හෝමාගම පොලිස් ස්ථානය තුළ එක් දරු පියකු මරණයට පත්වූ පසුව ව්‍යාජ තොරතුරු සටහන් යොදා නිල ලේඛන වෙනස් කරන ලෙස ස්ථානාධිපතිවරයා විසින් ඔහු යටතේ සේවය කළ නිලධාරියකු හට බලපෑම් කර ඇතැයි අධිකරණය හමුවේ හෙළිදරව් වී තිබේ.
ඉෂාර හර්ෂ කුමාරගේ මරණය සම්බන්ධයෙන් පසුගිය 12 වැනිදා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවති මූලික සාක්ෂි විභාගයේදී, මේ වන විට වැඩ තහනමට ලක්ව සිටින හෝමාගම පොලීසියේ සැරයෙන් වරයෙක් වන මධුසංඛ නමැති නිලධාරියා විවෘත අධිකරණය හමුවේ සාක්ෂි දෙමින් පවසා ඇත්තේ මියගිය පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට අදාල දින සහ වෙලාව වෙනස් කොට නිල සටහන් ලේඛනවලට ඇතුලත් කරන ලෙසට පොලිස් ස්ථානාධිපතිවරයා විසින් තමන්ට දැඩිව කියා සිටි බවයි.
‘බොරු දිනයක් සහ වෙලාවක්’
පොලිස් ස්ථානාධිපතිවරයා සහ ඉෂාර හර්ෂ කුමාරගේ මරණයේ ප්‍රධාන සැකකරු ලෙස සැකපිට අත්අඩංගුවට ගෙන මේ වන විට රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින උප පොලිස් පරික්ෂක රජිත ගුරුසිංහ ද තමන්ට තර්ජනය කළ බවත්, පොලිස් ස්ථානයට රැගෙන ආ පුද්ගලයකු මරණයට පත්වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැනීමට අදාල නිශ්චිත දින වකවානු වෙනස් කිරීමට තමන් අකැමැති බව පවසා එම අනීතික නියෝගයට අවනත නොවීමේ හේතුව මත තමන් වැඩ තහනමට ලක් කළ බවත් එම පොලිස් සැරයන්වරයා විවෘත අධිකරණය හමුවේ සාක්ෂි දෙමින් පවසා තිබේ.
නමුත් පොලිස් අභ්‍යන්තර විමර්ශනයේදී හෙළිදරව් වී තිබුණේ එම සැරයන්වරයා අදාල වේලාවේ ඔහුට නියමිත රාජකාරියක් වූ පොලිස් ස්ථානයට රැගෙන එන සැකකරුවන්ගේ තොරතුරු නිසි පරිදි නිල ලේඛනවලට ඇතුලත් කර නොමැති බවකි. ඉෂාර හර්ෂ කුමාර සහ ඔහු සමග අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට රැගෙන ආ වරුණ මධුසංඛත් තවත් දෙදෙනකු පිළිබඳ තොරතුරුත් පොලිස් නිල ලේඛනවල තබා නැතැයි අභ්‍යන්තර පොලිස් විමර්ශනවලදි අනාවරණය වී තිබුණි.
ප්‍රධාන සැකකරුව පෙරෙට්ටුවේදී හඳුනා ගනියි
කෙසේ නමුත් මධුසංඛ නැමති එම නිලධාරියා මහේස්ත්‍රාත්වරිය හමුවේ පවසා ඇත්තේ ඉෂාර හර්ෂ කුමාර සහ වරුණ මධුසංඛ යන දෙදෙනා උප පොලිස් පරික්ෂක ගුරුසිංහ ඇතුළු නිලධාරින් විසින් පොලිස් ස්ථානයට රැගෙන ආ අවස්ථාවේදි තමන්ට ද බැණ වදිමින් සැකකරුවන් පොලිස්ථානයේ අපරාධ අංශය වෙත රැගෙන ගිය බවකි. එමෙන්ම ඉෂාර හර්ෂ කුමාරට දරුණු ලෙස පහර දී සිර කූඩුව තුළ වැටි සිටියදී තමන් දෙවරක් ඒ වෙත ගොස් නිරීක්ෂණය කොට ඔහුව රෝහල් ගත කරන්නැයි ස්ථානාධිපතිවරයා ප්රමුඛ ඉහල නිලධාරින්ගෙන් ඉල්ලා සිටියද ඒ කිසිවකුත් ඒ පිළිබඳව කිසිදු තැකීමක් නොකළ බවත් හෙතම සිය සාක්ෂියෙන් පවසා ඇත.
12 වැනිදා පැවති මූලික සාක්ෂි විභාගයේ පෙරවරු කාලයේ දී ඝාතනයේ ප්‍රධාන සැකකරු හඳුනා ගැනීමේ පෙරට්ටුවේ දී , පොලිස් පහර දීමෙන් අනතුරුව වෙනත් චෝදනාවන් යටතේ රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින වරුණ මධුසංඛ සහ හෝමාගම පොලීසියේම නිලධාරින් තිදෙනකු ද ඇතුළු සිවු දෙනකු විසින්ම ප්‍රධාන සැකකාර උප පොලිස් පරික්ෂක රජිත ගුරුසිංහ පහසුවෙන්ම හඳුනා ගන්නට සමත් වී තිබේ. එමෙන්ම පොලිසිය විසින් එයට පෙර උප පොලිස් පරීක්ෂක ගුරුසිංහට එරෙහිව ඉදිරිපත් කර තිබුණු පහරදීමට පමණක් වන චෝදනා පත්‍රය සංශෝධනය කරමින් මිනීමැරීමේ චෝදනාවද ඇතුළත් කරන්නට කටයුතු කර තිබුණේ පොලිස් විමර්ශන අතිශයින්ම මන්දගාමි සහ සැකකරුවන්ව නිසි පරිදි අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවන්නට අසමත්ව ඇතැයි පවසමින් මහේස්ත්‍රාත්වරිය විසින් පොලිසියට දෝෂාරෝපනය කරන අතරවාරයේ ය.
මානසික රෝගියෙක්?
ඝාතනයේ සහ පහරදීමේ ප්‍රධාන සැකරුවන රජිත ගුරුසිංහ මානසික ආබාධයකින් පෙළෙන්නකු යැයි සැක මතුව තිබෙන බැවින් ඔහුව මානසික වෛද්‍යවරයකු හමුවට පමුණුවන්න ට නියෝගයක් නිකුත් කරන්නැයි හෝමාගම පොලිසිය විසින් කර ඇති ඉල්ලීම ද මහේස්ත්‍රාත්වරිය විසින් පිළිගෙන තිබේ.
එදින සවස පැවති සාක්ෂි විභාගයේ දී දැනට රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින, සිද්ධිය ඇසින් දුටු ප්‍රධානතම සාක්ෂිකරුවා වන වරුණ මධුසංඛ මහේස්ත්‍රාත් නිල මැදිරියට කැඳවා සාක්ෂි ලබා ගෙන ඇත. එම සාක්ෂියෙන් අනතුරුව සැකකාර රජිත ගුරුසිංහගේ නීතිඥවරුන් විසින් කරනු ලැබු ඇප ඉල්ලීමද ප්‍රතික්ෂේප කරමින් ඔහු තවදුරටත් රක්ෂිත බන්ධගාගාර ගත කරන්නට නියම කර තිබේ.
හෝමාගම මහේස්ත්‍රාත්වරිය විසින් පොලිසියට නියෝග කොට ඇත්තේ එළැඹෙන 19 වැනි දින ට සිදුවීමට අදාල අධිකරණ වෛද්‍ය වාර්තා අනිවාර්යෙන්ම අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසයි.
කෙසේ වෙතත් අදාළ මරණය සහ පහරදීම් පිළිබඳව ඇසින් දුටු ප්‍රධානතම සාක්ෂිකරුවා වන දැනට වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින වරුණ මධුසංඛ ගේ ජීවිතය ආරක්ෂා කර දෙන ලෙස තමන් විසින් අවස්ථා කිහිපයකදීම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාවට, අපරාධයක සාක්ෂිකරුවන් සහ වින්දිතයන් ආරක්ෂා කිරීමේ අධිකාරියට ද ඇතුළු ආයතනවලට වාචිකවත්, ලිඛිතවත් කරනු ලැබු ඉල්ලීම්වලට කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැතැයි ඔහුගේ මව වන සුජාතා හෙට්ටිආච්චි චෝදනාත්මකව පවසයි.
පොලිසියේ මරණයක පොත් වෙනස් කරන්නැයි ‘පොලිස් ලොක්කෙක්ගෙන් තර්ජන’
Awara
November 15, 2026 • 9:58 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- හෝමාගම පොලිස් ස්ථානය තුළ එක් දරු පියකු මරණයට පත්වූ පසුව ව්‍යාජ තොරතුරු සටහන් යොදා නිල ලේඛන වෙනස් කරන ලෙස ස්ථානාධිපතිවරයා විසින් ඔහු යටතේ සේවය කළ නිලධාරියකු හට බලපෑම් කර ඇතැයි අධිකරණය හමුවේ හෙළිදරව් වී තිබේ.
- නමුත් පොලිස් අභ්‍යන්තර විමර්ශනයේදී හෙළිදරව් වී තිබුණේ එම සැරයන්වරයා අදාල වේලාවේ ඔහුට නියමිත රාජකාරියක් වූ පොලිස් ස්ථානයට රැගෙන එන සැකකරුවන්ගේ තොරතුරු නිසි පරිදි නිල ලේඛනවලට ඇතුලත් කර නොමැති බවකි.
- එමෙන්ම ඉෂාර හර්ෂ කුමාරට දරුණු ලෙස පහර දී සිර කූඩුව තුළ වැටි සිටියදී තමන් දෙවරක් ඒ වෙත ගොස් නිරීක්ෂණය කොට ඔහුව රෝහල් ගත කරන්නැයි ස්ථානාධිපතිවරයා ප්රමුඛ ඉහල නිලධාරින්ගෙන් ඉල්ලා සිටියද ඒ කිසිවකුත් ඒ පිළිබඳව කිසිදු තැකීමක් නොකළ බවත් හෙතම සිය සාක්ෂියෙන් පවසා ඇත.
- ඝාතනයේ සහ පහරදීමේ ප්‍රධාන සැකරුවන රජිත ගුරුසිංහ මානසික ආබාධයකින් පෙළෙන්නකු යැයි සැක මතුව තිබෙන බැවින් ඔහුව මානසික වෛද්‍යවරයකු හමුවට පමුණුවන්න ට නියෝගයක් නිකුත් කරන්නැයි හෝමාගම පොලිසිය විසින් කර ඇති ඉල්ලීම ද මහේස්ත්‍රාත්වරිය විසින් පිළිගෙන තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
#theleader.lk#theleadernews
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


