කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම සංචාරක ස්ථාන වසා දමා ඇති බව දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර පවසයි.
කොරෝනා වසංගත තත්ත්වය පහව යන තුරු නුවරඑළිය දිස්ත්‍රිතක්කයේ සංචාරය කිරීමෙන් වළකින්නැයි දිස්ත්‍රික් ලේකම්වරයා ජනතාවට දැනුම් දෙයි.
 
නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයින් 30 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් හඳුනා ගෙන ඇති බැවින් නුවරඑළිය දිස්ත්‍රික්කය මේ මොහොතේ සංචාරයට සුදුසු ස්ථානයක් නොවන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.
 
ඒ අනුව තත්ත්වය යහපත් වන තුරු සංචාරය සඳහා නුවරඑළියට පැමිණීමෙන් වළකින ලෙස දිස්ත්‍රික් ලේකම්වරයා ජනතාවගෙන් ඉල්ලා සිටී.
 

Screen Shot 2020 10 29 at 9.04.19 PM

තවත් ආසාදිතයින් 414ක්
 
අද (29) දින පස්වරුව වනවිට තවත් කොවිඩ් -19 ආසාදිතයින් 414 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.
 
ඉන් 352ක් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වන අතර අනෙක් 62 නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගෙන තිබේ.
 
ඒ අනුව මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වී ඇති සමස්ථ කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 6145 දක්වා ඉහළ ගොස් තිබේ.
 
මේ දක්වා මෙරටින් හමුවී ඇති මුළු කොවිඩ් ආසාදිතයින් ගණන 9,619 ක් වන අතර ඉන් 5,458 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබති.
 
මේ වනවිට, 4,142ක් සම්පූර්ණ සුවය ලබා තිබේ.
 
 

නිවේදනය 360

අහඹු PCR සිදුකිරීම වැදගත් - ජනපති
 PCR 12
 කොවිඩ් පොකුරු ඇතිවිය හැකි තැන් පිළිබදව නිරන්තර අවධානයෙන් පසුවිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අදාළ නිලධාරීන්ට පවසයි.
 
ඔහු පැවසුවේ දඹුල්ල ඇතුළු ආර්ථික මධ්‍යස්ථානය ආශ්‍රිතව සහ පිටකොටුව තොග වෙළෙඳසැල් ආශ්‍රිතව අහඹු PCR පරීක්ෂණ සිදුකිරීම වැදගත් බවය. 
 
"අවස්ථා කිහිපයකදී කොවිඩ් ආසාදිතයන් වැඩිවීමට හේතු වූ කරුණු මනාව අවබෝධ කරගෙන නැවත එලෙස සිදුවීමට ඉඩ නොතැබිය යුතුය. කොළඹ නගර සභා සීමාව තුළ අඛණ්ඩව අහඹු පරීක්ෂණ සිදුකෙරිණ. එහෙත් අනපේක්ෂිත ලෙස පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය සහ මිනුවන්ගොඩ ආශ්‍රිතව කොවිඩ් පොකුරු බිහි විය. භාණ්ඩ බෙදා හැරීමේ ජාලය මගින් වෛරසය ප්‍රාදේශීයව පැතිරයාම වැළැක්වීමට සියලු පාර්ශ්වයන්ගේ සහාය අත්‍යවශ්‍ය වේ. සෞඛ්‍ය නිර්දේශ හැකි උපරිමයෙන් අනුගමනය කිරීම සියලු තරාතිරම්වල පුද්ගලයන් සතු සමාජ වගකීමක්," යනුවෙන් ජනාධිපතිවරයා පැවසීය. 
 
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ වෛද්‍ය ක්ෂේත්‍රයේ සහ කොවිඩ් මර්දනයේ නිරත සියලු පාර්ශ්වයන්ට අවශ්‍ය තොරතුරු පහසුවෙන් දැනගත හැකි නව “යෙදුමක්” හඳුන්වාදුන් අවස්ථාවේදී ය.
 
බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා කාර්යාලය මගින් එම යෙදුම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට හඳුන්වා දුනි.  

subscribeYT

නවතම පුවත්