ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වුවහොත්

ඉදිරියේදී පත්වන ජනාධිපතිවරුන් තමන්ගේ මතයට එකඟ නොවන පුද්ගලයන් හිස ගසා මරා දමන තත්වයට වුවද පත්විය හැකි බවත්, ජනාධිපතිවරයා යනු යකා නටන පුද්ගලයෙකු බවට පත්වීමේ අනතුරක් ඇති බවත් සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ සභාපති, හිටපු කතානායක කරු ජයසූරිය පවසයි.

ඔහු එම අනතුරු ඇඟවීම සිදුකරනු ලැබුවේ, 'සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය'  17දා සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට ඇතුළත් කර ඇති ඇතැම් වගන්ති සම්බන්ධයෙන් මහ මැතිවරණයට පෙර ජනතාව දැනුවත්ව සිටියේ නම් ජනතාව වත්මන් ආන්ඩුවට තුනෙන් දෙකක බහුතරය බලයක් ලබා නොදීමට ඉඩ තිබූ බව ඔහු එහිදී කියා සිටියේය.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට ඇතුළත් කර ඇති ඇතැම් වගන්ති සම්බන්ධයෙන් මහ මැතිවරණයට පෙර ජනතාව දැනුවත්ව සිටියේ නම් ජනතාව වත්මන් ආන්ඩුවට තුනෙන් දෙකක බහුතරය බලයක් ලබා නොදීමට ඉඩ තිබූ බව කරු ජයසුරිය පවසයි.

තවමත් බහුතර ජනතාව 20 වැනි සංශෝධනයේ අඩංගු කරුණු සම්බන්ධයෙන් ප්‍රමාණවත් අවබෝධයක් නොමැති බව පැවසු හිටපු කතානායකවරයා, මේ නිසා ආණ්ඩුව පළමුව කළයුත්තේ නව සංශෝධනයේ අඩංගු කරුණු සම්බන්ධයෙන් ජනතාව නිසි පරිදි දැනුවත් කිරීම බව සඳහන් කළේය.

ලෝකයේ වඩාත් ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී රටවල ජාතික වැදගත්කමක් සහිත කාර්යයන්වලදී පළමුව කරන්නේ ජනතාව දැනුවත් කර ඔවුන්ගේ අදහස් ලබා ගැනීම බව පෙන්වා දුන් කරු ජයසූරිය, වත්මන් රජයටද එවැනි පියවරකට යාම සුදුසු බව යෝජනා කර සිටියේය.

ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ 20 වැනි සංශෝධනය හරහා පාර්ලිමේන්තුව තැපැල් කන්තෝරුවක් වැනි තත්වයකට පත්වන බවයි.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්