පුරාවිදු කොමසාරිස් විසින් බුවනෙකබාහු රාජ සභාව ලෙස හඳුන්වනු ලබන අගමැති මහින්ද රාජපක්ෂ විසින් බුවනෙක හෝටලය ලෙස

නම් කරන කුරුණෑගල ඓතිහාසික ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමට කටයුතු කළ නගරාධිපති තුෂාර සංජීව විතාරණගේ නිදහස වෙනුවෙන් අගමැති මහින්ද රාජපක්ෂ ම මේවනවිට ප්‍රසිද්ධියේ ඉදිරිපත් තිබේ.

එම සිද්ධිය සොයා බැලීමට විද්වත් කමිටුවක් පත්කළ අගමැතිවරයා ඊයේ ප්‍රකාශකර සිටියේ, කුරුණෑගල නගරයේ පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් ස්ථානයකට හිතාමතා හානි කිරීමක් කර ඇතිනම් ඒ අයගේ තරාතිරම නොබලා දඬුවම් කරන බවයි.

අගමැති මහින්ද රාජපක්ෂ මේ අදහස් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග්‍රහණය තහවුරු කරන ජන රැලියකට මොනරාගල බඩල්කුඹුර නගරයේදී ඊයේ (19) එක් වෙමිනි.

මේ සිද්ධිය සම්බන්ධයෙන් තමං මේ වන විටත් වාර්තාවක් කැඳවා ඇති බව එහිදී පැවසූ අගමැතිවරයා, එම වාර්තාව ලැබුණු වහාම අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවත් අවධාරණය කළේය.

මේ සිද්ධියේදී කවුරුන් හෝ වරදක් කර ඇත්නම් නෑයා නොනෑයා නොබලා කටයුතු කිරීමට තමන් සූදනම් බව පැවසු අගමැතිවරයා පුරා විද්‍යාත්මක වටිනාකමිකින් යුත් ස්ථාන ආරක්ෂා කිරීම සිය යුතුකමක් සේ සලකන බවත් කියා සිටියේය.

තමන් නායකත්වය දරන රජයක් යටතේ කිසිදු අවස්ථාවක පුරා විද්‍යාත්මක වටිනාකමකින් යුත් ස්ථාන විනාශ කිරීමට ඉඩ තබා නැති බව පැවසූ අගමැතිවරයා, මුහුදු මහා විහාරය ඇතුළු ඓතිහාසික ස්ථාන ආරක්ෂා කිරීමට පළමුව පියවර ගත්තේ තමන් විසින් බවත් පෙන්වා දුන්නේය.

විජිතපුර බලකොටුව ඩෝසර් කර නිවාස තනන විට නිහඩව සිටි පිරිස් මේ කාරණය දේශපාලන වේදිකාවේ මාතෘකාවක් කරගෙන තිබෙන බවත් රටේ නිධානයක්වත් තිබෙන්නට ඉඩ නොහැරී නිධන් හොරුන් මේවා ගැන කතා කිරීම විහිළුවක් බවත් ඔහු එහිදී වැඩිදුරටත් පැවසීය.

 

ගමේ බණ්ඩයියට වහා ක්‍රියාත්මක වන පුරාවිද්‍යා නීතීය දේශපාලුවන්ට නැත්තේ ඇයි?

පුරාවස්තු විනාශ කරන්නෝ පුරාවිද්‍යා ආඥා පනත යටතේ වහාම අත්අඩංගුවට ගැනීම මෙතෙක් පැවති සාමාන්‍ය සම්ප්‍රදාය වුවත්, මෙවර මහ මැතිවරණයට කුරුණෑගල දිස්ත්‍රීක්කයෙන් තරඟ කරන අගමැති මහින්ද රාජපක්ෂගේ
හා ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු ගේ සමීපතම ආධාරකරුවකු වන කුරුණෑගල නගරාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය බියකින් පසුවේ.

කුරුණෑගල නගරාධිපතිවරයා විසින් සිදුකරනු ලැබ ඇති පුරාවස්තු විනාශය පිළිබඳ නිරීක්ෂණය කිරීමට ඊයේ (ජුලි 19) උදෑසන එම ස්ථානයට වැඩමවා වදාළ බොදු බල සේනා සංවිධානයේ මහා ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ, පුරාවිද්‍යා හානිකිරීම් සම්බන්ධයෙන් ගමේ බණ්ඩයියට ක්ෂණිකව ක්‍රියාත්මක වන පුරාවිද්‍යා නීතීය දේශපාලකයන්ට ක්‍රියාත්මක නොවන්නේ කුමන හේතුවක් නිසා දැයි විමසා සිටියහ.

මෙම වටිනා පෞරාණික සම්පත විනාශ කිරීමට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත්, ජනාධිපතිවරයා ඊට අවශ්‍ය පියවර ගන්නා තෙක් බලාසිටින බව ද උන්වහන්සේ අවධාරණය කළහ.

මේ අවස්ථාවට උලපනේ සුමංගල හිමි ඇතුළු තවත් හිමිවරුන් පිරිසක් සහභාගී වී සිටියහ.

 

''පුරා විද්‍යා පනත යටතේ ' හිතාමත කතා' නැහැ, ඇප ලබාදිය නොහැකි වරදක්''

charitha galhena'හිතාමතා හානි කිරීමක් කර ඇතිනම්' ඒ අයගේ තරාතිරම නොබලා දඬුවම් දෙන බවට අගමැතිවරයා විසින් කර ඇති ප්‍රකාශය පිළිබඳව අප වෙත අදහස් දැක්වූ ප්‍රවීන නීතිඥයකු වන චරිත ගල්හේන පැවසුයේ, කුරුණෑගල නගරාධිපතිවරයා විසින් සිදුකර ඇත්තේ පුරා විද්‍යා පනත යටතේ, නඩු ආසා තීන්දුවක් ලබාදෙන තෙක් ඇප ලබාදිය නොහැකි බලවත් වරදක් බවයි.

මෙවර මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත්ව සිටින නීතිඥ චරිත ගල්හේන ඒ සම්බන්ධයෙන් තව දුරටත් මෙසේ කරුණු පැහැදිලි කළේය.

''පුරාවිද්‍යා පනතේ 16 වන වගන්තියේ හැටියට යම්කිසි පුරාවිද්‍යා ස්මාරකයක්, අවුරුදු සියයකට වඩා කාලයක් පැවති බවට විෂයබාර අමාත්‍යවරයා ලිඛිතව ප්‍රකාශ කර තිබෙනවා නම්, එසේ ප්‍රකාශ කරන සෑම ස්මාරකයක් ම පනතේ අර්ථානුකූලව ඓතිහාසිකව පුරා විද්‍යාත්මක ස්මාරකයක් ලෙස සැලකෙනවා.

ඊට අමතරව 1815 මාර්තු දෙවැනි දා ට පෙර පැවැති සියලුම ස්මාරක පුරා විද්‍යා ස්මාරක ලෙස සැලකෙනවා.

එම දෙයාකාර අර්ථකථනයන් යටතට වැටෙන ඕනෑම ස්මාරකයක් යම්කිසි පුද්ගලයෙකු විසින් විනාශ කලොත්, පුරා විද්‍යා පනත යටතේ රුපියල් 50,000 නොඅඩු සහ 2,50,000 කට නොවැඩී දඩයකින් දඬූවම් ලැබිය හැකි හෝ අවුරුදු දෙකකට නොඅඩු සහ අවුරුදු 5 කට නොවැඩි කාලයක් සිරදඬුවම් ලැබීමට හෝ එය දෙයාකාර යෙන්ම දඬුවම් ලැබිය හැකි වරදක් බව පනතේ 31 වගන්තිය යටතේ පැහැදිලිව සඳහන් වෙනවා.

 

වැදගත්ම කාරණය :

මෙහි වැදගත්ම කාරණය වන්නේ පුරාවිද්‍යා පනත යටතේ නඩු පවරන විට, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අදාල වස්තුව පුරාවිද්‍යා විද්‍යාත්මක වස්තුවක් බවට සහතික කරනවා නම්, යම් කිසි වස්තුවක් පුරාවස්තුවක් බවට තහවුරු කරන්න එතනින් එහාට මෙහාට අමුතුවෙන් පරීක්ෂණයක් කිරීම අවශ්‍ය නැහැ.

දැනටමත් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා එම සහතිකය දීලා ඉවරයි. කුරුණෑගල නගරාධිපතිවරයා විසින් ඩෝසර් කර තියන්නේ කුරුණෑගල රාජධානියේ රාජසභා මණ්ඩපය බවට හදුන්වන ඉපැරණි ගොඩනැගිල්ල බවට මූලික නිරීක්‍ෂණයේදී හදුනාගත් බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක දැනටමත් ප්‍රසිද්ධියේ කියලා තියනවා.

ඔහු අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට අගමැති  විසින් පත්කල පංච පුද්ගල විද්වත් කමිටුවේ සභාපතිවරයා.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් හෝ එහෙම නැත්නම් විෂය බාර අමාත්‍ය අමාත්‍යවරයා විසින් ලිඛිතව යම් කිසිවක් පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස නම් කර තිබියදී, යම් පුද්ගලයකු යම් පුරාවිද්‍යාත්මක වටිනා වටිනාකමකින් යුතු ස්ථානයක් විනාශ කරනවා නම්, එයට හානි කරනවා නම් ඒ හෝ එහි ස්වභාවය වෙනස් කිරීමට කටයුතු කරනවා නම්,  එවැනි පුද්ගලයකු හෝ පුද්ගලයින් සම්බන්ධයෙන් වෙන වෙනම කමිටු දාලා අමුතුවෙන් වරදකරුවන් සෙවීමේ අවස්ථාවක් නැහැ.

මොකද මෙහි සරල කාරණය තමයි පුරා විද්‍යා පනතේ 21 - 22 වගන්ති යටතේ, අවුරුදු සියයකට වඩා පැරණි  පුරා විද්‍යා ස්මාරකයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති ගොඩනැගිල්ලක කිසිම ආකාරයේ අලුත්වැඩියා කටයුත්තක් පුරා විද්‍යා අධ්‍යක්ෂකගේ අනුමැතියකින් තොරව සිදුකරන්න බැහැ. අඩුම තරමින් ඇනයක් ගහන්නවත් පුළුවන් කමක් නැහැ, පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් වරයාගේ අනුමැතියෙන් තොරව.

ඒ නිසා 'හිතාමතා හානි කළේ නම් තරාතිරම නොබලා දඬුවම් කරනවා' කියලා අගමැතිවරයා කියන කතාව මේ අවස්ථාවේ දී ජනතාව රවටන්න කරන ප්‍රකාශයක් පමණයි.

'හිතාමතා හානි කළේ නම් තරාතිරම නොබලා දඬුවම් කරනවා' කියලා අගමැතිවරයා කියන කතාව මේ අවස්ථාවේ දී ජනතාව රවටන්න කරන ප්‍රකාශයක් පමණයි.''

යම් ගොඩනැගිල්ලක් පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති තියෙන අවස්ථාවකදී කිසියම් පුද්ගලයෙක් පුරාවිද්‍යාත්මක ස්ථානයකට විනාශයක් කර තියෙනවා නං ඒකෙ අමුතුවෙන් චේතනාව සම්බන්ධයෙන් සොයාබැලීම් අවස්ථාවක් මතු වන්නේ නැහැ, දඬුවම් ලැබිය යුතු බරපතල වරදක්...

mayer kurunegalaමෙතන දී අගමැතිවරයා කියන 'හිතාමතා ද කළා ද? ' කියන කාරණය අදාළ වෙන්නේ නැහැ. නීතිය නොදැනීම සමාවට කාරණයක් නොවෙයි.

අනෙක නගරයේ ප්‍රධාන පුරවැසියා වශයෙන් කුරුණෑගල නගර සභා බල ප්‍රදේශය ඇතුලේ තියෙන පුරාවිද්‍යාත්මක කමකින් යුක්ත දේපළ සම්බන්ධයෙන් නගරාධිපතිවරයා නොදැන සිටියා යැයි කීම විශ්වාස කළ නොහැකියි.

අදාල ගොඩනැගිල්ලේ අනවසර ඉඳිකිරීම් නවත්තලා තියෙන්නෙත් නාගරික සංවර්ධන අධිකාරිය සහ මාර්ග සමග අධිකාරිය විසින් එහි පුරාවිද්‍යාත්මක වටිනාකම ඔවුන් දැන සිටි නිසා.

මේ අනුව රටේ නීතිය හරියාකාරව ක්‍රියාත්මක කරනවා නම් අනිවාර්යෙන්ම සිද්ධියට සම්බන්ධ නගරාධිපතිවරයා හෝ වෙනස් සියලු දෙනා වහාම අත් අඩංගුවට ගතයුතු වෙනවා..'' නීතිඥ චරිත ගල්හේන වැඩිදුරටත් කියා සිටියේය.

 

කුරුණෑගල නගරයේ පුරාවිද්‍යාත්මක ස්ථාන :

මේ වනවිට මාර්ග සංවර්ධන අධිකාරිය පවා පැහැදිලිවම පවසන්නේ ආන්දෝලනයට ලක්ව ඇති පුරා විද්‍යාත්මක ගොඩනැගිල්ල කඩා බිඳදැමීම තමන් කිසිඳු ආකාරයක අනුමැතියක් නොදුන් බවයි.

නාගරික සංවර්ධන අධිකාරිය විසින් කුරුණෑගල නගර සභාව තුළ පිහිටා ඇති පුරාවිද්‍යා වටිනාකමකින් යුත් ස්ථාන කිහිපයක් මේවනවිටත් ප්‍රකාශයට පත්කර ඇත.

නාගරික සංවර්ධන අධිකාරිය විසින් සිදුකෙරෙන නගර සංවර්ධන ව්‍යාපෘති වලට අදාල වාර්තාවක කුරුණෑගල නගර සභාව තුළ පිහිටා ඇති පුරාවිද්‍යා වටිනාකමකින් යුත් ස්ථාන තව තවදුරටත් සංරක්ෂණය කිරීමට යෝජනා කර ඇති අතර ඒ අනුව නම් කර ඇති ස්ථාන කිහිපයක් මෙසේය.

buwaneka kurunegala. 1

සබැඳි පුවත්;

කුරුණෑගල නගරාධිපති බේරාගැනීමට අගමැති කාර්යාලයෙන් කැඳවූ මාධ්‍ය හමුව 'බකල්' ! - 'පොහොට්ටුවෙන්' ම විරෝධයක් !!

කඩා දැමූ 'රාජ සභා මන්දිරයේ' ඇත්ත කතාව - නිමේෂ තිවංකර සෙනෙවිපාල විසිනි

'ඩෝසර් කර ඇත්තේ බුවනෙකබාහු රාජ සභාවයි' - අගමැතිගේ පංච පුද්ගල කමිටුවේ සභාපති කියයි

බුවනෙකබාහු රාජ සභාව ඩෝසර් කළ 'ආර්ය චක්‍රවර්ති' නගරාධිපති නිදැල්ලේ!

ජනපති, අගමැති දෙබෑයන් යටතේ සිංහල උරුමය විනාශවීම ගැන විරෝධය

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්