The Leader News
BREAKING
අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය: රනිල්ගේ මනමේ මතකය සහ කෙහෙළියගේ කැබිනට් පත්‍රිකාව●ක්‍රිෂ් ගනුදෙනුවේ ජානකී යළි රිමාන්ඩ්: නාමල්ටත් අධිකරණ නියෝගයක්●බදු සහන පොරොන්දු සහ බිම් මට්ටමේ ආර්ථිකය: නාමල්ගෙන් ප්‍රශ්න●දේපළ වෙළෙඳපොළ පිබිදීම හමුවේ කළු සල්ලි අවදානමක්●යුරෝපා වෙළෙඳපොළ රැකගන්න ලංකාවෙන් අලුත් ගිවිසුමකට සූදානමක්●රුපියල් බිලියන 190ක ආනයන වංචාව: බැංකු නිලධාරීන්ගේ සම්බන්ධතාත් විමර්ශනයට●ලංකාවේ ටික්ටොක් වීඩියෝ ලක්ෂ හතරක් ඉවතට: ඩිජිටල් අර්බුදයක අනතුරු ඇඟවීමක්●රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති සිරි තිලකසිරි දිවිසැරිය නිම කරයි●දෙමළ ජනතා ප්‍රශ්න මෝදිට කියන්න සීතාරාමන්ගෙන් සහතිකයක්●වැට් බදු බර සහ ආර්ථික අර්බුදය: ජනතාවට සහනයක් ලැබේ ද?●
Top Ad
පුවත්

දෙමළ ජනතා ප්‍රශ්න මෝදිට කියන්න සීතාරාමන්ගෙන් සහතිකයක්

Nethmini

Nethmini

November 6, 2026 • 9:01 AM

දෙමළ ජනතා ප්‍රශ්න මෝදිට කියන්න සීතාරාමන්ගෙන් සහතිකයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව සහ හින්දු ආගමික සිද්ධස්ථාන පීඩා විඳින ගැටළු සම්බන්ධයෙන් ඉන්දීය අගමැතිවරයා ඇතුළු ඉහළ පෙලේ නායකත්වය දැනුවත් කිරීමට එරට මුදල් අමාත්‍යවරිය උතුරු නැගෙනහිර දෙපළාතේ දෙමළ ජනතා නියෝජිතයන්ට පොරොන්දු වී තිබේ.
  • පුරාවිද්‍යාවට මුවාවී කෝවිල් අඩපණ කිරීමේ චෝදනාව ඔවුන් පවසා ඇත්තේ පුරාවිද්‍යාවේ නාමයෙන් උතුරු නැගෙනහිර දෙපළාතේ කෝවිල් වල ක්‍රියාකාරීත්වය අඩපණ කරමින් බෞද්ධ විහාර නිර්මාණය කිරීම සම්බන්ධයෙන් එම සාකච්ඡාවේ දී ඉන්දිය මුදල් අමාත්‍යවරිය දැනුවත් කළ බවයි.
  • "පුරාවිද්‍යාවට මුවාවෙලා ලංකාවේ ගොඩාක් කෝවිල්වලට ඇති කරලා තියෙන බලපෑම් විශේෂයෙන්ම ත්‍රිකුණාමලයේ ශිව දේවාලයට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ඇවිත් ඒකේ සංවර්ධනයට එහෙමත් නැත්නම් ප්‍රතිසංස්කරණ ක්‍රියාවට කොහොමද බලපෑම් කරන්නේ?
  • ඒ කෝවිල අවට දාලා තියෙන බහුතර ප්‍රජාවගේ කඩවල්වලින් ඒ කෝවිලේ තියෙන අධ්‍යාත්මික ගතියට කොහොමද බලපෑම් ඇති කරන්නේ?
අකුරු ප්‍රමාණය (Font Size):

ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව සහ හින්දු ආගමික සිද්ධස්ථාන පීඩා විඳින ගැටළු සම්බන්ධයෙන් ඉන්දීය අගමැතිවරයා ඇතුළු ඉහළ පෙලේ නායකත්වය දැනුවත් කිරීමට එරට මුදල් අමාත්‍යවරිය උතුරු නැගෙනහිර දෙපළාතේ දෙමළ ජනතා නියෝජිතයන්ට පොරොන්දු වී තිබේ.

ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් එම සහතිකය දී ඇත්තේ ජාත්‍යන්තර සමුළුවක් ඇමතීම සදහා නවදිල්ලි නුවර බලා ගිය දෙමළ ජාතික ජනතා පෙරමුණේ (TNPF) නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් සහ ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ඉලෙයතම්බි ශ්‍රීනාත්ට ය.

“ජනවාර්ගික ශුද්ධයේ පසුබිම තුළ සංක්‍රාන්තික යුක්තිය සහ මානව හිමිකම්: කාශ්මීර පණ්ඩිත්වරුන් සහ ශ්‍රී ලාංකික දෙමළ ප්‍රජාව ගේ ආඛ්‍යාන” යන තේමාව යටතේ පැවැති සමුළුව ඇමතු පසු දෙමළ මන්ත්‍රීවරුන් දෙදෙනා ඉන්දීය මුදල් අමාත්‍යවරිය මුණගැසී දෙමළ ජනතා ගැටළු විසඳීම සඳහා කලාපීය බලවතාගේ වැඩි මැදිහත්වීමක් ඉල්ලා තිබුනි.

පුරාවිද්‍යාවට මුවාවී කෝවිල් අඩපණ කිරීමේ චෝදනාව

ඔවුන් පවසා ඇත්තේ පුරාවිද්‍යාවේ නාමයෙන් උතුරු නැගෙනහිර දෙපළාතේ කෝවිල් වල ක්‍රියාකාරීත්වය අඩපණ කරමින් බෞද්ධ විහාර නිර්මාණය කිරීම සම්බන්ධයෙන් එම සාකච්ඡාවේ දී  ඉන්දිය මුදල් අමාත්‍යවරිය දැනුවත් කළ බවයි.

"පුරාවිද්‍යාවට මුවාවෙලා ලංකාවේ ගොඩාක් කෝවිල්වලට ඇති කරලා තියෙන බලපෑම් විශේෂයෙන්ම ත්‍රිකුණාමලයේ ශිව දේවාලයට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ඇවිත් ඒකේ සංවර්ධනයට එහෙමත් නැත්නම් ප්‍රතිසංස්කරණ ක්‍රියාවට කොහොමද බලපෑම් කරන්නේ? ඒ කෝවිල අවට දාලා තියෙන බහුතර ප්‍රජාවගේ කඩවල්වලින් ඒ කෝවිලේ තියෙන අධ්‍යාත්මික ගතියට කොහොමද බලපෑම් ඇති කරන්නේ? මේ වගේ උතුරු නැගෙනහිර පළාත්වල තියෙන කෝවිල්වල ක්‍රියාවලිය අඩපණ කරන්න පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මාර්ගයෙන් නීතිය සූක්ෂමව භාවිත කරලා ගොඩාක් දේවල් කරමින් බෞද්ධ විහාර නිර්මාණය කරන්නේ කොහොමද කියන එක  අපි පැහැදිලිව කිව්වා," යි  ඉලෙයතම්බි ශ්‍රීනාත් මන්ත්‍රීවරයා පවසයි.

නව ආණ්ඩුව සහ 13 වැනි සංශෝධනයේ අවිනිශ්චිතතාව

අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගයේ ආණ්ඩුව බලයට පත් වී වසර දෙකක් ගතවී ඇතත් දෙමළ ජනතාවගේ ගැටළු වලට දේශපාලන විසදුමක් ලබා දීම සදහා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැති බවත් දෙමළ ජනතා නියෝජිතයන් දෙදෙනා ඉන්දීය මුදල් අමාත්‍යවරිය සමග පැවැති සාකච්ඡාවේදී දැනුම් දී තිබේ.

"ඒ විතරක් නෙවෙයි. අලුත් ආණ්ඩුවක් පත්වෙලා අවුරුදු දෙකක් ගිහින් තිබුණත්, දෙමළ ජනතාවගේ දේශපාලන විසඳුමක් දෙන්න උත්සාහයක්, කිසිම ඉදිරි ක්‍රියාමාර්ගයක් අරන් නැහැ කියන එකත්, ඉන්දියාවෙන් හඳුන්වලා දුන්න, බලපෑම නිසා ඇති කරගත්ත 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ පළාත් සභා මැතිවරණය අවිනිශ්චිත තත්ත්වයක් වෙලා තියෙන එකත් පැහැදිලිව කිව්වා."

ඉලංකෙයි තමිල් අරසු කච්චි මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී  වෛද්‍ය ඉලෙයතම්බි ශ්‍රීනාත් වැඩි දුරටත් පවසන්නේ දෙමළ ජනතා නියෝජිතයන් දෙදෙනා ඉදිරිපත් කළ කරුණු ඉතා සාවධානයෙන් අසාගෙන සිටි  ඉන්දිය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් උතුරු නැගෙනහිර පළාත්වල ඉන්නා දෙමළ ජනතාවගේ තත්වය  ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ හා විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයිශන්කර්ට පැහැදිලි කිරීමටත් පොරොන්දු වු බවයි.

වගවීම, දේශපාලන විසඳුම සහ 'ඉන්දීය කණ්ණාඩිය'

වගවීම සහ දේශපාලන විසඳුම ‘එකම කාසියක දෙපැත්ත’ ලෙස  දිල්ලි ජාත්‍යන්තර සමුළුව හමුවේ හැඳින්වූ  TNPF නායකයා අවධාරණය කර ඇත්තේ ඒ සම්බන්ධයෙන් පාලක භාරතීය ජනතා පක්ෂ ආණ්ඩුවේ වැඩි අවධානයක් යොමු කරවාගැනීම අභියෝගයක් බවයි.

“එය අභියෝගයක් වන්නේ ශ්‍රී ලංකාවේ ගැටුම ඇත්තේ රාජ්‍යය පාලනය රාජ්‍යය මෙහෙයවන සිංහල බෞද්ධ ජනකාය සහ බහුතරයක් හින්දුන් වන දෙමළ ජනකාය අතර වන නිසා,” යි ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයා පවසා තිබේ.

“මං විශ්වාස කරන ආකාරයට, මේ දෙගොල්ලොම එකයි කියා හැඟීමක් ඉන්දියාවේ - විශේෂයෙන්ම උතුරේ - තියෙනවා. ඔබ දකින විදියට දෙගොල්ලන්ම සංස්කෘතික හා සාම්ප්‍රදායික වශයෙන් අයිති වෙන්නේ එකම ජනසංගයට. ඉන්දීය දෘෂ්ටිකෝණයකින් බැලුවාම ඒක ඒ වගේ වුනත්, මහපොළොවේ යතාර්ථය නම්, බහුතර සිංහල බෞද්ධ ජනකාය සංඛ්‍යාත්මකව ඉතා කුඩා දෙමළ හින්දු ජනගහනයකින් තර්ජනයක් තියෙනවා කියා හිතාගෙන ඔවුන් පසුපස හඹා යාමයි.”

හින්දු ආගම දෙමළ ජනතාවගේ අනන්‍යතාව සම්බන්ධයෙන් සුවිශේෂ වන නිසා එම ආගමික සිද්ධස්ථාන පහර කෑමට ගොදුරුවී තිබෙන බවත් සමුළුව හමුවේ ප්‍රකාශ කළ TNPF නායකයා ‘ඉන්දීය කන්නාඩියකින් පමණක් ප්‍රශ්නය දෙස බැලුවොත්’ අවධානය නැතිවී ඉවත බැලීමේ අවදානමක් පවතින බවට අනතුරු අඟවා තිබේ.

ඕස්ට්‍රේලියානු දෙමළ කොන්ග්‍රසය, එක්සත් ජනපදයේ දෙමළ ක්‍රියාකාරී සමූහය, සමස්ත ඉන්දීය නීති ගුරුවර කොන්ග්‍රසය සහ ජාත්‍යන්තර නීතිය පිළිබඳ ඉන්දීය සංගමය එක්ව දිල්ලි ජාත්‍යන්තර සමුළුව සංවිධානය කර තිබුණි.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...