සාම්ප්‍රදායික ඇපකර ක්‍රමයෙන් ඔබ්බට ගොස් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නඟාසිටුවීමට ඩිජිටල් මූල්‍යකරණය පෙරමුණට
ප්‍රතිපත්තිවල අඛණ්ඩතාව රැකගැනීමට සියලු පාර්ශ්ව එක්වන ජාතික ඩිජිටල් සම්මුතියක අවශ්‍යතාව මතු වෙයි
ශ්‍රී ලංකාව දකුණු ආසියාවට සහ පුළුල් ඉන්දියානු සාගර කලාපයට විවෘත වූ විශ්වාසදායක මූල්‍ය තාක්ෂණ (FinTech) දොරටුවක් බවට පත්කිරීම සඳහා දීර්ඝකාලීන ජාතික ප්‍රවේශයක අවශ්‍යතාව මතුව තිබේ. කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්වෙන '2026 ශ්‍රී ලංකා මූල්‍ය තාක්ෂණ සමුළුව' (Sri Lanka FinTech Summit) අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව අවධාරණය කළේය.
රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදකයින්, මූල්‍ය නියාමන ආයතන, ප්‍රමුඛ පෙළේ බැංකු හා තාක්ෂණික ව්‍යවසායකයින් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම සමුළුවේ මෙවර තේමාව වන්නේ “ඩිජිටල් මූල්‍යකරණයේ ඊළඟ අදියර වේගවත් කිරීම: විශ්වාසය, පරිමාණය සහ බලපෑම” යන්නයි.
තාක්ෂණය ඉක්මවා ගිය ආර්ථික ඵලදායිතාවක්
ඩිජිටල් මූල්‍ය මෙවලම් හුදු තාක්ෂණික භාවිතයකට පමණක් සීමා නොවී, රටේ සමස්ත ඵලදායිතාව සහ මූල්‍ය ප්‍රවේශය පුළුල් කිරීම උදෙසා යොමු විය යුතු බව මෙහිදී සාකච්ඡාවට ලක්විය. විශේෂයෙන් පාරිභෝගික සුරක්ෂිතතාව, මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය, සයිබර් ආරක්ෂාව මෙන්ම පුද්ගලික දත්ත ආරක්ෂණ ක්‍රමවේද දැඩිව තහවුරු කිරීම හරහා ඩිජිටල් ආර්ථිකය කෙරෙහි පවතින මහජන විශ්වාසය ඉහළ නැංවිය හැකි බව පෙන්වා දෙනු ලැබිණි.
ඇපකර වෙනුවට මුදල් ප්‍රවාහ මත පදනම් වූ ණය පහසුකම්
මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් (MSMEs), කාන්තා ව්‍යවසායිකාවන්, ගොවි ප්‍රජාව සහ අවිධිමත් ආර්ථික අංශ මුහුණ දෙන ප්‍රධානතම අභියෝගය වන්නේ බැංකු ණය ලබාගැනීමේදී මුහුණදීමට සිදුවන භෞතික ඇපකර ගැටලුවයි. සාම්ප්‍රදායික ඉඩකඩම් හෝ දේපළ ඇපයට තැබීමේ ක්‍රමවේදයෙන් බැහැරව, ආර්ථික ක්‍රියාකාරකම් සහ මුදල් ගලාඒම් (Cash Flow) ආශ්‍රිත විශ්ලේෂණ මඟින් ණය සුදුසුකම් මැනීමේ ඩිජිටල් ක්‍රමවේද මෙරටට හඳුන්වා දීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කෙරිණි. එමඟින් මෙතෙක් විධිමත් බැංකු පද්ධතියෙන් බැහැරව සිටි විශාල පිරිසකට ආර්ථික ප්‍රතිලාභ ළඟා කරගත හැකි වනු ඇත.
ජාතික ඩිජිටල් සම්මුතියක අවශ්‍යතාව
දේශපාලන හෝ ආණ්ඩු වෙනස්වීම් හමුවේ නොසැලී ඉදිරියට ගමන් කළ හැකි ස්ථාවර මූල්‍ය තාක්ෂණ ප්‍රතිපත්තියක් රට තුළ බිහිවීමේ අවශ්‍යතාව ද මෙහිදී මතු විය. ඒ සඳහා පාර්ලිමේන්තුව, රජය, පෞද්ගලික ක්ෂේත්‍රය, විද්වතුන් සහ සිවිල් සමාජය එක්වන පොදු 'ජාතික ඩිජිටල් සම්මුතියක්' (National Digital Compact) ගොඩනැගීම කාලීන පියවරක් ලෙස යෝජනා විය.
එමෙන්ම ආරක්‍ෂිත ඩිජිටල් හැඳුනුම්පත් ක්‍රමවේදය (Digital ID), ඒකාබද්ධ ගෙවීම් පද්ධති (Interoperable Payments) සහ කාර්යක්ෂම දත්ත හුවමාරු ජාල ඇතුළු ඩිජිටල් පොදු යටිතල පහසුකම් (DPI) ශක්තිමත් කිරීම තුළින් දේශීය මෘදුකාංග සමාගම්වලට ජාත්‍යන්තර වෙළෙඳපොළ ජයගැනීමේ මංපෙත් විවර වන බව මෙහිදී වැඩිදුරටත් අවධාරණය කෙරිණි.







