ද්විත්ව පුරවැසි භාවය වගන්තිය ඇතුළුව 20 ට ඉදිරිපත් කළ සියළුම සංශෝධන 2/3 න් සම්මත වන බවත්

17, 18 හා 19 ට අත උස්සලා ප්‍රතිපත්තියක් නැතිව 20 ට ත් අත උස්සන මන්ත්‍රීවරුන් 23 ක් පාර්ලිමේන්තුවේ සිටිනා බවත් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.

ඔහු එබව පැවසූවේ 'සාහසික වියරුව පරදවමු ජනතා ව්‍යාපාරය' අද (21) පැවැත්වූ පුවත්පත් සාකච්ඡාවක දී ය.

''විමල් වීරවංශ ප්‍රමුඛ ජාතිකවාදී කණ්ඩායම බැසිල් රාජපක්ෂට මිසක් 20 ට විරැද්ධ නෑ.  ඔවුන්ගේ සැබෑ ප්‍රශ්නය බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට ඇවිත් අගමැති වෙන එක, ජනාධිපති අපේක්ෂකයා වෙන එක වැලැක්වීම මිසක්, 20 සංශෝධනයේ අහිතකර වගන්ති 30 කට වැඩි සංඛ්‍යාවක් ඉවත් කර ගැනීම නොවේ'' යැයි රජිත් කීර්ති තෙන්නකෝන් මෙහිදී අවධාරණය කර සිටියේය.

''සෞභාග්‍ය යේ ආණ්ඩුව අද ආණ්ඩුපක්ෂයේත්, විපක්ෂයේත් භුමිකා දෙකම රඟපානවා.  මේ ආණ්ඩුව හදපු බලවේග අද විපක්ෂයේ භුමිකාව නිරූපනය කරන්න, පෙත්සම් අත්සන් කරනවා. පුවත්පත් සාකච්ඡා තියෙනවා.  කුමන්ත්‍රණ කරනවා. වොයිස් කට් දෙනවා. විමල් වීරවංශ ඇතුළු කණ්ඩායමට තියෙන්නේ ජනාධිපතිවරයා අතේ බලය ගොනුවීම පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. බැසිල් රාජපක්ෂ පිළිබඳ ප්‍රශ්නයක් යැයි'' ඔහු තවදුරටත් කියා සිටියේය.

 

දේශපාලන අවස්ථාවාදය !

''අවසනාවකට ලංකාවේ දේශපාලන අනාගතය තීරණය වන්නේ ප්‍රතිපත්ති මත නොවෙයි මෙවැනි පුද්ගලික කාරණා මතයි. 17, 18, 19, 20 ව්‍යවස්ථා සංශෝධන හතරම ඡන්දය දෙන මන්ත්‍රීවරු 23 ක් ඉන්නවා. දේශපාලන අවස්ථාවාදය මිසක් ප්‍රතිපත්තියක් නැති කම තමයි ප්‍රශ්නය.''

අවසනාවකට ලංකාවේ දේශපාලන අනාගතය තීරණය වන්නේ ප්‍රතිපත්ති මත නොවෙයි මෙවැනි පුද්ගලික කාරණා මතයි. 17, 18, 19, 20 ව්‍යවස්ථා සංශෝධන හතරම ඡන්දය දෙන මන්ත්‍රීවරු 23 ක් ඉන්නවා. දේශපාලන අවස්ථාවාදය මිසක් ප්‍රතිපත්තියක් නැති කම තමයි ප්‍රශ්නය.

Mantri(උපුටා ගැනීම - Manthri.lk)

 

''විස්ස සම්මත කර ගන්න ආණ්ඩුවට 150කටත් වඩා ඉන්නවා''

''පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ 4 - 5 ක මහජන නියෝජිතයෝ 20 ට පක්ෂව ඡන්දය දෙනවා. ආණ්ඩුව 20 ට අවශ්‍ය මන්ත්‍රී සංඛ්‍යාව 150 ට වැඩිය මන්ත්‍රීවරු 155 කට වැඩිය සුදානම් කරගෙන ඉන්න බව පැහැදිවම පේනවා.  මම ප්‍රාර්ථනා කරනවා 20 වන ව්‍යවස්ථා සංශෝධනය ඡන්දය අවසන් වෙන කොට බදුල්ල, රත්නපුර, මඩකලපුව දිස්ත්‍රික්කවල විපක්ෂයට එකම මන්ත්‍රිවරයෙක්වත් ඉතිරිවේවා'' කියලා යැයැ ද කීර්ති තෙන්නකෝන් මෙම මාධ්‍ය හමුවේදී පැවසීය.

''20 ට නීතිපති හරහා ගෙනාව සංශෝධන ඇස්බැන්දුමක්.  හරක් මරන්නේ නෑ කියලා, හරක් රවට්ටපු ආණ්ඩුවක් මේක. ඒ වගේම පහුගිය සති දෙකේ 20 ට විරුද්ධ වුණු පිරිසක් අද, එයට පක්ෂයි කියනවා.  මේක පැහැදිලි ඩීල් එකක්.  ඉතාම පැහැදිලි ඩීල් යුගයකට රට නැවත පැමිණිලා තියෙනවා. මේ ඩීල් එකේ ප්‍රතිඑලය තමයි ද්විත්ව පුරවැසි භාවය ඇතුළු සියළු සංශෝධන 2/3න් සම්මත කර ගැනීම...

Michael Pompeo''20 සම්මත වෙලා දින දෙකකට පස්සේ ඇමරිකානු රාජ්‍ය ලේකම් ලංකාවට එනවා. ඒ කියන්නේ MCC ගිවිසුම අත්සන් කරනවා කියන එකයි. ''

20 සම්මත වෙලා දින දෙකකට පස්සේ ඇමරිකාවේ පොම්පියෝ ලංකාවට එනවා.  ඒ කියන්නේ එම්.සී.සී. ගිවිසුම අත්සන් කරනවා කියන එකයි.  මේ ආණ්ඩුව එම්.සී.සී. ගිවිසුමට විරුද්ධ වුණේ බොරු ඇමරිකන් විරෝධයක් දක්වලා, මිනිස්සුන්ගේ ඡන්ද ටික ගන්න විතරයි.

20 හරහා ආණ්ඩුව තමන්ට පාලනය කළ හැකි බොරු විපක්ෂයක් නිර්මාණය කර ගන්නට උත්සහ කරනවා. එකේ විපක්ෂ නායකයා විමල් වීරවංශ යි.  මේ රටේ මිනිස්සු කවරුත් මේ බොරු අවස්ථාවදී විපක්ෂය රැවටෙන්නේ නෑ'' යැයි ද හිටපු ආණ්ඩුකාර තෙන්නකෝන් පැවසීය.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්