leader s

* ආසියානු ක්‍රීඩා උළෙලේ තහනම් මත්ද්‍රව්‍ය භාවිතයට හසුවූ පළමු ක්‍රීඩිකාව!

* 19 හැවිරිදි නැගී එන බැඩ්මින්ටන් තාරකා පීට්චාමොන්ට ක්ෂණික තරග තහනමක්; තහනම් ඖෂධය Furosemide බවට හෙළිවෙයි.

* චීනයට එරෙහි තීරණාත්මක තරගයට පෙර තායිලන්තයට දැඩි පසුබෑමක් — පරීක්ෂණ වාර්තාවට අභියෝග කිරීමට පීට්චාමොන්ට අවස්ථාව.

 

ජපානයේ දැන් පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ තහනම් ශරීර උත්තේජන භාවිතයේ පළමු සිදුවීම බවට තායිලන්ත කාන්තා බැඩ්මින්ටන් ක්‍රීඩිකා පීට්චාමොන් ඔපට්නීපූට් (Pitchamon Opatniputh) පත්ව සිටිනවා.

 

19 හැවිරිදි මේ ක්‍රීඩිකාව Furosemide නමැති තහනම් ශරීර උත්තේජනය පාවිච්චි කර ඇති බවට ඔප්පු වී ඇතැයි ද, ඇයට තාවකාලික තරග තහනමක් පනවා ඇතැයි ද ජාත්‍යන්තර පරීක්ෂණ ඒජන්සිය (ITA – International Testing Agency) ප්‍රකාශ කර තිබෙනවා.

 

ලොව අංක 18 ට ශ්‍රේණිගතව සිටින හා තායිලන්තයේ නැගී එන තාරකාවක් ලෙසින් හැඳින්වෙන මේ නව යොවුන් වියැත්තී ඊයේ චීනය සමග කාන්තා කණ්ඩායම් අර්ධ අවසන් පූර්ව තරගයට මුහුණ දීමට නියමිතව සිටියා.

 

“2026 අයිචි-නගෝයා ආසියානු ක්‍රීඩා උළෙලේ තරග කිරීම, පුහුණුවීම, පුහුණු කිරීම හෝ කිසිම ක්‍රියාවකට සහභාගි වීම මේ ක්‍රීඩිකාවට තහනම් කර තිබෙනවා” යනුවෙන් ITA කියා තිබෙනවා.

 

මේ තාවකාලික තහනමට ක්‍රීඩා බේරුම්කාර අධිකරණයේදී අභියෝග කිරීමට පීට්චාමොන් ට හැකියාව තිබෙන බවට සඳහන් කරන ITA ඊට අමතරව ‘බී’ සාම්පල විශ්ලේෂණයේ වාර්තාවක් ඉල්ලා සිටීමේ අයිතිය ද ඇයට තිබෙන බව පවසනවා.

 

ශරීරයේ බර වේගයෙන් අඩුකර ගැනීම සඳහා සිරුරේ ජලය ඉවත් කිරීමේ උපක්‍රමයක් වශයෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් Furosemide භාවිතා කිරීමට ඉඩ තිබෙනවා. තායිලන්ත ක්‍රීඩිකාවගේ මූත්‍ර සාම්පලය ITA විසින් ලබා ගෙන තිබෙන්නේ තරග නොපැවැත්වෙන කාලයක සිදු කරන පරීක්ෂණයක් සැප්තැම්බර් 17 වැනිදා ක්‍රියාත්මක කළ අවස්ථාවේ.

 

මේ තරග වාරයේදී පීට්චාමොන් ඉන්දුනීසියා මාස්ටර්ස් හා ඔ්ලීන්ස් මාස්ටර්ස් තරගාවලියන් හි අවසාන තරගවලදී පරාජය වූ අතර ඇගේ මව්බිමේ පැවති තායිලන්ත විවෘත තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසියා.


warnan Gunasekara

 (සටහන : වර්නන් ගුණසේකර)

 'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු

 This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්