The Leader News
BREAKING
පාකිස්තානය පළමු වරට සාෆ් පාපන්දු අවසන් තරගයට!●පොලිසියේ මරණයක පොත් වෙනස් කරන්නැයි ‘පොලිස් ලොක්කෙක්ගෙන් තර්ජන’●ප්‍රතික්ෂේප වීම් මැදින් ලෝකය දිනූ නර්තන තරු පහකගේ කතාව●භූතානය 2-1කින් පරදා ඉන්දියාව සාෆ් අවසන් මහ තරගයට!●බඩු මල්ලේ බරින් පෙරළුණු මිසිසිපි සෙනෙට් සටනේ අලුත් පරිච්ඡේදය●නව ‘යෝල්ටා’ සමුළුවක පෙරනිමිතිද? ට්‍රම්ප්, පුටින් සහ ෂී චීනයේදී එකම මේසයකට●භාණ්ඩාගාරය පුරවලා නැහැ, දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ - නාමල්●ලාෆ් ගෑස් මිල සහ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අතර උණුසුම් ගැටුමක්●සටන් පාඨ අතහැර ආර්ථික දැක්මකට යන්නැයි දිලිත් ඉල්ලයි●පදක්කමට පසු අවදිවන මාධ්‍ය සහ පහසුකම් නොදෙන පරිපාලනය!●
Top Ad
ක්‍රීඩා

පාකිස්තානය පළමු වරට සාෆ් පාපන්දු අවසන් තරගයට!

Awara

Awara

November 15, 2026 • 10:04 AM

පාකිස්තානය පළමු වරට සාෆ් පාපන්දු අවසන් තරගයට!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සාෆ් කුසලාන පාපන්දු ශූරතාවලියේ සත්කාරක රට වන බංග්ලාදේශයේ ක්‍රීඩා ලෝලීන් කම්පාවට පත් කරමින් පාකිස්තානය ගෝල 1-0ක ජයග්‍රහණයකින් අවසන් තරගයට සුදුසුකම් ලැබුවා.
  • බංග්ලාදේශ ජාතික ක්‍රීඩාංගණයේ ඊයේ (14) රාත්‍රියේ පැවති දෙවැනි අවසන් පූර්ව තරගයේදී බංග්ලාදේශය විස්මයට පත් කරමින් පාකිස්තානය ඔවුන්ගේ මේ ඓතිහාසික ජයග්‍රහණය වාර්තා කළේ දෙවැනි භාගයේ පසු කාලයේ ගෝලයක් ලබා ගනිමින් වුවත් එය ඔවුන් අවසාන මහා තරගය කරා ගෙන යාමට ප්‍රමාණවත් වුණා.
  • අවසන් මහා සටනට ඉන්දු - පාකිස්තාන ගැටුමක් මේ අනුව, ඔවුන් ලබන 17 වැනිදා අවසන් තරගයට පිවිසෙන්නේ තවත් ඉන්දු - පාකිස්තාන ක්‍රීඩා ගැටුමකට මං විවර කරමින්.
  • මේ තරගයට පෙර පැවති අනෙක් අවසන් පූර්ව තරගයෙන් ඉන්දියාව ගෝල 2-1කින් භූතානය පරදවා අවසාන තරගයට පිවිසියා.
අකුරු ප්‍රමාණය (Font Size):

2026 සාෆ් කුසලාන පාපන්දු ශූරතාවලියේ සත්කාරක රට වන බංග්ලාදේශයේ ක්‍රීඩා ලෝලීන් කම්පාවට පත් කරමින් පාකිස්තානය ගෝල 1-0ක ජයග්‍රහණයකින් අවසන් තරගයට සුදුසුකම් ලැබුවා. මෙය සාෆ් කුසලාන පාපන්දුවේ පාකිස්තානය අවසන් තරගයට පිවිසි ප්‍රථම අවස්ථාව වනවා.

බංග්ලාදේශ ජාතික ක්‍රීඩාංගණයේ ඊයේ (14) රාත්‍රියේ පැවති දෙවැනි අවසන් පූර්ව තරගයේදී බංග්ලාදේශය විස්මයට පත් කරමින් පාකිස්තානය ඔවුන්ගේ මේ ඓතිහාසික ජයග්‍රහණය වාර්තා කළේ දෙවැනි භාගයේ පසු කාලයේ ගෝලයක් ලබා ගනිමින් වුවත් එය ඔවුන් අවසාන මහා තරගය කරා ගෙන යාමට ප්‍රමාණවත් වුණා.

අවසන් මහා සටනට ඉන්දු - පාකිස්තාන ගැටුමක්

මේ අනුව, ඔවුන් ලබන 17 වැනිදා අවසන් තරගයට පිවිසෙන්නේ තවත් ඉන්දු - පාකිස්තාන ක්‍රීඩා ගැටුමකට මං විවර කරමින්. මේ තරගයට පෙර පැවති අනෙක් අවසන් පූර්ව තරගයෙන් ඉන්දියාව ගෝල 2-1කින් භූතානය පරදවා අවසාන තරගයට පිවිසියා.

තරගය තමන්ගේ වාසිය සොයන මන්දගාමී එකක් වුවත් පාකිස්තානය එය ගණනකට ගන්නේ නැහැ. මන්ද යත්, මේ ජයග්‍රහණය නිසා ඔවුන්ට ඔවුන්ගේ පරම ප්‍රතිවාදීන්ට එරෙහිව කුසලානයක් දිනා ගැනීමේ අවස්ථාවක් උදා කර තිබෙන නිසාවෙන්.

අවසන් මිනිත්තුවල උණුසුම් තත්ත්වයක්

පාකිස්තානය අවසාන තරගයට ගෙන ගිය තීරණාත්මක ගෝලය 86 වැනි මිනිත්තුවේ ලබා ගත්තේ අබ්දුල් අර්ෂාඩ්.

92 වැනි මිනිත්තුවේදී තරගය දඩබ්බර ස්වරූපයක් ගත්තේ බංග්ලාදේශය තරගයේ පරාජය ආසන්නයට පැමිණෙනු දැකීමෙන් කලකිරුණු ක්‍රීඩා ලෝලීන් දැල්වෙන පන්දම් පිටියට විසි කිරීම හේතුවෙන්. මේ අවස්ථාවේදී ක්‍රීඩකයින් ද එකිනෙකා සමඟ වාද කරමින් ගැටුම් ඇති කර ගත්තා.


වැඩිදුර තොරතුරු සහ තරග වීඩියෝ සඳහා නිල මූලාශ්‍ර: 

සාෆ් පාපන්දු සම්මේලනයේ නිල යූටියුබ් නාලිකාව:

සාෆ් පාපන්දු සම්මේලනයේ නිල වෙබ් අඩවිය:



වර්නන් ගුණසේකර

ක්‍රීඩා සංස්කාරක

ශ්‍රී ලංකා ක්‍රීඩා මාධ්‍ය ක්ෂේත්‍රයේ දීර්ඝ අත්දැකීම් සහිත, ක්‍රීඩා විශ්ලේෂණය සහ වාර්තාකරණය තුළ සිය අනන්‍යතාවක් ගොඩනගාගත් ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වන අතර, ‘ද ලීඩර්’ පුවත් වෙබ් අඩවියේ ක්‍රීඩා සංස්කාරක ලෙස කටයුතු කරයි.

View all stories by වර්නන් ගුණසේකර
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

#theleader.lk#theleadernews
The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...