පාස්කු ඉරිදා ප්‍රහාරය පිටුපස සිටින අදිසි බලවේගය මාධ්‍යවේදීන් නොමැති විටක හෙළිදරව් කළ හැකි බවට හිටපු අමාත්‍ය රවුෆ් හකීම් විසින්

පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් පසුගිය 7 දා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මේ වන විට දේශපාලන ක්ෂේත්‍රයේ සුවිශේෂී අවධානයක් යොමු වී ඇත.

අප්‍රේල් 21 පාස්කු ඉරිදා ප්‍රහාරය හා සම්බන්ධ සහරාන් හෂීම් හා IS ත්‍රස්තවාදයෙන් අතර සෘජු සම්බන්ධතාවයක් නොමැති බවත් ප්‍රහාරයට සම්බන්ධ මහ මොළකරු මේ රට අස්ථාවර භාවයට මුලපිරූ වෙනත් බලවේගයක් බවත්  හිටපු අමාත්‍ය රවුෆ් හකීම් ජනාධිපති කොමිසම හමුවේ පවසා සිටියේය.

පාස්කු ප්‍රහාරයෙදී සහරාන් හසීම් හා කණ්ඩායම මෙම බලවේගයන් විසින් මෙහෙය වූ අය පමණක් බව හිටපු ඇමතිවරයා එහිදී තවදුරටත් සඳහන් කර තිබිණ.

 අනතුරුව කොමසාරිස්වරයා විසින් එම අදිසි බලවේගය කවුරුන්ද යන්න විමසූ විට මාධ්‍ය ඉදිරියේ අදාළ පාර්ශ්වයන්ගෙන් නම සඳහන් කිරීමට නොහැකි බව ඔහු පවසා සිටියේය.  

 

ඇත්තටම තොරතුරු දුන්නේ කව්ද ?

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු විදෙස් ඔත්තු සේවයක් ශ්‍රී ලංකාවේ රාජ්‍ය බුද්ධි සේවාව වෙත ලබා දුන් බව මෙතෙක් ප්‍රකාශවී තිබුන ද, එම තොරතුරු ලබා දී ඇත්තේ ඉන්දීය පොලිසියට සම්බන්ධ වෙනත් ත්‍රස්ත විමර්ශන ඒජන්සියක් විසින් බවට මේවනවිට කරුණු අනාවරණය වෙමින් ඇතැයි පැවසේ.

ඒ අනුව මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් එම විදේශ ඔත්තු සේවාව කරුණු දැන ගෙන, ශ්‍රී ලංකාවට නොදන්වා සිටියේ ද  යන්න පිළිබඳ මෙතෙක් පැහැදිලි වී නැතත්, මේවනවිට ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇතැයි දැන ගැනීමට තිබේ.

Hindustan Times

හින්දුස්තාන් ටයිම්ස් 2020 මැයි මස 4 දින පළ කළ වාර්තාවක දක්වා ඇත්තේ ඉන්දියානු ජාතික විමර්ශන ඒජන්සිය (National Investigation Agency - NIA) විසින් 2018 දෙසැම්බර් මාසයේදී තමිල්නාඩුවේ කොයිම්බතෝර් හෙවත් කෝවායි හි ඉස්ලාමීය ත්‍රස්තවාදී කණ්ඩායම් පිළිබඳව කරන ලද විමර්ශන වලදී අනාවරණය කරගත් සහරාන් හෂීම්ගේ වීඩියෝ පට සම්බන්ධයෙන් දිගින් දිගටම කරන ලද විමර්ශන වල ප්‍රතිපලයක් ලෙස පාස්කු ඉරිද ප්‍රහාරය සම්බන්ධයෙන් 2019 අප්‍රේල් 4 වෙනිදා ශ්‍රී ලංකා බුද්ධි අංශ වෙත තොරතුරු ලබා දුන් බවයි.

රවුෆ් හකීම් හිටපු අමාත්‍යවරයා සිදුකල ප්‍රකාශය ආන්දෝලනාත්මක කාරණයක්  වන්නේ, පාස්කු ඉරිදා ප්‍රහාරය පිටුපස විදෙස් ඔත්තු සේවයක් සිටින්නට ඇති බවට පසුගිය කාලයේ සමාජ මාධ්‍ය ඔස්සේ විවිධාකාරයෙන් මත පළ වී තිබුන හෙයිනි.

ඒ අනුව මාධ්‍ය ආවරණය නොමැතිව රවුෆ් හකීම් හිටපු අමාත්‍යවරයා සිදු කිරීමට අවසර ඉල්ලා සිටි ප්‍රකාශය මිට අදාල විශේෂ කාරණයක් විය හැකි බවට දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහට ලක්වෙමින් තිබේ.

Passku Letter

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්