විසිවන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අමාත්‍ය විමල් විරවංශ ඇතුළු ආණ්ඩුවේ 'ජාතිකවාදී'

බලවේග හා බැසිල්වාදීන් අතර හටගෙන තිබෙන මතගැටුම මේවනවිට බරපතල ලෙස උත්සන්න වෙමින් පවතින අතර එය එකිනෙකාට එරෙහි සමාජ මාධ්‍ය සංග්‍රාමයක් දක්වා දුරදිග යමින් පවතී.

'පොහොට්ටු' පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂගේ අනුගාමිකයකු ලෙස සැලකෙන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පසුගියදා සිය ෆේස්බුක් පිටුවේ පළකර තිබු සටහනකට ප්‍රතිචාර දක්වමින්, විමල්වාදියකු වන එම දිස්ත්‍රීක්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්සිරි හේරත් සිය ෆේස්බුක් පිටුවේ මෙවැනි පොස්ටුවක් පළකර තිබේ.

''ඕන කෙනෙකුට පක්ශ හදන්න පුලුවන් !

හැබැයි මිනිස්සු හදන්න බෑ !

ඒක කරන්න පුලුවන් සටන් පාවල දීල හැංගුන උන්ට නෙවෙයි,

සටනෙ හිටි උන්ට !

post samansiri

සමන්සිරි හේරත් හිටපු මන්ත්‍රීවරයා එවැනි ප්‍රතිචාරයක් පළකර ඇත්තේ, පුත්තලම දිස්ත්‍රීක්කයේ සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා පළකර තිබු පහත සටහන සම්බන්ධයෙනි.

 

පිංකමේ කවිකාරයට පන්සල ලියල දෙන්නෙ නෑ ! - Sanath Nishantha Perera

''නායක හාමුදුරුවන්ට කවි කියන්න බැහැ කියල පිංකම නොකර ඉන්නේ නැහැ.

කවිකාරයෙක් කුලියට හරි ගෙනල්ල පිංකම කරනවා.

පිංකම ඉවර වුනාම කවියාගේ ගාස්තුව දීලා පිටත් කරනවා .

හැබැයි, කවියට පන්සලේ ඔප්පුව ලියලා දෙන්නේ නැහැ.

 

අගමැති මහින්දගෙන් ඉගෙන ගන්න - Samansiri Herath

රාජ්‍ය ඇමතිවරයාගේ එම සටහනට සමන්සිරි හේරත් පෙරලා ප්‍රතිචාර දක්වා ඇත්තේ අගමැති මහින්ද රාජපක්ෂව  ද පටලවමිනි.

 ඒ, මෙසේය.

'' මේකට උත්තර දුන්නේ මිට මාස කිහිපයකට කිහිපයකට කලින් අගමැති මහින්ද.

නිකන් නෙමෙයි, කිව්වේ.

 විරුද්ද පක්ෂේ අය ෂේන්පෙන් බෝතලේ කඩන්න කලින් විමල් මාව නැවත දේශපාලනයට ගෙනාවා කියලා.

දේශපාලනය කරන්න කලින් මහින්ද මහත්තය වගේ, කුහක නොවී ඉන්න ''

post samansiri sanath

 

ඔහොම බුරල මදි. උසී උසී

 සමන්සිරි හේරත් ට ප්‍රතිචාර දක්වමින් සමාජ මාධ්‍ය මෙවැනි සටහනක් පලවී ඇත.

''විමල්ට වෙනුවෙන් මෙච්චර පෝස්ට් දාන පුත්තලමෙ එකා කවුද බැලුව.

බැලින්නම් හැමදාම විමල්ට ඇමතිකමක් හම්බුන ගමන් සංස්ථාවකට පැනගන්න බලන් ඉන්න පොරක්නෙ.

ඔහොම බුරල මදි. උසී උසී

post samansiri d

 

බල්ලා සහ නකුට  !

ඒ අතර, සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා තවත් ෆේස්බුක් සටහනක් පළකරමින් පවසන්නේ, බල්ලා නකුට වැනුවට නකුටට බල්ලා නටවන්න බැරි බව තේරුම් ගත්තොත් හොඳයි කියාය.

ඔහු මෙහිදී බල්ලා බැසිල් බවටත්, නකුට විමල් බවටත් උපමා කරනු බව පෙනේ.

Balla Tail

 

'විමල් කියන්නේ කුහකයෙක්' - Sanath Nishantha Perera

සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා තවත් ෆේස්බුක් සටහනක් තබමින් පවසන්නේ, විමල් කියන්නේ කුහකයෙක් කියාය.

''විමල් කියන්නේ කුහකයෙක්.....

මේ තියෙන්නේ විමල් හිරේ ඉද්දි විමල්ගේ මිතුරෝ සමග උපන්දින සැමරැම.....

විමල්ගේ අද පසමිතුරෝ විමල් මේ දෙන්නටම පාර්ලිමේන්තු වේදී විවේචනය කලා.....

වැරැද්ද මහින්දවාදින් වීම.....

විමල්ගේ ඊලග ඉලක්කය රාජපක්ෂවරැ ගෙදර යවන එක......

විමල් මහත්තයෝ ඔයාට වඩා ලොකු අය රාජපක්ෂ වරැ ගෙදර යවන්න උත්සහ කලා.....

ටිකක් පරිස්මින්......

post sanath n

 

' මොන පුත්තලම් බුරුවෙක්ද අයිසේ තමුසේ.... .F... u.. Idiot..''

එම සටහනට ප්‍රතිචාර දක්වා ඇති ඉන්දික ලියනගේ මෙවැනි සටහනක් පළකර ඇත.

 ''රාජපක්ෂල ගෙදර යවන්නේ විමල් නෙමෙයි Sanath Nishantha Perera උබලා වගේ පුත්තලම් බුරුවෝ...

විමල්ලා රැලි හදනකොට උබලා වගේ අම්බරුවො කොහේද හිටියේ කියලත් මතක් කරගනිල්ලා..

කැලෑ පාලු අම්බරුවෙක්ගේ අදෝනාව...

විමල්ගේ පයේ පෑගෙන දුවිල්ලක් තරම්වත් තමුසේ වටින මිනිහෙක්ද කියලා හර්ද සාක්ෂියෙන් අහලා බලනවා ඉස්සෙල්ලම..

ඉස්සෙල්ලම සිංහල වචන ටිකක ගලපලා ලියාගන්න ඉගෙන් ගනින් මනුස්සයෝ සිංහල පතියකට ගිහින්...

(හිරේ ඉද්දි විමල්ගේ යාලුවෝ එක්ක උපන්දිනේ සැමරුවා කියලා පුත්තලම් බුරුවාට විමල් කේක් කෑල්ලක් කවන ෆොටෝ එකක්දාලා?

 මොන බුරුවෙක්ද අයිසේ තමුසේ....

.F... u.. Idiot...

post indika

 

මෙන්න ඇත්ත කතාව...- Samansiri Herath ශෙයා කළ සටහනක් !

මේ අතර සමන්සිරි හේරත්ගේ ෆේස්බුක් පිටුවේ ශෙයා කර ඇති සටහනක මෙසේ සඳහන් වේ.

''2015 ජනවාරි 8 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පරදිනවා.

එතුමා මැදමුලන ට යනවා. එතුමාට ආරංචියක් එනවා එතුමාත් එක්ක හිටි නායකයො හිර කරන්න යනවා කියලා. එතුමා එයාලාට රටින් පිටවෙන්න කියනවා.

බැසිල් රාජපක්ෂ රටින් පිටත්වීම තදින්ම ප්‍රතික්ෂේප කරනවා.

හැබැයි විමල් රටින් පලා යන්න ඕනම කියනවා.

ඒ උනාට විමල්ට රටින් පැනගන්න ද්විත්ව පුරවැසිභාවය නෑ.

බැසිල් විමල්ට කියනවා එයාගේ පාස්පෝට් එකෙන් ඇමරිකාවට පලා යන්න කියලා.

මේ වෙලාවෙ එලියට් වයිට් වෛද්‍යවරයා මොවුන්ට පිහිට වෙනවා.

ප්ලාස්ටික් සැත්කමකින් බැසිල්ව විමල් කරනවා විමල්ව බැසිල් කරනවා.

බැසිල් වෙස් ගත් විමල් රටින් පලා යනවා.

විමල් වෙස් ගත් බැසිල් මහින්ද සුළඟ සංවිධානය කරනවා.

ඔක්කොම හිතන්නෙ ඒ විමල් කියලා.

ඇත්තටම ඒ බැසිල්.

එහෙම තමයි බැසිල් රට වෙනුවෙන් කැපවුනේ.

විමල් කියන්නෙ පරාජයෙදි තමන්ගෙ නායකයාව තමන්ගෙ ජනතාව දාලා ගිය ද්‍රෝහියෙක්.

බැසිල් කියන්නෙ තමන්ගෙ නායකයා වෙනුවෙන් ජනතාව එකතු කළ සැබෑ නායකයෙක්.

පස්සෙ කාලෙක " මහින්ද සුලඟ " වටා මිනිස්සු ලක්ෂ ගානින් එකතු වෙනවා.

ඇමරිකාවෙ ඉදන් මේක දකින විමල් ලංකාවට එනවා.

ආයිත් එලියට් වයිට් හම්බ වෙලා බැසිල් බැසිල් වෙනවා.

විමල් විමල් වෙනවා.

හරි බැසිල් අර මහින්ද සුලඟ වටා එකතුවුන මිනිස්සුන්ට පොහොට්ටුව පක්ෂය හදනවා.

ඇත්තටම විමල් කරපු දෙයක් නෑ.

ඔහු රටින් පලා ගිය දෝහියෙක් විතරයි.

මේ කතාව මහින්ද පතිරණ දන්නවා.

ඒ වගේම පතිරණගෙ අවජාතක පුත්තු දෙතුන් දෙනෙක් දන්නවා.

එයාලා රට වෙනුවෙන් පෙරට එනවා.

විමල්ගෙ නිරුවත රටට පෙන්වනවා.

වීර බැසිල්ව රකිනවා.

මේ බැසිල්ව රකින අයට බැසිල් පදවි තානාන්තර වැටුප් දෙන්න කතා කරනවා.

එයාලා ඒක ප්‍රතික්ශේප කරනවා.

ඔවුන් පෙනී සිටින්නේ රට වෙනුවෙන් සහ සත්‍ය වෙනුවෙන් පමණයි.

ඒක මේ රටේ හැමෝම දන්නවා.

විමල් වෙනුවෙන් ලියන අය එහෙම නෑ ඒ අය බත් බැලයෝ.

ඔබත් මේ සත්‍ය කතාව දැනගන්න.

රට වෙනුවෙන් කැප වු වීර බැසිල් රාජපක්ෂව රකින්න.

ද්‍රෝහි විමල් වීරවංශට බිම දාගෙන පහර දෙන්න.

පක්ෂයෙන් එලවන්න.

ද්‍රෝහි විමල් එලවමු...!!! වීර බැසිල් සුරකිමු...!!!!

( පහත ජායාරූපයෙ ඇත්තෙ එදා 2015 ජනවාරි 9 වෙනිදා රාජිත සේනාරත්න විසින් එයාර්පෝට් එකට ඇරලවීමෙන් පසු තමන්ගෙ වෙස් පෙරලිය හඳුනා ගනීවියයි බියෙන් එයාර්පෝට් එකේ දිව යන ද්‍රෝහි විමල් වීරවංශයි )

නිලන්ත සත්සර ගමගේ✍️ ( රහසිගත ලියුම්කරු)

Nilantha post

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්