රිෂාඩ් බදිදුදින් මන්ත්‍රීවරයා සැඟවී සිටින තැන සොයා නොගැනීමේ චෝදනාව මත

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) ප්‍රධානියා ද ඉවත්කර ඇති මොහොතක, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක ඔහු සඟවාගෙන සිටින්නේ කව්රුන්ද යන කාරණය අද (17) මාධ්‍ය හමුවේ අනාවරණය කළේය. 

රිෂාඩ් මන්ත්‍රීවරයා සැඟව සිටින ස්ථානය ගැන මාධ්‍යවේදීන් කළ විමසීමකදී අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා මෙසේ පැවසිය. 


හිටපු අමාත්‍ය බදියුදීන් අත් අඩංගුවට ගන්නා ලෙස, නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබුණේ පසුගිය 13 වන දා ය.

එදා සිට මේ දක්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු අමාත්‍ය බදියුදීන් සොයමින් සිටින අතර, මෙතෙක් ඔහු සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අපොහොසත් වී තිබේ.

FB Post RB 2020.10.17                              සමාජ මාධ්‍ය තුල සංසරණය වන පොස්ට් කිහිපයක්

මාස 11ක් තුළ පත්කළ තුන්වැනි CID අධ්‍යක්ෂ !

රිෂාඩ් බදිදුදින් සිද්ධිය පාදක කර ගනිමින්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්නද අල්විස්, ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ඇතිව පොලිස්පතිවරයා විසින් ස්ථානමාරු කර තිබේ.

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම ප්‍රමාදවීම සම්බන්ධයෙන් නීතිපතිවරයා CID අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්නද අල්විස්ට මීට පෙර නොසතුට පළකර තිබු අතර රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරා‌ මුදාහැරීම සම්බන්ධ ලිපි ගොනුව ඉදිරිපත් කරන ලෙසද නීතිපතිවරයා දන්වා තිබිණ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂවරයා වශයෙන් පත්කර ඇත්තේ, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත ද සොයිසා ය.  

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්ව පිහිටවූ 'පොහොට්ටු' ආණ්ඩුව යටතේ මාස 11ක් තුළ මෙම තනතුරට පත් කෙරුණු තුන්වැනි නිලධාරියා මොහුය.

ඔහු මීට පෙර නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨශයේ අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කළේය. 

CID අධ්‍යක්ෂක තනතුරේ සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්නද අල්විස් මහතා ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨශයේ අධ්‍යෂක ලෙසද, ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨශයේ අධ්‍යෂකවරයා වූ ඩබ්ලිව්. තල්දූව අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂක ලෙසද මාරු කර ඇති අතර අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂක තනතුරේ සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඒ. කේ. කරුණාකළගේ දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහකාර ලෙස මාරුකර ඇත.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්