20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ආණ්ඩුවේ පරම සිංහල බෞද්ධ සුජාත භාවය

අහෝසි කර ගත්  බව 'හෙළ බොදු සවිය' පවසයි.

එම සංවිධානයේ සභාපති බුදගල ජිනවංස හිමියන් නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියි.

එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

2015 දි 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝදනය මන්ත්‍රීවරුන් 2015 කින් සම්මත වු අතර ඊට විරෝධි 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වුයේමන්ත්‍රීන් 156 කින්ය.

මෙම ආණ්ඩුව බලයට පත් කිරිමට වැඩ කරන ලද්දේ කුඩා සිංහල සංවිධාන හා මෙරට භික්ෂුන් වහන්සේලාය.

එම භික්ෂුන් වහන්සේලා දානයේ දි, පාංශුකුළයේ දි ධර්ම දේශනයේ දි අනුශාසනා කලේ පැවති යහපාලන ආණ්ඩුව සුළු ජාතින්ට වරප්‍රසාද, වරදාන දෙන බැවින් ගෝඨාභය ජනාධිපති තුමා ඇතුළු වත්මන් ආණ්ඩුවක් පත් කර ගන්නා ලෙසය.

ඒ මගින් සිංහල බෞද්ධයන්ට තැන ලබා දෙන රටක් බිහිකර ගැනීමට හැකි වන බවයි.

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ යයි සැක කිසිම කෙනෙක් සමග මෙම ආණ්ඩුවේ බලධාරින් සම්බන්ධ  නොවන බවට සහතිකයක් 69 නව ලක්ෂයක් ජන්දය දුන් ජනතාවට ජන්දයට පෙර කියා සිටිහ.

20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මේ රටේ ශාසනික හා සමාජ මෙහෙවරෙ විවිධාකරයෙන් කැප වි සිටින භික්ෂුන් වහන්සේලාගේ 20 වන සංශෝධනයට දැඩි විරෝධයක් එක් කළේය.

එය තඹ දොවිතුවකට මාහිම් කලේ නැත.

ගරු ජනාධිපතිතුමා රුවන්වැලි සෑරුදුන් අභියසදීත්, රාජාසන කතාවේ දිත් තමා කෙරහි විශ්වාසය තබා රටේ නාකත්වයට පත්කල මහා සංඝරත්නයට ද, සිංහල බෞද්ධ ජනතාවට ද අනුයෝගිව හා අනුගතව ක්‍රියා කරන බවට  දෙවරක් ම මෙරටේ ජනතාවට ප්‍රතිඥා දුන්නේය.

''ජනාධිපතිතුමා රුවන්වැලි සෑරුදුන් අභියසදීත්, රාජාසන කතාවේ දිත් තමා කෙරහි විශ්වාසය තබා රටේ නායකත්වයට පත්කල මහා සංඝරත්නයට ද, සිංහල බෞද්ධ ජනතාවට ද අනුයෝගිව හා අනුගතව ක්‍රියා කරන බවට දෙවරක් ම මෙරටේ ජනතාවට ප්‍රතිඥා දුන්නේය. ''

එසේම මෙරට පිළිගත් භික්ෂුන් වහන්සේලාගෙන් සමන්විත උපදේශක සභාවක් පිහිටුවා ගත්තහ.

එම උපදේශක සභාව කැදවිමක් හෝ 20 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධායෙන් අනුශාසනක් ලබාගෙන  නොමැත.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට හා අනපනත් සම්මත කර ගැනිම උදෙසා සුළු ජාතික මන්ත්‍රීන්ට විවිධ රජයේ වරප්‍රසාද තනතුර තානාන්තර ලබා දෙන අයුරු ඉදිරියේ දි බලාගත හැක.

එසේම බලගතු අධිකරණ වැනි අමාත්‍යංශයක් ලබා දි මුස්ලීම් මන්ත්‍රීවරුන් සම්බන්ධ කරගනිමින් ඇත.

එබැවින් අදවන විට සිංහල බෞද්ධ ජනතාවගේ බලාපොරොත්තු එකින් එක බිද හෙළමින් ඇත.

dfdසමාජ මධ්‍යයේ පලවී ඇති පොස්ටුවක්...

ඡන්දයට පෙර මෙම ආණ්ඩුවේ බොහෝ අය කියා සිටියේ මුස්ලිම් මන්ත්‍රීවරුන් කිසි දිනක අනපනත් සම්මත කරගැනීමට යොදා නොගන්නා බවයි.

යොදා ගන්නා දවසට තමන් මෙම අණ්ඩුව සමග එක විනාඩියක් ගත නොකරන බව දැඩි ස්වරයෙන් කියා සිටිහ.

එබැවින් මෙම ආණ්ඩුව ද සිංහල බෞද්ධ ජනතාවගේ ඒ අහිංසක බලාපොරොතු බිද දමා සුළු ජාතින්ගේ අනුහසින් ඉදිරියට යමින් ඇත.''

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්