්ථානයක කොටසක් බව ඔහු එහිදී අවධාරණය කර සිටියේය.

එක්සත් ජාතික පක්ෂ රජයක් විසින් එය බදු පදනම මත ලබා දී තිබු එකක් බව ද ඔහු පැවසීය.

එම ස්ථානයේ ගණිකා මධ්‍යස්ථානයක්, ගබ්සා මධ්‍යස්ථානයක් සහ මත්පැන් විකුණූ ස්ථානයක් පවත්වාගෙන ගිය බවද ඔහු සඳහන් කළේය.

 

කුරුණෑගල නගරයේ පුරාවිද්‍යාත්මක ස්ථාන :

කුරුණෑගල නගරාධිපතිවරයා එසේ පැවසුවද, මාර්ග සංවර්ධන අධිකාරිය පැහැදිලිවම පවසන්නේ මෙම කඩා  බිඳදැමීම තමන්ට අදාල කාර්යයක් නොවන බවය. එහෙත්, නගරාධිපති මාධ්‍ය පැවසුවේ එය මාර්ගසංවර්ධන අධිකාරියේ අවසරයකින් කරන ලද්දක් ලෙසය. දැන් නගරාධිපති වරයා කියන්නේ එය අනවසර ඉදිකිරීමක් බවයි.

buwanekaසමාජ මාධ්‍යවල පලවී ඇති පොස්ටුවක්.

නාගරික සංවර්ධන අධිකාරිය විසින් කුරුණෑගල නගර සභාව තුළ පිහිටා ඇති පුරාවිද්‍යා වටිනාකමකින් යුත් ස්ථාන කිහිපයක් මේවනවිටත් ප්‍රකාශයට පත්කර ඇත.

නාගරික සංවර්ධන අධිකාරිය විසින් සිදුකෙරෙන නගර සංවර්ධන ව්‍යාපෘති වලට අදාල වාර්තාවක කුරුණෑගල නගර සභාව තුළ පිහිටා ඇති පුරාවිද්‍යා වටිනාකමකින් යුත් ස්ථාන තව තවදුරටත් සංරක්ෂණය කිරීමට යෝජනා කර ඇති අතර ඒ අනුව නම් කර ඇති ස්ථාන කිහිපයක් මෙසේය.

buwaneka kurunegala. 1

 

ආර්ය චක්‍රවර්තිගේ නියෝගයක් !

කුරුණෑගල රාජසභා මණ්ඩපය හෙවත් මගුල් මඩුව ඩෝසර් කර විනාශ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කර ඇති රජරට සංස්කෘතික හා කලා පදනම, ''මේ ලෙස විනාශ කර ඇත්තේ පොලොන්නරුව සහ දඹදෙනිය අතර කාලය තුළ (වසර 300 ක පාරාසයක්) ඉදිකිරීම් අතරින් අංග සම්පූර්ණව ආරක්ෂාවී තිබු ලංකාවේ එක ම ගොඩනැගිල්ලයි.'' යයි සඳහන් කර තිබේ.

දර්ශනපති, ධර්මසිරි හේවාගම ගේ අත්සනින් නිකුත්කර ඇති එම නිවේදනයේ මෙසේ සඳහන් වේ.

''මෙය පුදුම අවනඩුවකි. මේ ඉදිකිරීම කරන්නේ 13 වන සියවසේ සිටි නගරාධිපතිය. ඔහුගේ මේ ඉදිකිරීම අනවසර වනවානම් වන්නේ ඉන්දියාවේ සිට රට ආක්‍රමණය කළ ආර්ය චක්‍රවර්තිගේ නියෝගයකට අනුවය. එසේ නම් වත්මන් නගරාධිපතිවරයා මේ ක්‍රියාත්මක කොට ඇත්තේ ආර්ය චක්‍රවර්තිගේ නියෝගයයි. ඒ අනුව දෙවන බුවනෙකබාට දඬුවම් ද කළ යුතු යැයි නගරාධිපති වරයා කියනු ඇත.

buwaneka baමේ ඉදිකිරීම කරන්නේ 13 වන සියවසේ සිටි නගරාධිපතිය. ඔහුගේ මේ ඉදිකිරීම අනවසර වනවානම් වන්නේ
ඉන්දියාවේ සිට රට ආක්‍රමණය කළ ආර්ය චක්‍රවර්තිගේ නියෝගයකට අනුවය.

බුනෙකබාට කුරුණෑගල ආරක්ෂිත නැති බව දැනිනි. ඒ දකුණු ඉන්දිය ආක්‍රමණය ලඟ ලඟම එන බව දැනුනු විටය. ඒ නිසා සිය බෑණනුවන් ලවා සෙන්කඩගල නගර ඉදිකරවන ලද්දේ රාජ්‍යයේ ආරක්ෂාව සඳහාය. ඒ ගත් දූරදර්ශී පියවර පසුකාලීනව පලදායි වූ බව ඉතිහාසය ශාක්ෂි දරයි.  

පසුකලෙක කුරුණෑගල අතහැර දැමුවද එහි වැදගත් ස්ථාන කීපයක් සංරක්ෂණය වීය. ඒ අතරින් එකක් වුයේ මගුල් මඩුවයි.  ගම්පල සහ කෝට්ටේ යුග පසුකරමින් මහනුවර යුගයේ ද මගුල් මඩුව සුරැකිව තිබුණි. මහනුවර යුගයේ මගුල්මඩු ප්‍රතිසංස්කරණය වන්නේ ප්‍රාදේශීය පරිපාලනයේ අවශ්‍යතා මතය.

ආර්ය චක්‍රවර්ති මගුමඩුව විනාශ නොකළේය. ඔහු සිය පරිපාලනය සඳහා එය යොදාගත්තේය. පසුව ආ  පරංගියාද ලංසියාද ඉංග්‍රිසිකාරයාද උඩරටට පහර දෙන්නට ආවේ කුරුණෑගල හරහාය. එහෙත් ඔවුන්  මගුල් මඩුව අනවසර ඉදිකිරීමක්  ලෙස  සැලකුවේ නැත. ඔවුන්ගේ ගමන් මග පලල් කරන්නට මගුල් මඩුව කඩන්නට හිතුවේ නැත.

 

කුරුණෑගල මගුල් මඩුව ඓතිහාසිකව නැවත වැදගත්වීම :

magul maduwa kurunegala

මහනුවර මගුල්මඩුවේ රාජසභාව බිඳවැටීමෙන් පසුව කුරුණෑගල මගුල් මඩුව ඓතිහාසිකව නැවත වැදගත්වීය. ඒ 1848 කැරැල්ල අවස්ථාවේ දීය. මාතලේ දී ගොන්ගාලේ ගොඩ බණ්ඩා රජවූවා සේම හත්කෝරලයේ දී හඟුරන්කෙත සුදු බංඩා, කීර්ති ශ්‍රි නමින් රජවීය.

ඔහු ඔටුනු පැලඳුවේ සහ රාජ්‍ය කටයුතු ඇරඹුවේ කුරුණෑගල මගුල් මඩුවේය.

සුද්දාගේ ආක්‍රමණය කුරුණෑගල වෙත එද්දි ඔවූහු මගුල් මඩුව තුළ බලය තහවුරු කරගෙන සිටිහය. ඔවුන් එම ස්ථානයෙන් පසුබැස්සේ සුද්දාගේ කාලතුවක්කුවට මුනදීගත නොහැකිවය. ඒ පියවර නොගන්නට  මගුල් මඩුව කාලතුවක්කු ප්‍රහාරයෙන් විනාශ වන්නට තිබුණි.  

කුරුණෑගල අත්පත් කරගත් සුද්දා මගුල් මඩුව අනවසර ඉදිකිරීමක් බවට නම් කළේ නැත. එහෙත්  කැරලිකරුවන්ට විරුද්දව නඩු ඇසුවේ මේ මගුල් මඩුවේය. ඉතිහාසයේ විරුවන් රැසකගේ ඉරණම් තීන්දුව ලැබුණේ ද එහි දීය.

kurunegala 2020

ආර්ය චක්‍රවර්තිගේ ආක්‍රමණය තුළ බිඳනොවැටුන, සුද්දාගේ ආක්‍රමණය තුළ ද කෙලින් සිටගෙන විරාජමානව සිටි මගුල් මඩුව අද බිඳවැටි ඇත. එහි කැනිමඩල සුණු විසුණුවි ගොස්ය. බැකෝ යන්ත්‍රයේ පහරින් ඇදවැටුන ගොඩනැගිලි ශේෂය කියාපාන්නේ අතීත විරුවන්ගේ අසරණ බවයි.

එහෙත් බුවනෙකබාගේ ආත්මය නැගිට ඇවිත් බැකෝ යන්ත්‍රය ක්‍රියාවිරහිත කොට තිබේ. මගුල් මඩුවේ කොටසක් සුරැකී ඇත. එහෙත් අතීත විරුවන්ගේ සාපයෙන් නම් ගැලවී ගත නොහැකි වන බව අපරාධකරුවන් දතයුතුය.''

සබැඳි පුවත් :

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්