ලැබුණු තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් සමග ඒකාබද්ධව අද දින සිදුකළ කරන ලද වැටලිමකදි

බද්දේගම ප්‍රාදේශිය සභාවේ හිටපු මන්ත්‍රී ගැමුණු ඒකනායක අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී සැකකරු සන්තකයේ තිබී ටී 56 ගිනි අවියක්, එම ජීව උණ්ඩ 06 ක්, මැගසින් 01 ක්, වායු රයිෆලයක්, ජීව අත්බෝම්බයක්, රම්බෝ පිහි 05 ක්, පිස්තෝල රඳවන 03 ක්, උණ්ඩ බහාලන පෙට්ටියක් මෙන්ම ලියාපදිංචි නොකළ යතුරු පැදියක් ද සොයා ගැනුණු බව පොලිසිය පවසයි.

සැකකරු මීට පෙර රක්ෂිත බන්ධනාගාර ගතව සිටි අයෙකු බව ද වාර්තාවේ.  

බද්දේගම පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.

පොලිස් ආරංචිමාර්ග සඳහන් කරන පරිදි මෙසේ අත්අඩංගුවට ගත් සැකකරු 2005 වසරේදී බද්දේගම ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කර ඇති අතර ප්‍රදේශයේ ප්‍රබල දේශපාලනඥයකුගේ සමීපතම හිතවතෙකි.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්