විසිවන සංශෝධනයට අදාලව පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයන්ට

මැතිවරණ සඳහා ඉදිරිපත්වීමට අවසර ලැබෙන වගන්තියට පක්ෂව තමා ඡන්දය භාවිතා කළේ බැසිල් රාජපක්ෂ වෙනුවෙන් බව රිෂාඩ් බද්යුද්දීන් මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මක්කල් කොන්ග්‍රසයේ දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ මන්ත්‍රී එස් එම් එම් මුෂාරෆ් පවසයි.

බැසිල් රාජපක්ෂ යනු රාජපක්ෂ පවුලේ සිටින සියලු ජන කොටස් සමග සංහිඳියාවෙන් කටයුතු කරන පුද්ගලයකු බව මන්ත්‍රීවරයා පවසයි.

ඔහු පාර්ලිමේන්තු පැමිණීමෙන් කිසිවෙකුට හානියක් නොවන බව තමා සිතන බවත් එහෙයින් තමා ස්වාධීනව මෙම තීන්දුව ගත් බවත් හෙතෙම කියා සිටියි.

ඔහු එබව සඳහන් කලේ 'සිරස නිව්ස් ෆස්ට්' වෙත ප්‍රකාශයක් ලබාදෙමිනි.

ද්විත්ව පුරවැසි වගන්තිය සඳහා විපක්ෂය ඡන්දයක් ඉල්ලූ අවස්ථාවේ ආණ්ඩුවේ ඇතැම් කණ්ඩායම් එය එකතු වී එය පරාජය කළහොත් බැසිල් රාජපක්ෂට අහසුතාවක් ඇති වනු ඇතැයි සිතා සුළු ජනතාව වෙනුවෙන් තමා තීන්දුවක් ගත් බව ඔහු එහිදී වැඩි දුරටත් සඳහන් කළේ ය.

 

බැසිල්ට එරෙහිව වෙනම ඡන්ද විමසීමක් !

විසිවන පනත් කෙටුම්පත සම්බන්ධ කාරක සභා අවස්ථාවේදී විපක්ෂය සමහර වගන්ති වලට විරෝධය පළ කළ අතර ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයන්ට මැතිවරණ සඳහා ඉදිරිපත්වීමට අවසර ලැබෙන වගන්තියට විපක්ෂය විරෝධය පෑම හේතුවෙන් ඒ සඳහා වෙනම ඡන්ද විමසීමක් පවත්වනු ලැබිණ.

එම වගන්තියට එකඟව ඡන්ද 157ක් සහ විරුද්ධව ඡන්ද 64ක් ද ලැබීම තුළින් එම වගන්තිය ද තුනෙන් දෙකකට වඩා වැඩි ජන්දයකින් සම්මත විය.

රිෂාඩ් බද්යුද්දීන් මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මක්කල් කොන්ග්‍රසයේ දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ මන්ත්‍රී එස් එම් එම් මුෂාරෆ් දෙවන වර හා තෙවන වර කියවීමේ දී විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළත් මෙම වගන්තියට පමණක් පක්ෂව ජන්දය ප්‍රකාශ කළේය.

එසේ බැසිල් රාජපක්ෂ වෙනුවෙන් ඡන්දය දුන් මුෂාරෆ් මන්ත්‍රීවරයා පෙරේදා (23) පැවති සමගි ජනබලවේගයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට සහභාගී වූ අවස්ථාවේදී ඔහුව පලවා හැරීමට කටයුතු කර තිබිණ.

සබැඳි පුවත් :

රිෂාඩ්ගේ මන්ත්‍රීවරයෙක් සජිත්ගේ රැස්වීමෙන් දොට්ට: හකීම් -රිෂාඩ් එලවන්නැයි පෙත්සමක්

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්