The Leader News
BREAKING
‘එදා රෑ’ දින 40ක් තුළ රුපියල් ලක්ෂ 8,093ක වාර්තාගත ආදායමක් උපයයි●අකුරු නොදත් අප්‍රිකානු මිත්තණියන් සූර්ය ඉංජිනේරුවන් වූ අපූරුව●හම්බන්තොට තෙල් පිරිපහදුව අර්බුදයක: ඩොලර් බිලියන 3.7 ක ගිවිසුම අවලංගු කිරීමට නිර්දේශ●සංවිධානාත්මක අපරාධ පනත ශ්‍රේෂ්ඨාධිකරණයේ දැඩි විමසුමට●නව චීන තානාපති සහ දිලිත් අතර විශේෂ රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාවක්●ඉන්දීය සිනමාව උඩුයටිකුරු කළ ‘රාමායන’ ලොවපුරා තිරයට●ඔක්ටේන් 95 යළි ඉහළට: පෞද්ගලික සහ රජයේ මිල පරතරය රුපියල් 25ක් වෙයි●සංඛ්‍යා ලස්සන වුණත් තරුණ පරපුර රට හැරයන අර්බුදය●දකුණු මුහුදේ මෙහෙයුමකින් බිලියන තුනක මත්ද්‍රව්‍ය දැලට●කොළඹ සරසවියේ විභාග අර්බුදයක් නුගේගොඩ අධිකරණයට●
Top Ad
පුවත්

සංවිධානාත්මක අපරාධ පනත ශ්‍රේෂ්ඨාධිකරණයේ දැඩි විමසුමට

Awara

Awara

November 5, 2026 • 10:17 AM

සංවිධානාත්මක අපරාධ පනත ශ්‍රේෂ්ඨාධිකරණයේ දැඩි විමසුමට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පෙත්සම් 26ක් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවට සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු පාර්ශ්ව ගොනු කළ පෙත්සම් 26ක් ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාගයට ගැනිණි.
  • සුළු වැරදිත් 'සංවිධානාත්මක අපරාධ' කළ හැටි පෙත්සම්කාර පාර්ශ්වයක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා පෙන්වා දුන්නේ "බරපතළ අපරාධ" නිර්වචනය කර ඇති ආකාරය අතිශය භයානක බවයි.
  • එක්සත් ජාතීන්ගේ සම්මුතියේ මූලික පදනම පවා උල්ලංඝනය වන පරිදි මෙම කෙටුම්පත සකස් කිරීමේදී ජනාධිපතිවරයා නොමග යවා ඇති බව ජනාධිපති නීතිඥවරයා අධිකරණයට ප්‍රකාශ කළේය.
  • මහේස්ත්‍රාත්වරුන්ගේ විචාර බුද්ධිය අහිමි කිරීමේ අනතුර ආරක්ෂක ලේකම්වරයාගේ රැඳවුම් නියෝග මත පුද්ගලයෙකු මාස දෙකේ සිට වසරක් දක්වා රඳවා තැබීමට සහ පොලිස් භාරයේ පැය 72ක් රඳවා ගැනීමට මෙයින් ඉඩ සැලසේ.
අකුරු ප්‍රමාණය (Font Size):

පෙත්සම් 26ක් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවට

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු පාර්ශ්ව ගොනු කළ පෙත්සම් 26ක් ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාගයට ගැනිණි.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන, අචල වෙංගප්පුලි සහ සම්පත් අබේකෝන් යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කරුණු දැක්වීම් ආරම්භ විය.

සුළු වැරදිත් 'සංවිධානාත්මක අපරාධ' කළ හැටි

පෙත්සම්කාර පාර්ශ්වයක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා පෙන්වා දුන්නේ "බරපතළ අපරාධ" නිර්වචනය කර ඇති ආකාරය අතිශය භයානක බවයි.

සුළු දඩයකින් අවසන් වන බුද්ධිමය දේපළ වැරදි, වෙළෙඳ ලකුණු, සුරාබදු මෙන්ම වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥාපනතේ වැරදි පවා මෙම පනත යටතට ගෙන තිබේ. එක්සත් ජාතීන්ගේ සම්මුතියේ මූලික පදනම පවා උල්ලංඝනය වන පරිදි මෙම කෙටුම්පත සකස් කිරීමේදී ජනාධිපතිවරයා නොමග යවා ඇති බව ජනාධිපති නීතිඥවරයා අධිකරණයට ප්‍රකාශ කළේය.

මහේස්ත්‍රාත්වරුන්ගේ විචාර බුද්ධිය අහිමි කිරීමේ අනතුර

ආරක්ෂක ලේකම්වරයාගේ රැඳවුම් නියෝග මත පුද්ගලයෙකු මාස දෙකේ සිට වසරක් දක්වා රඳවා තැබීමට සහ පොලිස් භාරයේ පැය 72ක් රඳවා ගැනීමට මෙයින් ඉඩ සැලසේ.

නීතිඥ සුරේන් ප්‍රනාන්දු පෙන්වා දුන්නේ සැකකරුවෙකු අධිකරණයට ඉදිරිපත් කළ විට මහේස්ත්‍රාත්වරයාට ස්වාධීන තීරණ ගැනීමට ඉඩ නොතබා හුදු රබර් මුද්‍රාවක් බවට පත් කර ඇති බවයි. එමෙන්ම ඇප දීමේ බලය මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉවත් කර මහාධිකරණයට පවරා තිබේ.

පනතේ 10 වැනි වගන්තිය අනුව අපරාධ කල්ලියක් සංවිධානය කරන ශ්‍රමදානයකට හෝ දන්සලකට සහභාගි වීම පවා වරදක් ලෙස අර්ථකථනය වීමේ බරපතළ අනතුරක් පවතින බව ද ඔහු පෙන්වා දුන්නේය.

තොරතුරු වසන් කිරීමේ චෝදනාව සහ අධිකරණ වාර්තාකරණයට වැට

යම් පුද්ගලයෙකු තමා කළ වරදක් නීතිඥවරයෙකුට පැවසුවද, එම තොරතුර වහාම පොලිසියට ලබා නොදුනහොත් නීතිඥවරයා පවා සිරගත වීමේ අවදානමක් පවතින බව අධිකරණයේදී අනාවරණය විය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අවධාරණය කළේ 14 වැනි වගන්තිය හරහා අධිකරණ ප්‍රවෘත්ති වාර්තාකරණයට සෘජු බාධා එල්ල වන බවයි. අධිකරණ අවසරයකින් තොරව කරුණු ප්‍රසිද්ධ කිරීම හෝ වින්දිතයෙකුගේ නම මුද්‍රණය කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවට පත් කර තිබේ.

ජනමත විචාරණයක අවශ්‍යතාව සහ අතීත පාර්ලිමේන්තු මතකය

ජනාධිපති නීතිඥ එරාජ් ද සිල්වා සඳහන් කළේ විවිධ තැන්වලින් අහුලාගත් කොටස් එකතු කර සකස් කළ මෙම පනතින් විධායකයට අනවශ්‍ය බලයක් හිමිවන බවයි.


විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරී ශාන්ත ජයතිලක සිහිපත් කළේ, 2022 වසරේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත විවාදයට ගත් මොහොතේ වත්මන් විදේශ අමාත්‍ය විජිත හේරත් පාර්ලිමේන්තුවේදී දැක්වූ අදහස්ය. අමාත්‍යවරයාට පමණක් මෙවැනි අසීමිත බලයක් පැවරීම මානසික ව්‍යාකූලතාවකින් පෙළෙන පාලකයෙකු අතට පත්වුවහොත් සිදුවිය හැකි විනාශය එදා විජිත හේරත් මතු කළ බවත්, අද ඉදිරිපත් කර ඇත්තේ ද එවැනිම අනතුරුදායක නීතියක් බවත් ඔහු පෙන්වා දුන්නේය.

මූලික අයිතිවාසිකම් සහ අධිකරණ බලය කප්පාදු කරන මෙවැනි නීතියක් සම්මත කිරීමට නම් අනිවාර්යයෙන්ම ජනමත විචාරණයක් පැවැත්විය යුතු බව පෙත්සම්කරුවෝ අධිකරණය හමුවේ තරයේ කියා සිටියහ.


වැඩිදුර තොරතුරු සහ පසුබිම් වාර්තා:

BBC සිංහල: සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය ඇරඹෙයි

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

#theleader.lk#theleadernews
The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...