පුරාවිදු කොමසාරිස් විසින් බුවනෙකබාහු රාජ සභාව ලෙස හඳුන්වනු ලබන අගමැති මහින්ද රාජපක්ෂ විසින් බුවනෙක හෝටලය ලෙස

නම් කරන කුරුණෑගල ඓතිහාසික ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමට කටයුතු කළ නගරාධිපති තුෂාර සංජීව විතාරණගේ නිදහස වෙනුවෙන් කරුණු දැක්වීම සඳහා අද (ජුලි 19)  පෙරවරු 11.00ට  කුරුණෑගල නගර සභාව තුල සංවිධානය කර තිබු මාධ්‍ය හමුව අවසන් මොහොතේදී අවලංගු කිරීමට කටයුතු කර තිබේ.

මෙම මාධ්‍ය හමුව කැඳවා ඇත්තේ අගමැති කාර්යාලය විසින් බවට වාර්තාවේ. එම මාධ්‍ය හමුවට අගමැති මහින්ද රාජපක්ෂගේ සමීපතම අනුගාමිකයකු වන වයඹ පළාත් අධිකරණ සංඝනායක පුජ්‍ය රැකව ජිනරතන හිමි ප්‍රමුඛ පළාතේ නායක ස්වාමින් වහන්සේලා කිහිප නමක්ම සහභාගිවන බවට ද දැනුම් දී තිබී ඇත.

කෙසේවුවද දහවල් 12ට පමණ මාධ්‍යවේදීන්ට දැනුම් දී ඇත්තේ මාධ්‍ය සාකච්ජාව අවලංගු කළ බවයි.

එම මාධ්‍ය හමුවට සහභාගී වීමට නියමිතව සිටි හිමිවරුන්ට බොදු බල සේනා සංවිධානය ඇතුළු සංඝ සමාජයෙන් හා 'පොහොට්ටු' පක්ෂයේ ම ප්‍රාදේශීය නායකයින් ගෙන් එල්ල වූ බලපෑම් හමුවේ එම මාධ්‍ය හමුව හකුලා ගෙන ඇතැයි වාර්තාවේ.

 

ගෝඨාභය, කරුණාකරලා ඔහේගේ වැඩ පෙන්නන්න - ඥානසාර හිමි

උතුරු නැගෙනහිර පළාත්වල අන්‍යාගමිකයන් විසින් ඉවක් බවත් නොමැතිව පුරාවස්තු ඩෝසර් කරද්දී දකුණේ බෞද්ධ දේශපාලනඥයන් ද එලෙසින් සිදුකිරීම සංවේගයට කරුණක් බව බොදු බල සේනා සංවිධානයේ මහා ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පවසති.

උන්වහන්සේ එබව සඳහන් කලේ, කුරුණෑගල නගරාධිපතිවරයා විසින් සිදුකරනු ලැබ ඇති පුරාවස්තු විනාශය පිළිබඳ නිරීක්ෂණය කිරීමට අද(19) උදෑසන එම ස්ථානයට පැමිණි අවස්ථාවේ දීය.

පුරාවිද්‍යා හානිකිරීම් සම්බන්ධයෙන් ගමේ බණ්ඩයියට ක්ෂණිකව ක්‍රියාත්මක වන පුරාවිද්‍යා නීතීය දේශපාලකයන්ට ක්‍රියාත්මක නොවන්නේ කුමන හේතුවක් නිසා දැයි ඥානසාර හිමියන් මෙහිදී විමසා සිටියහ.

මෙම වටිනා පෞරාණික සම්පත විනාශ කිරීමට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත්, ජනාධිපතිවරයා ඊට අවශ්‍ය පියවර ගන්නා තෙක් බලාසිටින බව ද උන්වහන්සේ අවධාරණය කළහ.

මේ අවස්ථාවට උලපනේ සුමංගල හිමි ඇතුළු තවත් හිමිවරුන් පිරිසක් සහභාගී වී සිටියහ.

 

'ජනතාවට මුහුණදෙන්න බැරි තත්වයක් ඇතිවෙලා' - පොහොට්ටුවෙන් ම චෝදනා

kurunegala 2020

කුරුණෑගල රාජ සභා මණ්ඩපය කුරුණෑගල නගරාධිපතිවරයා විසින් අත්තනෝමතිකව ඩෝසර් කිරීම සම්බන්ධයෙන් පොදු ජන පෙරමුණු (පොහොට්ටුවේ) ප්‍රාදේශීය නායකයින් ද මේවනවිට විරෝධය පළකරමින් සිටිති.

ඊයේ පෙරවරුවේ එම ස්ථානයට පැමිණි පොදු ජන පෙරමුණු (පොහොට්ටුවේ) කුරුණෑගල ආසන සංවිධායක ජයරත්න හේරත්ගේ පුත් කුරුණෑගල හිටපු පළාත් සභා මන්ත්‍රී නීතීඥ පියුමාල් හේරත් පැවසුවේ නගරාධිපතිවරයාගේ මෙම ක්‍රියාව නිසා පොහොට්ටුවට ඡන්දය ඉල්ලා ජනතාව අතරට යෑමට ද අද අසීරු කටයුත්තක් වී ඇති බවයි.

පිරුංගල ගිය සිසුන් පිරිසක් එම ස්ථානයට කිසිදු හානියක් නොකොට ඡායාරූපයක් ගත් පමණින් එයට නීතිය ක්‍රියාත්මක කළ ආකාරයත් කුරුණෑගල පුරවරයට ආලෝකයක් ගෙනෙන එහි පුරාවිද්‍යා ස්මාරකයන් ඩේසර් කර විනාශ කිරීමට එරෙහිව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නීතිය ක්‍රියාත්මක කෙරෙන ආකාරයත් දෙස ජනතාව බලා සිටින බව පැවසු නීතීඥ පියුමාල් හේරත් වැඩිදුරටත් කියා සිටියේ, පොදු ජන පෙරමුණේ නායකයන් හට ජන වරමක්  ලැබුනේ මෙවැනි පුද්ගලයන් සමග වේදිකාවට ගොඩවන්න නොවන බවයි.

 

සබැඳි පුවත් :

කඩා දැමූ 'රාජ සභා මන්දිරයේ' ඇත්ත කතාව - නිමේෂ තිවංකර සෙනෙවිපාල විසිනි

'ඩෝසර් කර ඇත්තේ බුවනෙකබාහු රාජ සභාවයි' - අගමැතිගේ පංච පුද්ගල කමිටුවේ සභාපති කියයි

බුවනෙකබාහු රාජ සභාව ඩෝසර් කළ 'ආර්ය චක්‍රවර්ති' නගරාධිපති නිදැල්ලේ!

ජනපති, අගමැති දෙබෑයන් යටතේ සිංහල උරුමය විනාශවීම ගැන විරෝධය

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්