The Leader News
BREAKING
අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය: රනිල්ගේ මනමේ මතකය සහ කෙහෙළියගේ කැබිනට් පත්‍රිකාව●ක්‍රිෂ් ගනුදෙනුවේ ජානකී යළි රිමාන්ඩ්: නාමල්ටත් අධිකරණ නියෝගයක්●බදු සහන පොරොන්දු සහ බිම් මට්ටමේ ආර්ථිකය: නාමල්ගෙන් ප්‍රශ්න●දේපළ වෙළෙඳපොළ පිබිදීම හමුවේ කළු සල්ලි අවදානමක්●යුරෝපා වෙළෙඳපොළ රැකගන්න ලංකාවෙන් අලුත් ගිවිසුමකට සූදානමක්●රුපියල් බිලියන 190ක ආනයන වංචාව: බැංකු නිලධාරීන්ගේ සම්බන්ධතාත් විමර්ශනයට●ලංකාවේ ටික්ටොක් වීඩියෝ ලක්ෂ හතරක් ඉවතට: ඩිජිටල් අර්බුදයක අනතුරු ඇඟවීමක්●රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති සිරි තිලකසිරි දිවිසැරිය නිම කරයි●දෙමළ ජනතා ප්‍රශ්න මෝදිට කියන්න සීතාරාමන්ගෙන් සහතිකයක්●වැට් බදු බර සහ ආර්ථික අර්බුදය: ජනතාවට සහනයක් ලැබේ ද?●
Top Ad
පුවත්

ක්‍රිෂ් ගනුදෙනුවේ ජානකී යළි රිමාන්ඩ්: නාමල්ටත් අධිකරණ නියෝගයක්

Awara

Awara

November 6, 2026 • 12:20 PM

ක්‍රිෂ් ගනුදෙනුවේ ජානකී යළි රිමාන්ඩ්: නාමල්ටත් අධිකරණ නියෝගයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කොළඹ කොටුව ක්‍රිෂ් සමාගම් ගනුදෙනුව සම්බන්ධයෙන් අල්ලස් කොමිසම සිදුකරන විමර්ශනයට අදාළව, එහි හිටපු අධ්‍යක්ෂවරියක වන ජානකී සිරිවර්ධන ලබන 20 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.
  • බෝදරගම අද (06) නියෝග කළේය.
  • ලබන 20 වැනිදා වන විටත් නාමල් රාජපක්ෂ බන්ධනාගාරයේ පසුවන්නේ නම් එදිනට අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර අධිකාරිවරයාට නියම කළේය.
  • අත්අකුරු පරීක්ෂාව සහ මහාධිකරණයේ ලේඛනය විමර්ශන ප්‍රගතිය දැක්වූ අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂ (නීති) තනුජා බණ්ඩාර සඳහන් කළේ, කොළඹ ප්‍රාදේශීය ලේකම්වරයා සහ හිටපු ඉඩම් කොමසාරිස්වරයා ඇතුළු පිරිසකගෙන් මේ වන විට ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

කොළඹ කොටුව ක්‍රිෂ් සමාගම් ගනුදෙනුව සම්බන්ධයෙන් අල්ලස් කොමිසම සිදුකරන විමර්ශනයට අදාළව, එහි හිටපු අධ්‍යක්ෂවරියක වන ජානකී සිරිවර්ධන ලබන 20 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (06) නියෝග කළේය.

මෙම නඩුවේ සැකකරුවකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට මීට පෙර ඇප නියම වී තිබුණ ද, වෙනත් චෝදනාවක් මත බන්ධනාගාරගතව සිටින බැවින් බන්ධනාගාර නිලධාරීන් විසින් ඔහුද අද දින අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

ලබන 20 වැනිදා වන විටත් නාමල් රාජපක්ෂ බන්ධනාගාරයේ පසුවන්නේ නම් එදිනට අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර අධිකාරිවරයාට නියම කළේය.

අත්අකුරු පරීක්ෂාව සහ මහාධිකරණයේ ලේඛනය

විමර්ශන ප්‍රගතිය දැක්වූ අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂ (නීති) තනුජා බණ්ඩාර සඳහන් කළේ, කොළඹ ප්‍රාදේශීය ලේකම්වරයා සහ හිටපු ඉඩම් කොමසාරිස්වරයා ඇතුළු පිරිසකගෙන් මේ වන විට ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි.

නඩුවට අදාළ ලිපියක අත්අකුරු තහවුරු කරගැනීමට රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කළද, ඒ සඳහා එහි මුල් පිටපත (Original) අවශ්‍ය බව දන්වා ඇතැයි නිලධාරිනිය ප්‍රකාශ කළාය.

"එවිට රස පරීක්ෂක වෙත යොමු කළේ මොකක්ද?" යනුවෙන් මහේස්ත්‍රාත්වරයා විමසූ අවස්ථාවේදී, කොමිසම පැවසුවේ අදාළ ලේඛනයේ ඡායා පිටපතක් යොමු කරමින් පරීක්ෂාව කළ හැකිදැයි විමසූ බවයි.

එම මුල් ලේඛනය මේ වන විට කොළඹ මහාධිකරණයේ අංක 07 ශාලාවේ විභාග වන නඩුවක ගොනු කර ඇති බැවින්, දිනක් ඇතුළත පරීක්ෂා කර නැවත ලබාදීමේ කොන්දේසිය මත එය මුදාහැරීමට නියෝගයක් නිකුත් කරන ලෙස අල්ලස් කොමිසම ඉල්ලා සිටියේය.

ඇප ලැබුණ ද නාමල් බන්ධනාගාරයේ රැඳී සිටින්නේ ඇයි?

ක්‍රිෂ් ගනුදෙනුවට අදාළව නාමල් රාජපක්ෂ ට ඉකුත් 03 වැනිදා ඇප නියම විය. එහෙත් ඔහු දිගටම රක්ෂිත බන්ධනාගාරයේ පසුවන්නේ ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ එයාර්බස් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට අදාළ වෙනත් නඩුවක් හේතුවෙනි.

රුපියල් මිලියන 100 ක අල්ලසක් ලබාගැනීම ඇතුළු චෝදනා 24 කට අදාළ එම නඩුව නිසා, ඔහු ලබන 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයේ තැබීමට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය ඉකුත් 28 වැනිදා නියෝග කර තිබිණි. ඒ අනුව අද දිනද ඔහු අධිකරණයට රැගෙන එනු ලැබුවේ බන්ධනාගාර ආරක්ෂාව යටතේය.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

#theleader.lk#theleadernews
The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...