කොල්ලුපිටිය ඩුප්ලිකේෂන් පාරේ පිහිටි කොළඹ මහ නගර සභාවට අයත්,

ජනතාවට විශාල සේවාවක් සපයන ආයුර්වේද බෙහෙත් ශාලාව, ප්‍රජා ශාලාව සහ උත්සව ශාලාව පිහිටි රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩම සුඛෝපභෝගි මහල් නිවාස සහ සාප්පු සංකීර්ණයක් ගොඩ නැගීම සඳහා චීන කොම්පැණියකට ලබා දීම සඳහා මේ දිනවල 'වියත්මග' ප්‍රධානියකු වන රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා සහ කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක චීන ආයෝජකයන් පිරිසක් සමග සාකච්ඡා කරමින් සිටින බව කොළඹ මහ නගර සභා අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

දියවන්නාව අසල තිබූ බෞද්ධ පුස්තකාලයක් බේකරියකට විකිණීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මේ දිනවල රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ බරපතල විවේචනයක් එල්ලවෙමින් තිබේ.

Bakery at the lake

එසේම ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්ව සිටි සමයේ ගාලු මුවදොර පිහිටි ඉඩමක් ෂ්‍රැංගිලා හෝටලයට සින්නක්කර විකිණීමට අදාල ව්‍යාපාරික ගනුදෙනුව සහ ආන්දෝලනාත්මක ක්‍රිෂ් ගනුදෙනු ව සම්බන්ධයෙන් ද ඔහුගේ නම ඈඳී තිබුණි.

කොළඹ මහ නගර සභවට අයත් ඩුප්ලිකේෂන් පාරේ පිහිටි වටිනා ඉඩම චීන කොම්පැණියකට ලබා දීමට යන්නේ ටෙන්ඩර් පරිපටිය අනුගමනය කරමින්ද? එය සින්නක්කරව විකුණනවාද? නැතිනම් බදු පදනම යටතේ ලබා දෙනවාද යන්න ද? තවමත් පැහැදිලි නැති බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම ගනුදෙනුවට අදාල චීන ආයෝජකයන් පිරිසක් පසුගිය දිනවල ශ්‍රී ලංකාවේ සාකච්ඡා පවත්වා ඇතැයි ද වාර්තා වේ.

332 ARde mel

මෙකී උත්සව ශාලාව සහ ආයුර්වේද බෙහෙත් ශාලාව මහ නගර සභා මුදලින් රුපියල් කෝටි ගණනක් වියදම් කොට ප්‍රතිසංස්කරණය කර, පසුගිය දා නැවත විවෘත කරන ලදී.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සමීප හිතවතෙකු වන නාලක ගොඩහේව 'වියත් මග' සංවිධානය හරහා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිධූරය දක්වා රැගෙන ඒමට විශාල දායකත්වයක් දැරූවෙකි.

 

නාලක කියන කතාව :

මෙම කාරණා සම්බන්ධයෙන් theleader.lk රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා ගෙන් කළ විමසීමක දී ඔහු පැවසුයේ, දියවන්නාව අසල තිබූ බෞද්ධ පුස්තකාලයක් බේකරියකට විකිණීමේ සිද්ධිය මුළුමනින්ම අසත්‍ය බවයි.

Nalaka Godaඑසේම, කොල්ලුපිටිය ඩුප්ලිකේෂන් පාරේ පිහිටි කොළඹ මහ නගර සභාවට අයත් ඉඩම සංවර්ධනය කිරීම නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘතියක් නොව කොළඹ නගර සභාවේ ව්‍යාපෘතියක් බව ඔහු කියා සිටියේය.

Born again ක්‍රිස්තියානි නිකායේ අන්තවාදී අදහස් දරන ප්‍රබල පුද්ගලයෙකු වන නාලක ගොඩහේවා විසින් කිඹුලාවල හන්දියේ පිහිටා ඇති බෞද්ධ සීමා මාලකය බේකෙරියක් දැමීම සඳහා විකුණා ඇති බවටත් මෙම බෞද්ධ මධ්‍යස්ථානය භාරව සිටි ස්වාමීන් වහන්සේලාට මෙම ස්ථානයට ඇතුල් නොවන ලෙස දන්වා ඇති බවටත් පලවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ඔහු 'වට්ස් ඇප්' හරහා මෙසේ ප්‍රතිචාර දැක්විය.

Facts are totally in correct in the accusation . There was never a functioning library there. It was a failed project of previous gvt. An abandoned property. Now HE haa instructed UDA to manage it through. Waters Edge which is a 100% gvt owned institute. We want public to benefit from these assets.

There was never a temple there. There were no Hamuduruwos living there.

All lies

The story has been orginated from the face book of one Budugala Jinawansa thero. I checked his profile. It says the thero is the parliament secretary of former minister Champika. So the political motive of the mud campaign is clear.

දුරකථනය ඔස්සේ වැඩිදුරටත් කරුණු දැක්වූ නාලක ගොඩහේවා රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ සඳහන් කළේය.

''කිඹුලාවල හන්දියේ තියන ඔය ගොඩනැගිල්ල බේකරියක් දාන්න විකුණා දමල කියන කතාව බොරුවක්. චම්පික ඇමතිතුමා ඉන්නකලේ හදපු ඔය ගොඩනැගිල්ල කඩාවැටිලා තිබුනේ. එබව දැනගෙන ජනාධිපතිතුමා නියෝගයක් දුන්නා වහාම එම ගොඩනැගිල්ල 'වොට්ස් එජ්' එකට බාරගෙන පලදායි වැඩක් කරන්න කියල. 'වොට්ස් එජ්' කියන්නේ සියයට සියක් ආණ්ඩුවේ ආයතනයක්.

අනෙක මම 'බෝනගෙන්' ක්‍රිස්තියානි නිකායේ අන්තවාදී අදහස් දරන ප්‍රබල පුද්ගලයෙක් කියලත් සමාජ මාධ්‍යවල පලවෙලා තිබුනා. මම උප්පතියෙන්ම සිංහල බෞද්ධ. මේ කතා ෆේස්බුක් වල පලකරලා තිබුන ස්වාමින් වහන්සේ, චම්පික මන්ත්‍රීතුමාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම්. ''

 

ඩුප්ලිකේෂන් පාරේ පිහිටි වටිනා ඉඩම :

කොළඹ මහ නගර සභවට අයත් ඩුප්ලිකේෂන් පාරේ පිහිටි වටිනා ඉඩම චීන කොම්පැණියකට ලබා දීමට යන බවට පැතිර යන ආරංචිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ නාලක ගොඩහේවා මෙසේ පැවසිය.

''කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය ඇතුළු නගර සභාවේ නියෝජිතයින් පිරිසක් පසුගිය ද නාගරික සංවර්ධන අධිකාරියට ආවා, කොළඹ නගර සභාවේ අලුත් සංවර්ධන ව්‍යාපෘති ගැන UDA එකේ අනුමැතිය ගන්න. මට මතක හැටියට ඔය ඩුප්ලිකේෂන් පාරේ ඉඩම සංවර්ධනය කිරීමට අදාල යෝජනාත් තිබුනා.

ඔය කියන ව්‍යාපෘතියට නාගරික සංවර්ධන අධිකාරිය සම්බන්ධ නැහැ. එක කොළඹ නගර සභාවේ වැඩක්.

ඇත්තටම මට අමාත්‍යංශයේ තියන වැඩ ගොඩ නිසා සමාජ මාධ්‍යවල තියන දේවල් බලන්න වෙලාවක් තිබුනේ නැහැ.''   මේ සම්බන්ධයෙන් කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය ගෙන් විමසීමට අප ගත් උත්සාහය අසාර්ථකවිය.

 

''වටේ ඇවිද ඇවිද සංදර්ශන පවත්වලා වැඩක් නෑ"

පසුගියදා රූපවාහිනී සජීවී වැඩසටහනකදී මිනුවන්ගොඩ පියෙක් පැවසූ පරිදි ගම්පහ දිස්ත්‍රික්කයේ කෝවිඩ් වසංගතයෙන් මේ දිනවල දරුවාට බිස්කට් එකක් අරන් දීමට නොහැකි තරම් අසරණව, පීඩාවට පත්ව සිටින බවට ජනතාව ගැන සොයා නොබලන බවට ගම්පහ දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ලබා මෙවර පාර්ලිමේන්තුවට පැමිණි නාලක ගොඩහේවාට එරෙහිව චෝදනා එල්ල වෙමින් තිබුණු අතර, සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ඒ සම්බන්ධයෙන් නාලක ගොඩහේවා සඳහන් කර තිබුණේ, "ජනාධිපතිතුමාගේ කැමතිම අමාත්‍යාංශයට තවත් ආයතන ගණනාවක් එකතු කරලා විශාල ජාතික වගකීමක් මට භාරදීලා තියෙනවා...වටේ ඇවිද ඇවිද සංදර්ශන පවත්වලා වැඩක් නෑ" යනුවෙනි.

b17c042a 7e05 46b3 95b8 98956bc1f565 1

(theleader.lk හි පලවී ඇති වාර්තාවකින් යම් පාර්ශවකයට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු දීමට ඇති අයිතිය අප පිළිගනිමු. - සංස්කාරක)

සබැඳි පුවත් :

'ටෙනගා' සමාගම කොළඹ වාහන පාකිං ගාස්තුවෙන් මිලියන 86 ක් පොලු තියයි! -'වියත්මග' ලොක්කොත් හවුල්! 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්