leader s

* මතභේදාත්මක වාතාවරණය හමුවේ ගත් තීරණය ගැන සංවිධායක මණ්ඩලයෙන් නිල පැහැදිලි කිරීමක්

* ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වෙනුවෙන් සාමකාමීව හඬ නගන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක්

 

ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සහ නීතියේ ආධිපත්‍යය සුරැකීම පෙරදැරි කරගනිමින් සැප්තැම්බර් 24 වන දින පැවැත්වීමට සැලසුම් කර තිබූ ඒකාබද්ධ මහජන විරෝධතා වැඩසටහනේ නිල සහභාගීත්වයෙන් ඉවත් වීමට 'නිදහස් සටන් මධ්‍යස්ථානය' තීරණය කර තිබේ.  

 

වත්මන් දේශපාලන ක්ෂේත්‍රය තුළ මතුව ඇති විවිධ මතභේදාත්මක වාතාවරණයන් සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගත් බව එම මධ්‍යස්ථානයේ සංවිධායක මණ්ඩලය නිවේදනය කරයි.  

 

press1 20260923

press2 20260923

 


පුළුල් වේදිකාවක අපේක්ෂාව සහ මතුවූ අභියෝග  

 

පාර්ලිමේන්තුව නියෝජනය කරන සහ නොකරන විපක්ෂයේ දේශපාලන පක්ෂ, බහුජන සංවිධාන මෙන්ම සිවිල් බලවේග එක් පොදු මහජන වේදිකාවකට ගෙන ඒම සඳහා මූලික පියවර ගනු ලැබූ බව නිදහස් සටන් මධ්‍යස්ථානය සඳහන් කරයි. කිසියම් පාර්ශ්වයක පටු දේශපාලන අරමුණුවලින් ඔබ්බට ගොස්, ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවල ස්වාධීනත්වය වෙනුවෙන් ශක්තිමත් මහජන පෙළගැස්මක් නිර්මාණය කිරීම එහි ප්‍රධාන අරමුණ වී තිබිණි.  

 

කෙසේ වෙතත්, අදාළ ඒකාබද්ධ වැඩසටහන සංවිධානය කිරීමේදී විවිධ පාර්ශ්වයන්ගෙන් මතු වූ අදහස්, ප්‍රකාශන සහ ක්‍රියාකාරී ස්වභාවයන් හේතුවෙන් සියලු දෙනාගේ එකඟතාවයෙන් යුතු පොදු ක්‍රියාමාර්ගයක් ඉදිරියට ගෙන යාමට බාධා මතු වූ බව එම නිවේදනයේ දැක්වේ. ප්‍රජාතන්ත්‍රවාදී බලවේග අතර පැවතිය යුතු අන්‍යෝන්‍ය විශ්වාසය හා විනිවිදභාවය දුර්වල වීම සමස්ත ප්‍රජාතන්ත්‍රවාදී අරමුණට අහිතකර විය හැකි බවද ඔවුන් පෙන්වා දෙයි.  

තනි තනිව කෙරෙන ක්‍රියාමාර්ගවලට බාධාවක් නෑ  

නිල වශයෙන් ඒකාබද්ධ වැඩසටහනෙන් ඉවත් වුවද, විපක්ෂයේ විවිධ දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් විසින් සැප්තැම්බර් 24 වන දින වෙන් වෙන් වශයෙන් සංවිධානය කරනු ලබන සාමකාමී ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාමාර්ගවලට සහභාගී වීමට ඔවුන්ට ඇති නීත්‍යානුකූල අයිතිය අගය කරන බව නිදහස් සටන් මධ්‍යස්ථානය අවධාරණය කරයි.  

 

ඒ අනුව, අධිකරණයේ ස්වාධීනත්වය, නීතියේ ආධිපත්‍යය මෙන්ම පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් සුරැකීම වෙනුවෙන් ඕනෑම සාමකාමී ආකාරයකින් සිය විරෝධය සහ අදහස් ප්‍රකාශ කරන ලෙසත්, ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාමාර්ග සඳහා නීතියට අනුකූලව දායක වන ලෙසත් එම මධ්‍යස්ථානය සියලු පුරවැසියන්ගෙන් සහ සංවිධානවලින් ඉල්ලා සිටී.  

 

ඉදිරි ගමන සහ ප්‍රජාතන්ත්‍රවාදී එකමුතුව  

 

මෙම තත්ත්වය කිසිසේත්ම ප්‍රජාතන්ත්‍රවාදී අරගලයේ අවසානයක් නොවන බව පෙන්වා දෙන සංවිධායක මණ්ඩලය, පක්ෂ දේශපාලන සීමාවලින් බැහැරව, සැබෑ මහජන අභිලාෂයන් නියෝජනය වන පරිදි අනාගතයේදී පුළුල් හා ස්ථිර ප්‍රජාතන්ත්‍රවාදී එකමුතුවක් ගොඩනැගීමට අඛණ්ඩව කැපවන බව වැඩිදුරටත් සඳහන් කර ඇත.  



whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්