'කොඩිය' ලකුණින් මෙවර මැතිවරණයට ඉදිරිපත්වූ 'අපේ ජන බල පක්ෂයට (OPPP - Our Power of People Party ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් හිමිව ඇත.


ඒ අනුව බොදු බල සේනා මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පාර්ලිමේන්තුවට පත්කිරීමට එම පක්ෂය ඒකමතිකව තීරණය වී ඇතැයි වාර්තාවේ.

2020 මහ මැතිවරණයේ අවසන් ඡන්ද ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොඳුජන පෙරමුණ (පොහොට්ටුව) ආසන 145 ක් ලබා ගනිමින් අතිවිශිෂ්ඨ ජයක් ලබා ගනිමින් තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයට දැවැන්ත පරාජයක් අත්කර දෙමිනි.

ඒ අනුව පොදුජන පෙරමුණ සමග එක්ව මෙනම සමහර දිස්ත්‍රීක්කවලදී වෙන්ව තරග කල පක්‍ෂ එක් කර ගැනීම මගින් පහසුවෙන්ම 2/3 බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවීමේ හැකියාව ලැබී ඇත. ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය, TMVP පක්‍ෂද ආණ්ඩුව සමග දැනටමත් ගිවිසුම්ගත පක්‍ෂයි.

එම මැතිවරණයේ අවසන් ප්‍රතිඵලය මෙසේය.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ  6853690 (59.09%)    -145

    සමගි ජන බලවේගය            2771980 (23.99%)   - 54

    දෙමළ ජාතික සන්ධානය           327168 (2.82%)  - 10

    ජාතික ජන බලවේගය               445,958 (3.84%)  - 3

    අහිල ඉලංකෛයි දමිල කොංග්‍රසය   67,766 (0.58%) - 2

    ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය  61,464 (0.53%) - 2

    එක්සත් ජාතික පක්ෂය                  249,435 (2.15%) - 1

    අපේ ජන බල පක්ෂය                    67,758 (0.58%) - 1

    TMVP                                       67,692 (0.58%) - 1

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය                 66,579 (0.57%) - 1

    TMTK                                       51,301 (0.44%) - 1

    ACMC                                      43,319 (0.37%) - 1

    ජාතික කොංග්‍රසය                        39,272 (0.34%) - 1

    මුස්ලිම් කොංග්‍රසය                          34,428 (0.30) - 1

 

 

අලුත් පක්ෂයක් බලයට පත්වීම:

MR GR BR

ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ අතරට එක්වූ අලුත්ම ප්‍රධාන පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වසර හතරක් තරම් කෙටි කාලයක් ඇතුළත මැතිවරණ සටනේ ප්‍රමුඛස්ථානය ලැබීම මෙවර මහමැතිවරණයේ විශේෂත්වයකි.

එම පක්ෂය පිහිටුවීමෙන් මුහුණ දුන් පළමු ජාතික අභියෝගය වූ පසුගිය ජනාධිපතිවරණයේ දී හැටනව ලක්ෂයකට අධික ඡන්ද ලබාගත් අතර, දෙවැනි අභියෝගය වූ මෙම මැතිවරණයෙන් ද එම පක්ෂය සෙසු දේශපාලන පක්ෂ අභිබවා යමින් එම ඡන්ද ප්‍රමාණය රැකගැනීමට සමත්ව ඇත.

මෙවර පොදු ජන පෙරමුණ ප්‍රදර්ශනය කරන්නේ, 1952 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවා වසර හතරක කාලයක් ඇතුළත පාර්ලිමේන්තු බලය දිනාගැනීමට සමත් වූ තත්වයට සමාන අවස්ථාවකි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වෙනස්කම් ඇතුළු අවශ්‍ය නෛතික ප්‍රතිසංස්කරණ සිදුකිරීම සඳහා තමන්ට තුනෙන් දෙකක පාර්ලිමේන්තු බහුතරයක් ලබා දෙන ලෙස, මෙම මහ මැතිවරණයට පෙර ආණ්ඩුව මහජනයාගෙන් ඉල්ලා සිටියේය.

ගෝලීය කොරෝනා වසංගතය මැද පැවැත් වූ 2020 මහා මැතිවරණය, ශ්‍රී ලංකා ඡන්ද ඉතිහාසයට එක්වන්නේ දීර්ඝ කාලයක් දිග ඇදුන මහ මැතිවරණය ලෙසින් පමණක් නොව දීර්ඝ කාලයක් ප්‍රචාරක කටයුතු සඳහා කාලය වෙන් කළ මැතිවරණය ද ලෙසිනි.

 

එක්සත් ජාතික පක්ෂයේ පරාජය:

unp lost

ඒ අතරම කැපී පෙනෙන ප්‍රධාන ලක්ෂණය වන්නේ ශ්‍රී ලංකාවේ පළමු ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂය ලෙස සැලකෙන එක්සත් ජාතික පක්ෂය බොහෝ ආසනවල හතරවෙනි ස්ථානයට පත්වීමයි.

ප්‍රතිඵල නිකුත් වීමත් සමඟම, පස් වතාවක් අගමැති පදවිය ඉසිලූ රනිල් වික්‍රමසිංහට තම අසුන අහිමිවී ඇති අතර, රටේ පැරණිම පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂය එකදු ආසනයක්වත් දිනාගැනීමට අපොහොසත් වී සිටී.

එම පක්ෂයට ජාතික ලැයිස්තුවෙන් එක් අසුනක් පමණක් හිමිව ඇත.

මෙය 1956 සහ 1970 මහමැතිවරණවලදී එක්සත් ජාතික පක්ෂය ලද පරාජයන්ටත් වඩා දරුණු පරාජයකි.

 

සමගි ජන බලවේගය:

sjb

මැතිවරණ ප්‍රතිඵල අනුව සමගි ජන බලවේගය උතුරු සහ නැගෙනහිර පළාත්වලට අයත් නැති ඡන්ද කොට්ඨාශයන්හි මේවනවිට දෙවැනි තැන ලබා සිටින අතර තුන්වෙනි ස්ථානයේ පසුවෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ නායකත්වය දෙන ජාතික ජන බලවේගයයි.

කෙසේ වුවත් ජනතා විමුක්ති පෙරමුනේ දැවැන්තයකු සහ ජනප්‍රිය දේශපාලන නායකයෙකු වූ සුනිල් හඳුන්නෙත්තිට පවා ජයග්‍රහණය කිරීමට නොහැකිවීම සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ද අවධානයට ලක්ව තිබෙන කරුණකි.

උතුරු පළාතේ ප්‍රකාශිත ප්‍රතිඵල අනුව අමාත්‍ය ඩග්ලස් දේවානන්දගේ EPDP පක්ෂය ඇතැම් ස්ථානවල ඉලංකයි තමිල් අරසු පක්ෂය අභිබවා යාම තවත් විශේෂත්වයකි.

එසේම යාපනය ඇතුළු උතුරේ ස්ථාන කීපයක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සැලකිය යුතු ඡන්ද ප්‍රමාණයක් ලැබී තිබේ.

(උපුටා ගැනීම් -BBC සිංහල සේවය)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්