ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් වූ ජනාධිපති නීතිඥ අලි සබ්රිට අධිකරණ ඇමති ධූරය හිමිවුවහොත් මේ රටට යහපතක්

සිදුවනු ඇති බව 'දෙරණ' නාලිකාවේ අධිපති ප්‍රකට ව්‍යාපාරික නීතිඥ දිලිත් ජයවීර අවධාරණය කර සිටියි.

ජනාධිපති ගෝඨාභයගේ සමිතම හිතවතකු වන දිලිත් ජයවීර එබව සිය FB පිටුවේ සටහන කර ඇත්තේ, අලි සබ්රිට අධිකරණ ඇමතිකම බාරදීම අවධානම් සහගත බවට ආණ්ඩුවට පක්ෂපාති ඇතැම් 'ජාතික සංවිධාන' ප්‍රසිද්ධියේ ද හා ඇතැම් ආගමික නායකයින් අප්‍රසිද්ධියේ මත ප්‍රකාශකරමින් සිටින මොහොතකය.

ජනාධිපති නිතිඥ අලි සබ්රි අධිකරණ ඇමතිවරයා ලෙස පත්කිරීම මඟින් හිටපු අමාත්‍ය රවුෆ් හකිම් විසින් ආරම්භ කළ ක්‍රියාවලිය ඉදිරියටත් පවතිනු ඇති බවට සහ එක් රටක් එක් නිතියක් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට බාධා එල්ලවනු ඇති බවට ආණ්ඩුවේම ඇතැම් පාර්ශව විසින් සැක මතුකරමින් සිටිති.

උප්පැන්න සහතිකය පිළිබඳ ප්‍රශ්ණය සහ වෛද්‍ය සාෆි පිළිබඳ ප්‍රශ්ණය ආදී ප්‍රශ්ණ වලදී ඔහු අන්තවාදීන් සතුටුවන ආකාරයට මත පළ කරන අයෙකු බවත් අනාගතයේදී අන්තවාදීන්ගේ බලපෑම් වලට ඔහු යටත්වන බවත් එවැනි පාර්ශව සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කරමින් සිටිති.

අභිනවයෙන් පාර්ලිමේන්තුවට පත් වූ ජනාධිපති නීතිඥ අලි සබ්රිට අධිකරණ ඇමතිකම වැනි තීරණාත්මක වැදගත් ඇමතිකමක් බාරදීම පිළිබඳව විවිධ පාර්ශව වලින් බරපතල විරෝධය එල්ල වෙමින් පවතින බව විමල් විරවංශගේ නායකත්වයෙන් යුතු ජාතික නිදහස් පෙරමුණ විසින් පවත්වාගෙන යන Lanka Lead News වෙබ් අඩවිය ද වාර්තා කර ඇත.

ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලියක් ඉදිරියේ තිබියදී සහ ඉස්ලාම් විවාහ නීති මෙන්ම මද්‍රසා පාසල් පිළිබඳ මහජන අවධානය  යොමුව ඇති අවස්ථාවක අලි සබ්රි නව පදවිය තුළ බලවත් පීඩනයකට ලක්වන බව එම වෙබ් අඩවිය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

 

දිලිත් ජයවීර වගකීම පවරා ගනියි !

Dilith Sabry

ජනාධිපති නීතිඥ අලි සබ්රිට අධිකරණ ඇමති ධූරය ලබාදීමට එරෙහිව සැලසුම් සහගතව ක්‍රියාත්මක වන ප්‍රචාරක මෙහෙයුමට ප්‍රතිචාර දක්වා ඇති දිලිත් ජයවීර, සිය FB පිටුවේ පළකර ඇති සටහන පහත පළවේ.

''අලි සබ්රි දශක තුනක් තිස්සේ මගේ සමීපතම මිතුරෙක්. මගේ "විශ්වවිද්‍යාල දේශපාලන ජීවිතයේ" දී හමුවූ ඔහු අදටත් එදා මෙන් ම එකම මතයක ඉදන් කටයුතු කරන කෙනෙක්.

වර්තමාන ජනාධිපති තුමාට ඔහුව හඳුන්වා දුන්නේත් මමයි. ඒ ඔහු පිළිබඳව මා තුළ තියන අසීමිත විශ්වාසය නිසා.
ඒ වකවානුවේ ඔහු එවකට ආරක්ෂක ලේකම් තුමාට මිග් ගනුදෙනුව මුවාවෙන් The Sunday leader පුවත්පත පළ කළ අපහාසාත්මක ලිපියට එරෙහිව නඩු දැමීම සඳහා ඔහු සම්බන්ධ කර වූවා.

එදා ඉඳන්ම ඔහු අපේ ජනාධිපතිතුමා එරෙහි ව දැමූ හැම නඩුවකට නොමිලේ පෙනී හිටියා විතරක් නෙමේ ජනාධිපතිතුමා ආරක්ෂා කළා. කිසිම ලාභ ප්‍රයෝජනයක් බලාපොරොත්තුවෙන් නැතුව ජනාධිපතිතුමා ළඟ කවුරුත් හිටපු නැති වෙලාවක එතුමා මුදල් ශ්‍රමය ධනය ජනාධිපතිතුමා වෙනුවෙන් වැය කළා.

''එදා ඉඳන්ම ඔහු අපේ ජනාධිපතිතුමා එරෙහි ව දැමූ හැම නඩුවකට නොමිලේ පෙනී හිටියා විතරක් නෙමේ ජනාධිපතිතුමා ආරක්ෂා කළා. කිසිම ලාභ ප්‍රයෝජනයක් බලාපොරොත්තුවෙන් නැතුව ජනාධිපතිතුමා ළඟ කවුරුත් හිටපු නැති වෙලාවක එතුමා මුදල් ශ්‍රමය ධනය ජනාධිපතිතුමා වෙනුවෙන් වැය කළා.''

ඔහු තම ආගමික විශ්වාස අනුව ජීවත්වෙන දියුණු ශ්‍රී ලාංකිකයෙක්. ජාතික ලැයිස්තුවෙන් ඔහුව පාර්ලිමේන්තුවට ගෙන ඒමට මමද ඇතුළුව ජාතික සංවිධාන රැසක් කටයුතු කළා. ඒ ඔහු අපිට විශ්වාසය තැබිය හැකියි මුස්ලිම් ජාතිකයෙක් විතරක් නෙමෙයි උගතෙක් නිසා.

ලංකාවේ ඉහලම පෙලේ ජනාධිපති නීතිඥයෙක් විදියට කටයුතු කරන ඔහු පාර්ලිමේන්තුවට ආවම ඔහුට ඒ වෘත්තියේ නිරත වෙන්න නොහැකි වීම නිසා මූල්‍යමය වශයෙන් පවා පාඩුවක් වෙනවා. ඔහු ඒ සියල්ල අහිමි කරගනිමින් රට වෙනුවෙන් සේවය කරන්නයි පෙරට එන්නේ.

ඔහු ජාතිකවාදය පිළිගන්නා අතරම, මුස්ලිම් ජනතාවත් ජාතිකවාදී ව්‍යාපාරයට ගෙන ඒමට අනාගතයේ නායකත්වය දරා වී.  Inclusive Nationalism මතවාදයත් එක්ක ඔහු අධිකරණ ඇමති ධූරය ලබා ගත්තොත් මේ රටට යහපතක් සිදු වේවි.''

සබැඳි පුවත් :

මුස්ලිම් ජාතිකයකුට අධිකරණ ඇමතිකම නොදෙන්නැයි බලපෑම් !

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්