The Leader News
BREAKING
ට්‍රම්ප්ගේ සටන් විරාමය බිඳ දමමින් යුක්‍රේනයෙන් රුසියාවට ප්‍රහාරයක්●ක්‍රිෂ් සහ CSN නඩු විමර්ශනවලින් අලුත් තොරතුරු හෙළිවෙයි●ශ්‍රී ලංකන් ව්‍යාජ ඇප් එකෙන් කෝටි ගණනක් වංචා කරලා  ●බිලියන 190ක ආනයන මූල්‍ය ජාවාරම: සැකකරුවෝ යළි රිමාන්ඩ්●යෝෂිතගේ නාවික හමුදා වැටුප සහ ඉඩම් ගනුදෙනු අධිකරණය හමුවේ හෙළිවෙයි  ●ඥානසාර හිමිගේ සිවුර: එජාප චෝදනාවට ඇමතිගෙන් නීතිමය පිළිතුරක්●මහජන මුදල් වියදම් පෞද්ගලික නෑ: දිනීගෙන් නඩු තීන්දු විග්‍රහයක්●අතුලසිරි සමරකෝන් ලියයි: ඥානසාර හිමි සිද්ධිය සහ ආණ්ඩුවේ දේශපාලන අභියෝගය●FFSL මංගල කාන්තා ලීගය: ඔක්තෝබර් 24 ඇරඹේ!●සොෆී කනිංගම් “ලස්සනයි නමුත් දුර්වලයි” : ට්‍රම්ප් ඉල්ලා අස්කරගත් කතාව!●
Top Ad
පුවත්

යෝෂිතගේ නාවික හමුදා වැටුප සහ ඉඩම් ගනුදෙනු අධිකරණය හමුවේ හෙළිවෙයි

යෝෂිත රාජපක්ෂ වසර 10ක නාවික හමුදා සේවා කාලය තුළ වැටුප් ලෙස රුපියල් ලක්ෂ 51කට අධික මුදලක් ලබාගෙන ඇති බව කොළඹ මහාධිකරණයේ අද පැවති සාක්ෂි විභාගයේදී අනාවරණය විය.

Pasan

Pasan

October 15, 2026 • 9:24 PM

යෝෂිතගේ නාවික හමුදා වැටුප සහ ඉඩම් ගනුදෙනු අධිකරණය හමුවේ හෙළිවෙයි  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දෙටු පුත් යෝෂිත රාජපක්ෂට එරෙහිව නීතිපතිවරයා ගොනු කර ඇති මුදල් විශුද්ධිකරණ නඩුව අද (15) කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී වැදගත් සාක්ෂි කිහිපයක් අධිකරණය හමුවේ සටහන් විය.
  • අයථා ලෙස උපයාගත් රුපියල් ලක්ෂ 730කට අධික මුදලක් වැය කර දෙහිවල සහ රත්මලාන ප්‍රදේශවලින් ඉඩම් කට්ටි පහක් මිලදී ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළ බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.
  • වසර 10ක වැටුප ලක්ෂ 51යි පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි දුන් නාවික හමුදාවේ වැටුප් හා දීමනා අංශයේ සේවය කළ කපිතාන් නුවන් තුෂාර අරන්දර සඳහන් කළේ 2006 දෙසැම්බර් සිට 2016 පෙබරවාරි දක්වා කාලය තුළ යෝෂිත රාජපක්ෂට වැටුප් වශයෙන් රුපියල් 5,150,626ක මුදලක් ගෙවා ඇති බවයි.
  • විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් නැඟූ හරස් ප්‍රශ්න හමුවේ සාක්ෂිකරු ප්‍රකාශ කළේ එම මුදලට නිල ඇඳුම්, නිවාස කුලී හෝ විදේශ පාඨමාලා සඳහා ලබාදෙන දීමනා ඇතුළත් නොවන බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දෙටු පුත් යෝෂිත රාජපක්ෂට එරෙහිව නීතිපතිවරයා ගොනු කර ඇති මුදල් විශුද්ධිකරණ නඩුව අද (15) කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී වැදගත් සාක්ෂි කිහිපයක් අධිකරණය හමුවේ සටහන් විය.  

අයථා ලෙස උපයාගත් රුපියල් ලක්ෂ 730කට අධික මුදලක් වැය කර දෙහිවල සහ රත්මලාන ප්‍රදේශවලින් ඉඩම් කට්ටි පහක් මිලදී ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළ බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.  


වසර 10ක වැටුප ලක්ෂ 51යි  

පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි දුන් නාවික හමුදාවේ වැටුප් හා දීමනා අංශයේ සේවය කළ කපිතාන් නුවන් තුෂාර අරන්දර සඳහන් කළේ 2006 දෙසැම්බර් සිට 2016 පෙබරවාරි දක්වා කාලය තුළ යෝෂිත රාජපක්ෂට වැටුප් වශයෙන් රුපියල් 5,150,626ක මුදලක් ගෙවා ඇති බවයි. විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් නැඟූ හරස් ප්‍රශ්න හමුවේ සාක්ෂිකරු ප්‍රකාශ කළේ එම මුදලට නිල ඇඳුම්, නිවාස කුලී හෝ විදේශ පාඨමාලා සඳහා ලබාදෙන දීමනා ඇතුළත් නොවන බවයි.  

නාවික හමුදා කොමදෝරු ගාමිණී ප්‍රියදර්ශන සාක්ෂි දෙමින් පැවසුවේ යෝෂිත රාජපක්ෂ සහභාගී වූ විදේශ පාඨමාලාවක් වෙනුවෙන් බ්‍රිතාන්‍ය පවුම් 20,362ක පාඨමාලා ගාස්තුවක් සහ පවුම් 4,174ක දීමනාවක් අනුමත කර තිබූ බවයි.  


බැංකු තැන්පතු හා ඩේසි ෆොරස්ට්ගේ බූදලය  

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ කනිෂ්ඨ විධායක නිලධාරී ගාමිණී හෙට්ටිආරච්චි සාක්ෂි දෙමින් කියා සිටියේ, 2003 වසරේ රුපියල් 72,470කින් ආරම්භ කළ ස්ථාවර තැන්පතුවක් පොළිය සමඟ රුපියල් 489,471ක් දක්වා වර්ධනය වී තිබූ බවත්, 2016 පෙබරවාරි දක්වා එයින් මුදල් ආපසු ගැනීමක් සිදුව නොමැති බවත්ය. 2011 වසරේදී ඔහුගේ ඉතිරි කිරීමේ ගිණුමකට රුපියල් 1,350,116ක් බැරවී තිබූ බවද අනාවරණය විය.  

නුගේගොඩ දිසා අධිකරණයේ ලිපිකරු සෙනරත් බණ්ඩාර ඒකනායක අධිකරණයට දන්වා සිටියේ ඩේසි ෆොරස්ට් නමැති කාන්තාවගේ දේපළ කළමනාකරණය සඳහා 2017දී කළමනාකරුවෙකු පත් කළද, ඇයට අයත් දේපළ ලැයිස්තුවක් අදාළ නඩු ගොනුවේ අන්තර්ගතව නොතිබූ බවයි.  


රේගුවෙන් නිදහස් කළ සජීවී විකාශන බස් රථය  

පැමිණිල්ලේ සාක්ෂිකරුවෙකු වූ ව්‍යාපාරික මර්වින් අමරවීරගෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර ප්‍රශ්න කරමින්, සී.එස්.එන්. (CSN) මාධ්‍ය ආයතනය වෙනුවෙන් මෙරටට ගෙන්වූ සජීවී විකාශන තාක්ෂණය සහිත මිල අධික බස් රථයක් රේගුවෙන් නිදහස් කරගැනීම පිළිබඳ විමසා සිටියේය.  

එම බස් රථය නිදහස් කර දෙන ලෙස තමාගෙන් ඉල්ලා සිටියේ රොහාන් වැලිවිට බව මඳ වේලාවකට පසු සාක්ෂිකරු පිළිගත්තේය. තමන්ට සී.එස්.එන්. ආයතනය සමඟ සෘජු සම්බන්ධයක් නොතිබූ බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.  

අධිකරණය ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් පසු වැඩිදුර සාක්ෂි විභාගය ඔක්තෝබර් 30 වන දින දක්වා කල් තැබීය.  


වැඩිදුර තොරතුරු :  

BBC Sinhala - යෝෂිත රාජපක්ෂට නාවික හමුදාවෙන් ගෙවූ වැටුප් අධිකරණයේදී දිගහැරුණු හැටි

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...