The Leader News
BREAKING
ඉන්ධන වෙළඳපොළට රජයේ නව මැදිහත්වීමක්: CPC පිරවුම්හල් 75ක් අලුතින්● ඥානසාර හිමියන්ගේ නඩු තීන්දුව ගැන සරත් එන්. සිල්වාගෙන් ප්‍රකාශයක්  ● ඉන්දීය හමුදාවේ පළමු සමුහ ඝාතනයට ගොදුරු වූවන් මලින් පහනින් සැමරේ● මැදපෙරදිග අර්බුදය උග්‍ර වෙයි: රියාද් ගුවන් ගමන් අත්හිටුවයි●සිවුර ගැලවීම නීති විරෝධියි: ඒකාබද්ධ විපක්ෂයෙන් දැඩි අනතුරු ඇඟවීමක්●මහින්ද පෞද්ගලික රෝහලකට; ශිරන්ති ජාතික රෝහලට: හේතුව මෙන්න●‘මම දැන් කිසිම රටකට අයිති නෑ’: ඩයනා උසාවියේදී හඬයි●කිලිනොච්චි දුම්රිය අනතුර: කෝටි එකහමාරක දඩය ගෙවද්දී සිරදඬුවම අත්හිටුවයි●ලේඛක ප්‍රතීපන්ගේ දෙමළ පොත් මුදාහරින්න: මානව හිමිකම් කොමිසමෙන් නිර්දේශයක්●චාමර සම්පත් රිමාන්ඩ්: අල්ලස් නඩු 5ක කරුණු අධිකරණයට●
Top Ad
පුවත්

ඉන්දීය හමුදාවේ පළමු සමුහ ඝාතනයට ගොදුරු වූවන් මලින් පහනින් සැමරේ

Thushi

Thushi

October 13, 2026 • 9:12 AM

 ඉන්දීය හමුදාවේ පළමු සමුහ ඝාතනයට ගොදුරු වූවන් මලින් පහනින් සැමරේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තිස්නම වසරකට ඉහත දී ඉන්දීය හමුදා ප්‍රහාරයකින් පවුල් පිටින් මරා දමන ලදුව අදටත් යුක්තිය ඉටු නොවූ නිරායුද දෙමළ ජන සමූහයක් යාපනයේදී අනුස්මරණය කර තිබේ.
  • ඔක්තෝබර් 11 වැනි ඉරිදා යාපනය කොකුවිල්, හිදි අනුස්මරණය සිදු කර ඇත්තේ ඉන්දීය සාමසාධක හමුදා ප්‍රහාරයකින් ඝාතනයට ලක්වු කුඩා දරුවකු, කාන්තාවන්, වැඩිහිටියන් ඇතුළු දෙමළ පනස් පස් දෙනකු සිහිකරමිනි.
  • ඝාතනයට ලක්වුවන් සිහිපත් කරමින් කොකුවිල්හි පිරම්බඩි ප්‍රදේශයේ ස්ථාපිත කර තිබෙන ස්මාරකය අබියසදී ප්‍රදේශවාසීන්ගේ සංවිධානත්වයෙන් හා දෙමළ ජනතා නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් සිදු කළ අනුස්මරණයට ඝාතනයට ලක්වුවන්ගේ පවුල් වල ඥාතීන් ද එක්ව සිටි බව පළාත් බද වාර්තාකරුවෝ පවසති.
  • ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ 1987 ඔක්තෝම්බර් 12 වැනිදා මධ්‍යම රාත්‍රියේදී ඉන්දීය සාම සාධක හමුදාව සහ එල්.ටී.ටී.ඊ සංවිධානය අතර වු ගැටුමකින් අනතුරුව මෙම දෙමළ වැසියන් ඝාතනයට ලක් වු බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

තිස්නම වසරකට ඉහත දී ඉන්දීය හමුදා ප්‍රහාරයකින් පවුල් පිටින් මරා දමන ලදුව අදටත් යුක්තිය ඉටු නොවූ නිරායුද දෙමළ ජන සමූහයක් යාපනයේදී අනුස්මරණය කර තිබේ.                                        

2026 ඔක්තෝබර් 11 වැනි ඉරිදා යාපනය කොකුවිල්, හිදි අනුස්මරණය සිදු කර ඇත්තේ ඉන්දීය සාමසාධක හමුදා ප්‍රහාරයකින් ඝාතනයට ලක්වු කුඩා දරුවකු, කාන්තාවන්, වැඩිහිටියන් ඇතුළු දෙමළ පනස් පස් දෙනකු සිහිකරමිනි.

ඝාතනයට ලක්වුවන් සිහිපත් කරමින් කොකුවිල්හි පිරම්බඩි ප්‍රදේශයේ ස්ථාපිත කර තිබෙන ස්මාරකය අබියසදී ප්‍රදේශවාසීන්ගේ සංවිධානත්වයෙන් හා දෙමළ ජනතා නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන්  සිදු කළ අනුස්මරණයට ඝාතනයට ලක්වුවන්ගේ පවුල් වල ඥාතීන් ද එක්ව සිටි බව පළාත් බද වාර්තාකරුවෝ  පවසති.

මිය ගිය පිරිස සිහි කරමින් මලින් පහනින් උපහාර පිදීමට ඔවුන් කටයුතු කර තිබේ.

ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ 1987 ඔක්තෝම්බර් 12 වැනිදා මධ්‍යම රාත්‍රියේදී ඉන්දීය සාම සාධක හමුදාව සහ එල්.ටී.ටී.ඊ සංවිධානය අතර වු ගැටුමකින් අනතුරුව මෙම දෙමළ වැසියන් ඝාතනයට ලක් වු බවයි.

එතැනින් ආරම්භ කළ සමූහ ඝාතන මාලාවකට ඉන්දීය හමුදා මුල පුරා ඇත්තේ විමුක්ති කොටි සංවිධානයේ ප්‍රහාරයෙන් ඉන්දීය භට පිරිසක් යාපනයේදී මිය යාමෙන් අනතුරුවයි.


ප්‍රභාකරන් හැංගිලා


ජේ ආර් ජයවර්ධන ආණ්ඩුවේ ආරාධනයෙන් උතුර මර්දනය කරන්නට පැමිණි සාම සාධක නම්ලත් ඉන්දීය හමුදා විසින් සිදුකරන ලද පළමු සමූහ ඝාතනය සේ ගැනෙන මෙම 1987 ඔක්තෝබර් 13 දා අපරාධයේ ම්ලේච්ඡ ස්වභාවය ඇසින් දුටුවකු ජාත්‍යන්තර වාමාංශික ව්‍යාපාරයේ ක්‍රියාධරයකුට විස්තර කර තිබුනේ මෙසේය.

“මැෂින් තුවක්කු වලින් ඝාතනය කර, යුද්ධ ටැංකිවලින් පොඩි පට්ටම් කර දමා තිබූ මල සිරුරු විසිහයක් පිරම්බඩි පාරේ ලේ විලක විසුරුවා තිබුණා. කොකුවිල් කෝච්චි  ස්ටේෂමටයි, ටෙක්නිකල් එකටයි ළඟ පාරක පවුල් හතරක හැම කෙනෙක්ම මරා දාලා! එතන අවුරුදු හැටේ අයත් පුංචි ළමයිනුත් හිටියා. ඒගොල්ලෝ එක්ක නැවතිලා හිටිය විශ්ව විද්‍යාලේ ළමයි හතර දෙනකුටත් අත් වෙලා තිබුනේ ඒ ඉරණමමයි.”

ඉන්දීය භට පිරිස් LTTE ගරිල්ලා ප්‍රහාරයට ගොදුරු වීමෙන් අනතුරුව අවට ප්‍රදේශයේ ජනතාව පමණක් නොව යාපනය විශ්ව විද්‍යාලයද ගොදුරු බිමක් කරගත් අයුරු යාපනයට ගිය විප්ලවවාදී කම්කරු ලීගයේ වාමාංශික ක්‍රියාකාරිකයාට පිරම්බඩි වීදියේ වැසියකු විසින් විස්තර කර තිබුණි.

“ඔක්තෝබර් 12 රෑ පැරෂුට් කාරයන් කණ්ඩායමක් ප්‍රභාකරන් හැංගිලා ඉන්නවා කියන ආරංචියට විශ්ව විද්‍යාල භූමියට බැස්සුවා. විසි නම දෙනෙක් එවෙලේම LTTE එක වෙඩි තියලා දැම්මා. පණ බේරාගත්තු 31 දෙනෙක් ලඟපාත ගෙවල් වලට පැනලා LTTE එකෙන් බේරෙන්න ඒ හිටපු අය ප්‍රාණ ඇපයට අරගත්තා.”

ඊට පසුදා සන්නද්ධ රථ පෙළක් පැමිණ ඇත්තේ කොටුවී සිටින භට කණ්ඩායම ගලවා ගැනීමටය. වාහනවලින්  පැමිණි භට පිරිස් කැටුව ආ ඔත්තුකරු LTTE වෙඩි පහරින් ඇද වැටී තිබේ. ප්‍රදේශවාසීන් දෙදෙනකු අල්ලාගත් ඉන්දීය භටයන් බලකර ඇත්තේ ප්‍රභාකරන් ඉන්නා තැන පෙන්නන ලෙසයි. ඒ ගැන කිසිත් නොදන්නා බව කී ගම්වාසීන් දෙදෙනා ඉන්දීය භටයන් කොටුවී සිටින තැන පෙන්වා තිබේ.

“එතැනට ගිය ගමන්, කිසිම ඇහිල්ලක් බැලිල්ලක් නැතිව ඒ දෙන්නට වෙඩි තියලා දාලා, අල්ලාගෙන සිටි අයටයි අහල පහල හැමෝටමයි වෙඩි තියන්න ගත්තා. ගමේ අනික් අය පන බේරගන්න වෙන තැන් වලට දිව්වා. අපිට මැෂින් තුවක්කු වලින් වෙඩි තියනවයි, කෑ මොර දෙනවයි ඇහුණා.”

ඉන්දීය භටයන් ප්‍රදේශය හැරගිය පසු පිරම්බිඅඩි හැරදමා සැමදෙනාම කොකුවිල් හින්දු විද්‍යාලයේ අනාථ කඳවුරට ගොස් තිබේ.

“ටික වෙලාවකින් යාපනය විශ්ව විද්‍යාලයේ පුස්තකාලයටයි, තවත් ගොඩනැගිලි වලටයි බෝම්බ දැම්මා.”

හිටපු රජයේ ප්‍රධාන මිනින්දෝරු ආචාර්ය තාමෝදරම් සෝමසේකරම් විසින් පසුකලෙක ලියා ඇති පරිදී මරා දමන ලද්දවුන්ගේ සිරුරු වල දමා ඇත්තේ සමූහ මිනී වලකය.


"වඳුරු හමුදා"


සාම සාධනය සඳහා යැයි රජයේ ආරාධනයෙන් පැමිණ උතුරේ වාඩිලා සිටි ඉන්දීය භටයන් විසින් එයින් නොනැවතී ඔක්තෝබර් මාසයේ සමූහ ඝාතන මාලාවක් සිදුකර තිබේ.

ඉන්දීය සමූහ ඝාතන සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයක් හෝ හානියට පත් වුවන්ට වන්දි ගෙවීමක් හෝ ගෙවී ගිය තිස් අට වසර තුලදී පෝක් සමුද්‍ර සන්ධිය දෙපස කිසිදු ආණ්ඩුවකින් සිදුවී නැත.

ඉන්දීය මැදිහත් වීමෙන් බලය බෙදා හැරීමට විරුද්ධව දියත් කළ සන්නද්ධ අරගලයකින් පරාජය වී මේ වන විට රටේ  පාලන බලය හොබවන ජාතික ජන බලවේග ආණ්ඩුවේ ප්‍රධානම හවුල්කාර පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණ ද, තමන් විසින් “වඳුරු හමුදා” නම් පටබැඳි ඉන්දීය හමුදා උතුරේ සිදුකළ අපරාධ සම්බන්ධයෙන් යුක්තිය සලසා දෙන්නට බලයට පත් වි  ගත වු දෙවසරක කාලය තුළ  කිසිත් කර නැත.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...