The Leader News
BREAKING
අම්පයර් මුළා කළ ‘ක්ලිකී පොන්ටිං’ ට දෙවසරක ක්‍රීඩා තහනමක්!●යෝගා සුවයෙන් රූපවාහිනී තිරයට අලුත් රිද්මයක් දුන් මල්ශ්‍රී●මහමග පැය ගණන් සිරවෙන නාගරිකයන්ට චීන අත්දැකීමෙන් විසඳුමක්?●ජාත්‍යන්තර සයිබර් ජාවාරම්කරුවන්ට ලංකාව තෝතැන්නක් වූ හැටි●කාලගුණ වාර්තා කලඹන උදේනි: වියළි රාජ්‍ය සන්නිවේදනයේ ඩිජිටල් පෙරළිය●DIGINote : ජල මණ්ඩලයේ පාඩුව මැද: ADBයෙන් ඩොලර් මිලියන 300ක්●මහපොළට අහිමි වූ SLIIT යළි රජයට ගැනීමේ අර්බුදය●හමුදා පුහුණු භූමියකට කිරි ගවයන් යැවීමට බලධාරීන් නියම කිරීමෙන් ගොවීන් අමාරුවේ●රුවන්වැලි සෑයේ සත්‍යග්‍රහයට අධිකරණ තහනම තවදුරටත්: හිමිවරුන්ට නොතීසි●නුවරඑළියේ විදුහල්පති සම්මන්ත්‍රණයකදී මතභේදාත්මක සිදුවීමක්: පරීක්ෂණයක් ඇරඹෙයි●
Top Ad
සාහිත්‍ය - කලා

‘එදා රෑ’ දින 40ක් තුළ රුපියල් ලක්ෂ 8,093ක වාර්තාගත ආදායමක් උපයයි

Nethmini

Nethmini

November 5, 2026 • 11:31 AM

‘එදා රෑ’ දින 40ක් තුළ රුපියල් ලක්ෂ 8,093ක වාර්තාගත ආදායමක් උපයයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනප්‍රිය, ප්‍රවීණ ගායක මිල්ටන් මල්ලවආරච්චි ගේ ජීවිත කතාව ඇසුරෙන් නිර්මාණය කළ ‘එදා රෑ’ චිත්‍රපටය මෙරට සිනමා ඉතිහාසයේ මෙ‌තෙක් වැඩිම ආදායමක් ඉපැයූ චිත්‍රපටය බවට පත්ව තිබේ.
  • ඒ, චිත්‍රපටය තිරගත වීම අරඹා දින 40 ක් බඳු කෙටි කාලයක් තුළ ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 8,093 ක (රු.
  • ,300,000) දැවැන්ත ආදායමක් ඉපැයීමෙනි.
  • මීට පෙර රුපියල් ලක්ෂ 6,300ක ආදායමක් වාර්තා කළ චිත්‍රපටය ‘ධර්මයුද්ධය 2’ චිත්‍රපටය යි.
අකුරු ප්‍රමාණය (Font Size):

ජනප්‍රිය, ප්‍රවීණ ගායක මිල්ටන් මල්ලවආරච්චි ගේ ජීවිත කතාව ඇසුරෙන් නිර්මාණය කළ ‘එදා රෑ’ චිත්‍රපටය මෙරට සිනමා ඉතිහාසයේ මෙ‌තෙක් වැඩිම ආදායමක් ඉපැයූ චිත්‍රපටය බවට පත්ව තිබේ.

ඒ, චිත්‍රපටය තිරගත වීම අරඹා දින 40ක් බඳු කෙටි කාලයක් තුළ ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 8,093ක (රු. 809,300,000) දැවැන්ත ආදායමක් ඉපැයීමෙනි.

මීට පෙර රුපියල් ලක්ෂ 6,300ක ආදායමක් වාර්තා කළ චිත්‍රපටය ‘ධර්මයුද්ධය 2’ චිත්‍රපටය යි. වර්තමානය වන විට එම වාර්තාව අභිබවා යමින් ‘එදා රෑ’ නව සිනමා වාර්තාවක් පිහිටුවා ඇත.

පසුගිය සැප්තැම්බර් 18 වැනිදා සිට දිවයින පුරා සිනමාහල්වල තිරගත වීම ආරම්භ කළ ‘එදා රෑ’ චිත්‍රපටය මේ වන විටත් දිවයින පුරා සිනමා ශාලාවල අඛණ්ඩව තිරගත වෙමින් පවතී.

‘එදා රෑ’ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය අරුණ ජයවර්ධන වන අතර නිෂ්පාදනය One Line Production & Entertainment වෙතිනි.

මිල්ටන් මල්ලවාරච්චිගේ චරිතය ප්‍රධාන වශයෙන් නිරූපණය කරනු ලබන්නේ ප්‍රවීණ රංගන ශිල්පී රොෂාන් රවීන්ද්‍ර විසිනි.

ඊට අමතරව: නෙත්මි රොෂෙල් (ස්වර්ණා), සෙනාලි ෆොන්සේකා (ඇනට්), ශේෂාද්‍රි ප්‍රියසාද් (ශිරාණි), දිනෙත් ද සිල්වා සහ ධර්මප්‍රිය ඩයස් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙති.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...