2015 ජනාධිපති පූර්ව සමයේ මිනිසෙකුට වෙඩි තබා ඝාතනය කළ රත්නපුර මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර (චොකා මල්ලි)

සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව විසින් අධිකරණ අමාත්‍යාංශයට නීති උපදෙස් ලබාදී ඇති බව හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියි.

එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.

''දැනගන්නට ඇති අයුරින්, නීතිපති උපදෙස අනුව, මරණ දණ්ඩනය ලැබූ අයෙකුට මන්ත්‍රී ධූරයක් දැරීම නුසුදුසුකමකි.

Rajith Keerthiමන්ත්‍රීකමක් දැරීමට නුසුදුසු අයෙකුට, මන්ත්‍රීවරයෙකු ලෙස පත්වීමට හෝ පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට හෝ පාර්ලිමේන්තුවේ ඡන්දය ප්‍රකාශ කිරීමට හෝ නොහැකිය.

ඒ අනුව, පුද්ගලිකවම මමත්, සමගි ජන බලවේගය ප්‍රේමලාල් ජයසේකර (චොකා මල්ලි) සම්බන්ධයෙන් මේ දක්වා දැරූ ස්ථාව තහවුරු වී ඇත.

මැතිවරණ කොමිසම ඇතුළු විෂය දැනුමක් සහිත පුද්ගලයින් ගේ අදහස වූයේ ද, පාර්ලිමේන්තුවේ විෂය භාර නිලධාරීන්ගේ අදහස ද මෙයම වේ.  

හිටපු පළාත් සභා මන්ත්‍රී හසිත මුහන්දිරම් මරණ දඩුවම නියම වූ පසුව සබරගමුව පලාත් සභාවේ සභා ලේකම් ගේ ඉල්ලීම පරිදි ඉල්ලා අස්වීය.  එය ද නීතිපති උපදෙස් මත සිදු  වූවේය.  

මේ පිළිබඳව හසිත මුහන්දිරම් පැවරූ නඩුවෙන් ද ඔහු පරාජයට පත් වූ අතර පළාත් සභා මන්ත්‍රී ධූරයට හිමිකමක් නොමැති බව තීරණය විය.

සරත් ෆොන්සේකාට සිර දඬුවම් නියම කිරීමෙන් පසුව, ඔහුට පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගිවීම එවකට සිටි කථානායක චමල් රාජපක්ෂ විසින් වලක්වනු ලැබීය.

''රත්නපුර ලැයිස්තුවේ ඊලඟ පොහොට්ටුවෙන් සිටින්නේ මනාප 53,281 බැගින් සමාන ඡන්ද ලැබූ සනී රෝහණ කොඩිතුවක්කු සහ රංජිත් බණ්ඩාර මහත්වරුන් ය.   ප්‍රේමලාල් ජයසේකර ඉවත් කළ පසුව, පත්වන මන්ත්‍රීවරයා කවුරුන්ද යන්න තීරණය වන්නේ කාසියක් උඩ දැමීමෙනි. ''

රත්නපුර ලැයිස්තුවේ ඊලඟ පොහොට්ටුවෙන් සිටින්නේ මනාප 53,281 බැගින් සමාන ඡන්ද ලැබූ සනී රෝහණ කොඩිතුවක්කු සහ රංජිත් බණ්ඩාර මහත්වරුන් ය.  

ප්‍රේමලාල් ජයසේකර ඉවත් කළ පසුව, පත්වන මන්ත්‍රීවරයා කවුරුන්ද යන්න තීරණය වන්නේ කාසියක් උඩ දැමීමෙනි.

සබැඳි පුවත් :

එක රටක් එක නීතියක් : ෆොන්සේකාට අදාල වූ නීතිය චොකා මල්ලි වෙනුවෙන් 'නවපු හැටි' !! 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්