පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ඉදිරියේ ඊයේ (ජුනි 13) සාක්ෂි ලබා දෙමින් නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාර එම් එල් ඒ එම් හිස්බුල්ලා ප්‍රකාශ කළේ මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ සහරාන් පසුගිය ජනාධිපතිවරණයේ දී "වැඩ කළේ" වත්මන් ජනපති මෛත්‍රිපාල සිරිසේනට බවයි.



"එයා පසුගිය ජනාධිපතිවරණයේ දී සම්පුර්ණයෙන් ම වැඩ කළේ අපිට විරුද්ධව. මම වැඩ කළේ මහින්ද රාජපක්‍ෂට. එයා සම්පුර්ණයෙන් ම වැඩ කළේ වර්තමාන ජනාධිපති තුමාට. එයා පල්ලි ඔක්කොම පාවිච්චි කරල වැඩ කළා." හිස්බුල්ලා හිටපු ආණ්ඩුකාරවරයා පැවසීය.

තමන් එවකට මඩකලපුවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියලුම අපේක්ෂකයන් ට නායකත්වය දුන් අපේක්ෂකයා ලෙස කටයුතු කළ බව ද ඔහු සනාථ කළේය.

සහරාන්ගේ ප්‍රචණ්ඩත්වය පිළිබඳව අනෙකුත් පිටස්තර උදවිය දැන සිටියදී කාත්තන්කුඩිය නියෝජනය කරන ප්‍රධාන දේශපාලනඥයා වශයෙන් තමන් නොදැන සිටීමට හේතුව කුමක් දැයි පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකයෙකු වන වෛද්‍ය නලින්ද ජයතිස්ස මන්ත්‍රීවරයා මෙහිදී ප්‍රශ්න කළේය.

ඊට පිළිතුරු දෙමින් හිටපු ආණ්ඩුකාරවර හිස්බුල්ලා කියා සිටියේ සහරාන් ත්‍රස්තවාදියෙකු බව දැන සිටියා නම් තමන් පැමිණිලි කරන බවය.

හිස්බුල්ලාගේ මෙම ප්‍රකාශ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යය වල විවිධ පොස්ටු සංසරණය වෙමින් තිබේ. ඒ සම්බන්ධයෙන් සිය FB පිටුවේ සටහනක් තබා ඇති නීතිඥ ගාමිණී අල්විස් මෙසේ සඳහන් කර ඇත. 

ඕං හිස්බුල්ලා නං දේශප්‍රේමී උනා හිටං
මේ මොහොතේ පටං
බනින් නැතුව හිටිං

Gamini

තවත් නාට්‍යයක් ද ?


ඊයේ (13) පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාක්ෂි දෙමින් හිස්බුල්ලා අදහස් දක්වද්දී ඒ සම්බන්ධයෙන් දැඩි ආවේගයෙන් යුතුව හරස් ප්‍රශ්න ඇසු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකයින්  එහි කටයුතු නිමාවෙන් පසු ඉතා සුහඳශිලිව කතාබහ කරන ආකාරය දිස්විය. 

ඊට අදාළ ජායාරුපයක් පළකරමින්, තිලාන් ජයසේකර සිය FB පිටුව සටහන තබා තිබුනේ  ''ශූටින් ඉවර වෙලා සෙට් එක ගලවන්න කලින්.....'' කියාය 

Thilan

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්