තරුණ ස්ත්‍රීන් කිහිප දෙනෙකු පිළිසඳරක යෙදී සිටියහ. ඉන් එකියන මෙසේ ඇසුවාය.

“උඹට රමණ සූරතාන්තය දැනුනහම එය කොල්ලට දන්වන්නේ කොහොමද?”

ඇය ගත් කටටම මෙසේ කීවාය.”මම කෝල් එකක් දෙනවා”.

රමණයෙහිදී පුරුෂයන් ලබන සූරතාන්තය ස්ත්‍රීන්ට එළෙසින්ම නොලැබෙන බව දැක්වෙන එම විහිළු කතාවට පාදක වූ ලිංගික පර්යේෂණයන්ට මුල පිරූ ෂෙයර් හයිට් (Shere Hite) පසුගිය සතියෙහි ජීවිතයට සමු දුන්නාය.

“හුඟාත් හුඟාක් පිරිමි තවමත් බොළඳ හා අහංකේන්ද්‍රීය ලෙස ඔවුන්ට දැනෙන තෘප්තිය ඉබේම කාන්තාවන්ට ද ප්‍රීතිය ගෙන දෙන්නේයැයි විශ්වාස කරති.” යැයි ඇය කීවේය.

The Hite Reportඑවැනි ඍජු ප්‍රකාශයන් නිසා ඇය ෂෙයර් හයිට් 1970 දශකයෙහිදී ඇමරිකාවේ මතභේදාත්මක චරිතයක් බවට පත් විය. බොහෝ පිරිමි ඇයට පහර ගැසූහ. එමෙන්ම ඇය ස්ත්‍රීවාදී වීරවරියක බවටද පත්විය. පසුගිය සතියෙහි මිය යන විට දී ඇය 77 වියෙහි පසුවිය.

ඇයගේ පුරෝගාමී කෘතිය වූ හයිට් වාර්තාව “The Hite Report: A Nationwide Study of Female Sexuality” (1976) ස්ත්‍රී ලිංගිකත්වය පිළිබඳ පැවැති මතයන් උඩියටිකුරු කළේය.

1976 දී එළිදුටු එම ග්‍රන්ථයෙහි ලිංගිකත්වය සහ සූරතාන්තය පිළිබඳව ස්ත්‍රීන් 3,500 දෙනෙකුගේ අදහස් ඇතුළත් විය.

එය බොහෝ පිරිමි උපකල්පනයන්ට අභියෝග කළ අතර ප්ලේබෝයි සඟරාව ඇතුළු සමහරු එය සමච්චලයට ලක් කළහ. තවත් පිරිස් එය “වෛරී වාර්තාව“ (“Hate Report”) යැයි නම් පටබැන්දේය.

ඇය එක්සත් ජනපදයෙහිදී දිගින් දිගටම එල්ල වූ කටෝර විවේචන විඳදරාගත් ඇය අවසානයේ 1995 දී ඇමරිකානු පුරවැසිභාවය අත්හැරියාය.

ඇය මුලින් නිව්යෝක්හි නිරූපිකාවක් ලෙස සේවය කළාය.

කොලොම්බියා විශ්ව විද්‍යාලයේ උපාධිය සඳහා ගෙවිය යුතු මුදල් ලබා ගැනීමට සඳහා ඇය යතුරු ලියන සමාගමක දැන්වීමක පෙනී සිටියාය.

ඇයගේ පැහැපත් හිසකෙස් හා ආකර්ශනීය පෙනුම ඉස්මතු කළ දැන්වීම මෙසේ සඳහන් කර තිබුණි. “යතුරු ලියනයයි බුද්ධිමත්, ඉදින් ඇය බුද්ධිමත් වෙන්න ඕන නැහැ!.”

එම වෙළද දැන්වීමෙහි වූ ලිංගිකත්වය නිසා ඇගේ කෝපයට පත් ඇය එයට එරෙහි විරෝධතාවලට එක් විය.

හයිට් ද සහභාගි වූ කාන්තාවන් සඳහා වූ ජාතික සංවිධානයේ රැස්වීමකදී ස්ත්‍රීන්ට සූරතාන්තය ලැබේද යන ප්‍රශ්ණය මතුවිය. ඇතිවූයේ නිහඬතාවයකි. අනතුරුව ඒ සම්බන්ධයෙන් පර්යේෂණයක් කරන ලෙස හයිට්ට පැවරුණි.

“හයිට් වාර්තාව“ යනුවෙන් ප්‍රසිද්ධ කැරුණු ස්ත්‍රී ලිංගිකත්වය පිළිබඳ එම ජාතික අධ්‍යයනය ලොව පුරා පිටපත් මිලියන 50 ක් විකිණෙමින් ජාත්‍යන්තර මාතෘතාවක් බවට පත්විය.

“හයිට් වාර්තාව“ යනුවෙන් ප්‍රසිද්ධ කැරුණු ස්ත්‍රී ලිංගිකත්වය පිළිබඳ එම ජාතික අධ්‍යයනය ලොව පුරා පිටපත් මිලියන 50 ක් විකිණෙමින් ජාත්‍යන්තර මාතෘතාවක් බවට පත්විය.

ඊට දායක වූ දහස් ගණනාවක් ස්ත්‍රීන් සිය ලිංගික ජීවිතයන්හි සතුට හා කලකිරීම් ඉට එක් කළහ.

සම්මුඛ පරීක්ෂණයන්ට භාජනය වූ ස්ත්‍රීන්ගේන් 70% කට වඩා වැඩි පිරිසක් පවසා තිබුණේ පුරුෂ ලිංගය යෝනියට ඇතුල් කිරීමේ ක්‍රියාවලියෙන් පමණක් තමන්ට සූරතාන්තය නොලැබෙන බවත් ඒ සඳහා ක්ලිටරල් මෙහොත් භගමණි උත්තේජනයක් අවශ්‍ය බවත්ය.

“එවකට ස්ත්‍රීවාදීනියක වූ එකම ලිංගික පර්යේෂිකාව වූයේ මමයි“ යැයි ඇය 2011 දී ගාඩියන් පුවත්පතට පැවසුවාය. “ලිංගික ක්‍රියාකාරකම් පිළිබඳ අදහස සූරතාන්තය හා ස්වයංවින්දනය දක්වා ව්‍යාප්ත කිරීමට මා උත්සාහ කළා.”

කම්පන තරංග ඇති කළ ඇයගේ එම කෘතිය ස්ත්‍රීන්ගේ ලිංගික තෘප්තිය පළමු හා ප්‍රමුඛස්ථානයට ගෙන ආ ප්‍රථම අවස්ථාව විය. ස්ත්‍රීන් සඳහා වූ සැබෑ ලිංගික විප්ලවයක් ආරම්භ කළ පර්යේෂිකාවක ලෙස බොහෝ ලේඛිකාවන් ඇයට ප්‍රසංශා කරත්!

''කම්පන තරංග ඇති කළ ඇයගේ එම කෘතිය ස්ත්‍රීන්ගේ ලිංගික තෘප්තිය පළමු හා ප්‍රමුඛස්ථානයට ගෙන ආ ප්‍රථම අවස්ථාව විය. ස්ත්‍රීන් සඳහා වූ සැබෑ ලිංගික විප්ලවයක් ආරම්භ කළ පර්යේෂිකාවක ලෙස බොහෝ ලේඛිකාවන් ඇයට ප්‍රසංශා කරත්!''

එහෙත් එම කෘතිය ඕනෑම අලුත් අදහසකට සිදුවන පරිදි දරුණූ ප්‍රහාරයන්ට ලක් විය.

පිරිමි පමණක් නොව පුර්ෂාධිපත්‍යවාදී ගැහැණුද ඊට එරෙහි වී ඇය පවුල් කඩකප්පල් කරන්නියක ලෙස හැදින්වූහ.

ඒ කොතෙක්ද යත් ඇයට මරණ තර්ජන පවා එල්ල විය. ස්වකීය ලිංගික බලය තර්ජනයට ලක්වීම ගැන පිරිමි බියට පත් වූහ.

දුර්ලභ ස්නායු ආබාධයකට ගොදුරු වූ ඇය පසුගිය 09 වන බදාදා උතුරු ලන්ඩනයේ පිහිටි සිය නිවසේදී සිය දැස් සදහටම පියාගත්තාය.

(srilankabrief.org - ද ගාර්ඩියන් හි පල වූ ලිපියක් ද ඇසුරිණි)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්