රජයේ අභ්‍යන්තර ආරංචිමාර්ග වලින් මේවනවිට ලැබී ඇති තොරතුරු වලට අනුව, නිදහසින් පසු ගෙවීගිය වසර 72 ක ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම ණය

ගැනීමට නියමිත වර්ෂය 2020 වර්ෂය විය හැකි බව ප්‍රවීන ආර්ථික විශේඥයකු පැවසිය. ඔහු සඳහන් කර පරිදි එය රුපියල් බිලියන 3000 කට ආසන්නය.

2020 ජනවාරි 01 දින සිට අප්‍රේල් මස අවසාන දක්වා වූ මාස 4ක ණය සීමාව රුපියල් බිලියන 755ක් විය. එය පාර්ලිමේන්තුවෙන් නිල වශයෙන් අනුමත වුවකි.

එහෙත් මැයි මාසයේ 01 සිට සැප්තැම්බර් 01 දක්වා වූ මාස 4ක කාලය සඳහා කොපමණ මුදලක් ණය වශයෙන් ගෙන ඇත්දැයි මෙතෙක් නිලවශයෙන් ප්‍රකාශයට පත්ව නොමැත. මුල්‍ය පාලනයේ එකම ආයතනය වූ පාර්ලිමේන්තුවට පවා මෙතෙක් ඒ සම්බන්ධයෙන් තොරතුරු ලබාදී නොමැත.

එහෙත්, මැයි මාසයේ 01 සිට සැප්තැම්බර් 01 දක්වා වූ මාස 4ක කාලය සඳහා කොපමණ මුදලක් ණය වශයෙන් ගෙන ඇත්දැයි මෙතෙක් නිලවශයෙන් ප්‍රකාශයට පත්ව නොමැත. මුල්‍ය පාලනයේ එකම ආයතනය වූ පාර්ලිමේන්තුවට පවා මෙතෙක් ඒ සම්බන්ධයෙන් තොරතුරු ලබාදී නොමැත.

සැප්තැම්බර් 01 දා සිට දෙසැම්බර් 31 දක්වා ණය සිමාව රුපියල් බිලියන 1300ක් සඳහා පසුගියදා පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවිය.

2020 ජනවාරි 01 දින සිට අප්‍රේල් මස අවසාන දක්වා අනුමත වූ රුපියල් බිලියන 755 සහ සැප්තැම්බර් 01 දා සිට දෙසැම්බර් 31 දක්වා අනුමත වූ ණය සිමාව වන රුපියල් බිලියන 1300ක් යන ව්‍යවස්ථානුකුලව අනුමත ණය ප්‍රමාණය සැලකුවද එය රුපියල් බිලියන 2055 කි.

මැයි මාසයේ සිට සැප්තැම්බර් 01 දක්වා වූ මාස 4ක කාලය සඳහා නොනිල වශයෙන් ලබාගෙන ඇති ණය ප්‍රමාණය,   2020 ජනවාරි 01 දින සිට අප්‍රේල් මස අවසාන දක්වා වූ මාස 4ක ණය සීමාව වූ රුපියල් බිලියන 755 ට සමාන වියහැකියයි උපකල්පනය කළහොත් මේවසරේ සමස්ත ණය මුදල රුපියල් බිලියන 2,800ක් තරම් වේ.

 

දෝෂ සහිත කළමනාකරණය :

PB S.R. Attygalleආණ්ඩුවේ මුල්‍ය පරිපලකයින්ගේ දෝෂ සහිත කළමනාකරණය

මුල්‍ය විශේලේෂකයින් පවසන්නේ රජයට මෙසේ ණය කන්දරාවක් ගැනීමට බලපා ඇති මුලිකම කාරණය වන්නේ, වත්මන් ආණ්ඩුවේ මුල්‍ය පරිපලකයින්ගේ දෝෂ සහිත කළමනාකරණය බවයි.

2019 අගදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්ව රාජපක්ෂ ආණ්ඩුව පිහිටපු මොහොතේම බදු කපා හැරීම නිසා රුපියල් බිලියන 600කට වැඩි අදායමක් රජයට අහිමි විය.

ඒ අතර මාර්තු 20 දා සිට කොවිඩ් 19 වසංගත තත්වයතුල රටම 'ලොක්ඩවුන්' කිරීම තුලින් ඇරඹුන ආර්ථිකය කඩා වැටීමද මෙලෙස වැඩිපුර ණය ගැනීමට හේතුවී තිබේ.

සබැඳි පුවත් :

දිනක ණය හා පොලීය කෝටි 777යි ! - ආදායම කෝටි 394යි!!

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්