The Leader News
BREAKING
කාන්තා හදවත රැකගන්න අලුත් වෛද්‍ය මාවතක්●ක්‍රිෂ් නඩුවෙන් ඇප ලැබුණත් නාමල් තවමත් කූඩුවේ●යුක්‍රේන සටන් විරාමය බිඳවැටෙයි: සාම බලාපොරොත්තු අභියෝගයක●සර්බියානු ශිෂ්‍ය විප්ලවය: දේශපාලනඥයන් නැති අලුත් දේශපාලනය●බදු ගෙවන්නන් සූදානම් වුවත් RAMIS පද්ධතිය තවමත් අඩපණයි●ශ්‍රී ලාංකීය නාමය ජාත්‍යන්තරයට රැගෙන ගිය මහාචාර්ය ඔස්මන්ඩ් බෝපේආරච්චි●සජිත්ගෙන් තිරසර වනඅලි සංරක්ෂණ වැඩපිළිවෙළකට මුල පිරේද?●අර්නබ් සුළි කුණාටුවෙන් ඔඩිෂා ගොවිබිම් අක්කර තුන්දහසක් යටවෙයි●ෆ්ලොරිඩා ගුවන් අනතුර: ලියර්ජෙට් යානය කඩා වැටුණේ ගුවනේදී කැඩී යාමෙන්ද?●වතු ඉඩම් බදු දීමෙන් මලයහ ජනතාවට උන්හිටි තැන් අහිමිවීමේ බියක්●
Top Ad
පුවත්

බදු ගෙවන්නන් සූදානම් වුවත් RAMIS පද්ධතිය තවමත් අඩපණයි

Awara

Awara

November 3, 2026 • 1:16 PM

බදු ගෙවන්නන් සූදානම් වුවත් RAMIS පද්ධතිය තවමත් අඩපණයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සෑම වසරකම නොවැම්බර් මාසය එළඹෙත්ම මෙරට ආදායම් බදු ගෙවන්නන් තමන්ගේ වාර්ෂික බදු වාර්තා නියමිත දිනට පෙර නිමාකිරීමට ලකලැහැස්ති වෙති.
  • කෝටි ගණනක මහජන ආයෝජනය සහ නොවිසඳුණු බිඳවැටීම් සිංගප්පූරු සමාගමක තාක්ෂණික සහාය ඇතිව මහජන මුදල් විශාල ප්‍රමාණයක් වැයකර සකස් කළ RAMIS පද්ධතිය, වාර්ෂිකව බදු ගොනුකිරීම් ඉහළ යන මෙම වකවානුවේදී දිගින් දිගටම කාර්මික දෝෂවලට ලක්වන බව පරිශීලකයෝ පෙන්වා දෙති.
  • බදු ගෙවන්නන් විශාල පිරිසක් එකවර පද්ධතියට පිවිසෙන බව පැහැදිලිව දන්නා කරුණක් වන බැවින්, ඊට සරිලන සේ සේවාදායක ධාරිතාව (Server capacity) කලින්ම සූදානම් කර නොතිබීම බරපතල කළමනාකරණ ගැටලුවක් බව තාක්ෂණික විශ්ලේෂකයෝ පවසති.
  • ආධුනික පුහුණුලාභීන් සහ දත්ත වැරදීමේ නෛතික අවදානම පරිගණක භාවිතය පිළිබඳ ප්‍රමාණවත් දැනුමක් නොමැති සාමාන්‍ය බදු ගෙවන්නන්ට සහාය වීම පිණිස දෙපාර්තමේන්තුව නොමිලේ සේවා මධ්‍යස්ථාන පිහිටුවා ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

සෑම වසරකම නොවැම්බර් මාසය එළඹෙත්ම මෙරට ආදායම් බදු ගෙවන්නන් තමන්ගේ වාර්ෂික බදු වාර්තා නියමිත දිනට පෙර නිමාකිරීමට ලකලැහැස්ති වෙති. නිවසේ පරිගණකයෙන්, කාර්යාලයෙන් හෝ සන්නිවේදන මධ්‍යස්ථාන වෙත ගොස් හෝ මේ නීතිමය වගකීම ඉටුකිරීම ඔවුන්ගේ අරමුණයි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ RAMIS ඔන්ලයින් පද්ධතිය ඒ සඳහා නිසි සූදානමකින් පවතීද යන්න අද ජනතාව නගන ප්‍රධාන ප්‍රශ්නයකි.

කෝටි ගණනක මහජන ආයෝජනය සහ නොවිසඳුණු බිඳවැටීම්

සිංගප්පූරු සමාගමක තාක්ෂණික සහාය ඇතිව මහජන මුදල් විශාල ප්‍රමාණයක් වැයකර සකස් කළ RAMIS පද්ධතිය, වාර්ෂිකව බදු ගොනුකිරීම් ඉහළ යන මෙම වකවානුවේදී දිගින් දිගටම කාර්මික දෝෂවලට ලක්වන බව පරිශීලකයෝ පෙන්වා දෙති.

නොවැම්බර් අවසන් සතිය යනු හදිසියේ උදාවන දිනයක් නොවේ. බදු ගෙවන්නන් විශාල පිරිසක් එකවර පද්ධතියට පිවිසෙන බව පැහැදිලිව දන්නා කරුණක් වන බැවින්, ඊට සරිලන සේ සේවාදායක ධාරිතාව (Server capacity) කලින්ම සූදානම් කර නොතිබීම බරපතල කළමනාකරණ ගැටලුවක් බව තාක්ෂණික විශ්ලේෂකයෝ පවසති.

ආධුනික පුහුණුලාභීන් සහ දත්ත වැරදීමේ නෛතික අවදානම

පරිගණක භාවිතය පිළිබඳ ප්‍රමාණවත් දැනුමක් නොමැති සාමාන්‍ය බදු ගෙවන්නන්ට සහාය වීම පිණිස දෙපාර්තමේන්තුව නොමිලේ සේවා මධ්‍යස්ථාන පිහිටුවා ඇත.


එම කවුළු සඳහා අනුයුක්ත කර ඇති ආධුනික නිලධාරීන්ට ප්‍රමාණවත් තාක්ෂණික හා නෛතික පුහුණුවක් ලැබී නොමැති බවට නිරීක්ෂකයෝ පෙන්වා දෙති.

 ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සෘජු අධීක්ෂණයක් නොමැතිව ආධුනිකයන් අතින් තොරතුරු ඇතුළත් කිරීමේදී සිදුවන නොදැනුවත් වැරදි හේතුවෙන්, ඉදිරියේදී නිරපරාදේ දඩ හෝ නඩු තීන්දු ලැබීමේ අනතුරකට මුහුණ පාන්නේ අහිංසක බදු ගෙවන්නාය.

අනවසර මුදල් අයකිරීම් පිළිබඳ විමර්ශනයක අවශ්‍යතාව

දෙපාර්තමේන්තු පරිශ්‍රය තුළ නොමිලේ සැපයිය යුතු මෙම සහාය ලබාගැනීමේදී මතුව ඇති තදබදය මුල්කරගෙන, ඇතැම් ආධුනිකයන් රාත්‍රී කාලයේදී පෞද්ගලිකව සේවා ලබාදීමට මුදල් අයකරන බවටද තොරතුරු වාර්තා වී තිබේ.

නීතිඥවරුන්ට හෝ බදු උපදේශකවරුන්ට මුදල් ගෙවීමට වත්කමක් නොමැතිව රාජ්‍ය ආයතනය වෙත පැමිණෙන කුඩා ව්‍යාපාරිකයන් ඉලක්ක කරගෙන මෙවැනි අක්‍රමිකතා සිදුවන්නේ නම්, ඒ පිළිබඳව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාගේ සහ මුදල් අමාත්‍යාංශයේ කඩිනම් ස්වාධීන විමර්ශනයක් අත්‍යවශ්‍ය වේ.

ස්වේච්ඡා බදු සංස්කෘතියක් සඳහා රාජ්‍ය වගවීම

පුරවැසියන් ස්වේච්ඡාවෙන් බදු දැලට එක්වීමට ඉදිරිපත් වන මොහොතක, ඔවුන් පළමුව අත්විඳින්නේ තාක්ෂණික අක්‍රියතා සහ පීඩාකාරී අත්දැකීම් නම්, බදු ගෙවීමේ මහජන විශ්වාසය දැඩි ලෙස බිඳවැටේ.

පද්ධති අක්‍රියතා හේතුවෙන් ප්‍රමාද වන බදු ලිපිගොනු සඳහා දඩ නොපැනවීමටත්, විකල්ප සේවා ක්‍රමවේද සැකසීමටත් පියවර ගත යුතුව ඇත. නීති පැනවීමෙන් පමණක් ස්වේච්ඡා බදු සංස්කෘතියක් බිහිකළ නොහැකි අතර, මහජන මුදලින් ක්‍රියාත්මක වන පද්ධති නිසි ලෙස ක්‍රියාත්මක කරමින් පුරවැසියාට ගෞරවනීය සේවාවක් සැපයීම බලධාරීන්ගේ මූලික වගකීමකි.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

#theleader.lk#theleadernews
The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...