කොරෝනා ආසාදනය හේතුවෙන් මියයන මුස්ලිම්වරුන්ගේ දේහයක් වලදමනවාද ? පුච්චනවද ?
කියා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී අද (03) ආණ්ඩු පක්ෂයෙන් විමසීමත් සමග මැතිසබයේ උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය. 
 
ඉකුත් ජනාධිපතිවරණයේදී කැලණියේ නාග රාජයකු නිර්මාණය කළා සේ මෙවර කොරෝනා සමයේදී ගංගාවන්ට පැන් කළ විසි කළ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිට ඒ මණිඅක්ඛිත නාගරාජයාගේ සහාය ලබා ගැනීමට තිබූ බවට විපක්ෂනායකවරයා සඳහන් කරද්දී ආණ්ඩු පක්ෂයෙන් බාධා එල්ලවිය.
 
ජනතාව බරපතල ප්‍රශ්න රැසක සිටියදී සෞඛ්‍ය ඇමතිනිය කලගෙඩි ගංගාවලට දමන බවත් ඒ වෙනුවට ජනතාව වෙනුවෙන් කළයුතු බොහෝ දේ තිබූ බවත් ආණ්ඩු පක්ෂයේ බාධා කිරීම් හමුවේ ඔහු අවධාරණය කර සිටියේය.
 
තමන් ඉකුත් ජනවාරි සිට කී සියල්ල සත්‍ය වී ඇති බවත්, එහෙත් ආණ්ඩුව කළේ ඒ සත්‍යට සිනාසෙමින් අපහාස, උපහාස කරමින් දේශපාලනය කිරීම බවත් සජිත් ප්‍රේමදාස කීවේය.
 
''මේ උවදුර ගැන ජනවාරි ඉදලා අපි කියපු සියල්ල ඇත්ත වුණා. ආණ්ඩුව ජනතාව ගැන බලන්නේ නෑ. ඔවුන්ට සහන නෑ. රටම ව්‍යසනයක'' විපක්ෂ නායකවරයා අවධාරණය කර සිටියේය.
 
කොරෝනා මර්දනය සම්බන්ධයෙන් මුල පටන්ම තමන් පාර්ලිමේන්තුව තුළ කරුණු දක්වද්දී, යෝජනා ඉදිරිපත් කරද්දී ආණ්ඩු පක්ෂය ඊට බාධා කරමින් තමන්ට මඩ ගැසූ නමුත් තමන් එදා කී සියලු දේම අද වනවිට ඔප්පු වී ඇති බවත් දේශපාලන න්‍යාය පත්‍රවලට ප්‍රමුඛතාව නොදී දැන්වත් කොරෝනා මර්දනය නිසි ආකාරයෙන් කාර්යක්ෂමව සිදු කරන්නැයි තමන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත් ඔහු කීය.
 
"ජනවාරි 24 වෙනිදා ඉඳලා අද දවස දක්වා මේ සම්බන්ධයෙන් මම ඉදිරිපත් කරපු කරුණු සියල්ලක්ම රට ඉදිරියේ සත්‍යය බවට පත්වෙලා තියෙනවා. නමුත් යෝජනා ඉදිරිපත් කරනවිට හැම වෙලාවෙම අපට මඩ ගැහුවා. චරිත ඝාතනය කළා. කමක් නැහැ.
 
මඩගැසීමෙන් චරිත ඝාතනයෙන් යම් තාවකාලික වින්දනයක් ලැබුවාට ප්‍රශ්නයක් නැහැ." යැයිද විපක්ෂනයකවරයා  කීය.
 
එදා කොරෝනා මර්දන පියවර පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක නොකළේ 20 වැනි සංශෝධනය සම්මත කරගන්න තිබුණු ආශාව නිසා බවත් දේශපාලන අවස්‍ථාවාදය රටේ ජනතාවගේ සෞඛ්‍ය රැකගැනීම අබිබවා ගිය බවත් හෙතෙම පැවසීය.
 
එදා කොරෝනා මර්දන පියවර පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක නොකළේ 20 වැනි සංශෝධනය සම්මත කරගන්න තිබුණු ආශාව නිසා බවත් දේශපාලන අවස්‍ථාවාදය රටේ ජනතාවගේ සෞඛ්‍ය රැකගැනීම අබිබවා ගිය බවත් හෙතෙම පැවසීය.
 
විස්ස වෙනුවෙන් දිනපතා පාර්ලිමේන්තුව රැස්වූ නමුත් අද පාර්ලිමේන්තුව රැස්වෙන්නෙ අඟහරුවාදා දවසේ ඉතාම සීමිත කාලයක් පමණක් බවත් විපක්ෂ නායකවරයා කීය. 
 

 
විපක්ෂනයකවරයා තවදුරටත් මෙසේද සඳහන් කළේය.
 
''සෞඛ්‍ය ක්ෂෙත්‍රයේ ප්‍රමිතිය පිළිබඳව සාකච්ඡාවට ලක් වන මේ මොහොතේ මම කැමතියි ඉතිහාසයෙන් කරුණු කාරණා කීපයක් ඉදිරිපත් කරන්න.
 
අපිට මතකයි ජනවාරි පෙබරවාරි මාස වල අපි ඉල්ලීමක් කළා මුහුණු ආවරණ නොමිලේ ජනතාවට ලබා දෙන්න කියලා.
 
එදා ඒක එක හෙලාම ආණ්ඩුව ප්‍රතික්ෂේප කළා.
 
හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරන්න කියලා අපි යෝජනා කළා. 
 
ඒකත් එකහෙළාම ප්‍රතික්ෂේප කළා .
 
ජාත්‍යන්තරය සමග ගනුදෙනු කිරීමේදී ශ්‍රී ලංකාවට මේ වෛරස ඇතුළු වීමට තිබෙන අවධානම ගැනත් එසේ නොවීමට ගත යුතු ක්‍රියාමාර්ග ගැනත් අපි කතා කළා .
 
ඒකත් එක හෙලාම ප්‍රතික්ෂේප කළා .
 
''මම මේ මොහොතේ මතක් කරන්න කැමතියි, ලෝකේ සාර්ථකව කොරෝනා මැඩ පවත්වපු රටක් විදිහට නවසීලන්තයේ කතාවක්. විදෙස්ගත වෙලා හිටපු නවසීලන්තයේ  දෙදෙනෙක් නැවත නවසීලන්තයට  පැමිණියා.ඒ ආව බව හොයාගන්න බැරි වෙච්ච නිසා ඒ රටේ සෞඛ්‍ය ඇමැතිවරයා ඉල්ලා අස් වුණා .එහෙම පූර්වාදර්ශ තමයි අපි දැක්කේ.''
 
මම මේ මොහොතේ මතක් කරන්න කැමතියි, ලෝකේ සාර්ථකව කොරෝනා මැඩ පවත්වපු රටක් විදිහට නවසීලන්තයේ කතාවක්. 
 
විදෙස්ගත වෙලා හිටපු නවසීලන්තයේ  දෙදෙනෙක් නැවත නවසීලන්තයට  පැමිණියා.
 
ඒ ආව බව හොයාගන්න බැරි වෙච්ච නිසා ඒ රටේ සෞඛ්‍ය ඇමැතිවරයා ඉල්ලා අස් වුණා. එහෙම පූර්වාදර්ශ තමයි අපි දැක්කේ.
 
 
දෙවැනි රැල්ලේ පදක්කම කාටද ?
 
මට මතකයි අපේ සෞඛ්‍ය අමාත්‍යවරිය වතාවක් කීවා කොරෝනා මැඩපැවැත්වීමේ පලමු පදක්කම ජනාධිපතිවරයාටත් දෙවැනි පදක්කම අගමැතිවරයාටත් යන්න ඕන කියලා කිව්වා .
 
දැන් කොරෝනා දෙවෙනි රැල්ල ආරම්භ වෙලා තිබෙනවා. මම අහන්න කැමතියි , ඒ දෙවැනි රැල්ලේ පලමු පදක්කම කාටද යන්න ඕනේ, දෙවැනි පදකම කාටද යන්න ඕනේ කියලා .
 
මැතිවරණය  සමයේ සම්පූර්ණයෙන්ම කොරොනාව දේශපාලන පාපන්දුවක් කරගත්තා.එහෙම කරලා ඡන්දය පික් පොකට් ගැහුවා.
 
කොරෝනාවෙන්  රට බෙදුවා. 
 
පක්ෂ, ආගම්, ජාතිභේද හැදුවා.
 
ලෝකයේ හැම රටක්ම මේ කොරෝනාව අභියස අනෙක් සියලු දේවල් අමතක කරලා එකට එකතුවෙන කොට අපේ ආණ්ඩුව රටේ කොටස් කොටස් වලට බෙදුවා.
 
 
කථානායකතුමනි, 
 
ලෝක සෞඛ්‍ය සංවිධානය කිව්වා කොරෝනා නිසා කවුරුන් හෝ මියගිය විට අදාල පාර්ශ්වවල කැමැත්ත අකමැත්ත අනුව භූමදානය හෝ ආදාහනය කරන්න  හෝ පුළුවන් කියලා .
 
ඇමතිනිය කියනවා ලෝක සෞඛ්‍ය සංවිධානයේ සියලු නීතිරීති අනුගමනය කරනවා කියලා .
 
නමුත්, මේ රටේ මොකද කළේ?.
 
 
මේ රටේ මුස්ලිම් ඉස්ලාම් භක්තිකයින්  ඉලක්ක කරගෙන,ඔවුන්ට විරුද්ධව ආණ්ඩුව කටයුතු කළා.
 
මේ රටේ කොරෝනා ව්‍යාප්ත කරන්නේ මුස්ලිම් ඉස්ලාම් භක්තිකයින් කියලා ප්‍රචාරයක් යැව්වා.
 
ඔවුන්ගේ ආගමට අනුව මළසිරුරක් පුච්චන එක පාපකර්මයක්.
 
හැබැයි මේ ආණ්ඩුව ඒක පවා උල්ලංඝනය කලා.
 
එදා සිද්ධ වුනේ මොකක්ද කියන එක සම්බන්ධව අලි සබ්රි  ඇමතිතුමාගේ හෘද සාක්ශිය දන්වා.
 
ඒක අපි ලකුණු දාගන්න කියන කතාවක් නෙවෙයි . මේක තමයි ඇත්ත.
 
මහාචාර්ය වජිර දිසානායක, රෙෂ්වි ෂෙරිෆ්, මහාචාර්ය රවීන්ද්‍ර ප්‍රනාන්දු ,රුවේෂ් හනීෆා වගේ මහත්වරු ඉල්ලුවා, අපක්ෂපාතී විශේෂඥ කමිටුවක් පත් කරලා තීන්දුවක් දෙන්න කියලා .
 
ආණ්ඩුව ඒකවත් කළේ නෑ .
 
ඉස්ලාමීය ප්‍රජාව ගේ, මුස්ලිම් ප්‍රජාවගේ සංස්කෘතික සහ ආගමික උවමනාවන්ට අනුව කටයුතු කිරීම වැරදියි කියලා රැල්ලක් හැදුවා. රටේම මහා අන්තවාදී ජාතිවාදී රැල්ලක් නිර්මාණය කලා.
''ඉස්ලාමීය ප්‍රජාව ගේ, මුස්ලිම් ප්‍රජාවගේ සංස්කෘතික සහ ආගමික උවමනාවන්ට අනුව කටයුතු කිරීම වැරදියි කියලා රැල්ලක් හැදුවා. රටේම මහා අන්තවාදී ජාතිවාදී රැල්ලක් නිර්මාණය කලා.''
 
මාර්තු මාසෙ ඉඳලා එක වෙන්ටිලේටරයක් ඇනවුම් කරලා නෑ.
 
හැබැයි විසිවෙනි සංශෝධනය ජයග්‍රහණය කර ගන්න පැය 24 ම කාලය ගත කළා.
 
ඒ විතරක් නෙමේ ගුණාත්මක භාවයෙන් ඉහළ PCR යන්ත්‍ර ගෙනාවේ නෑ.
 
මාස අටක් තිබිලත් හොඳ ගුණාත්මක යන්ත්‍ර ගෙනාවේ නෑ.
 
තේ වෙනුවට අගමැතිතුමාගේ බලය ඉවත් කරන්න මාස අටක් කාලය වෙන් කළා.
 
කොරෝනා රෝගීන්ට රෝහල් පහසුකම් නෑ . පහසුකම් නෑ.
 
ICU ඇඳන්වල අඩුබව පෙන්වන කොට එක පුද්ගලයෙක් කිව්වා යකඩ  ඇදන් හදන්න පුළුවන් කියලා.
 
දේශමාමක ජාතිහිතෛෂි ඒ  පුද්ගලයා  කිව්වා යකඩ ඇදන් හදන්නත් අපිට පුළුවන් කියලා. ඒ කිසිවක් කළේ නෑ.
 
ඒත්, පැය 24 ම වෙන් කලා ද්විත්ව  පුරවැසිභාවය නිත්‍යානුකූලව කරගන්න.
 
වෙනත් රටවල් කොරෝනාවට එරෙහිව විවිධ පර්යේෂණ කරන්න මහන්සි වුනා. එන්නත් හොයන්න මහන්සි වුනා. අපේ රටේ විස්ස සම්මත කරගන්න වෙහෙසුනා.
 
''වෙනත් රටවල් කොරෝනාවට එරෙහිව විවිධ පර්යේෂණ කරන්න මහන්සි වුනා. එන්නත් හොයන්න මහන්සි වුනා. අපේ රටේ විස්ස සම්මත කරගන්න වෙහෙසුනා.''
 
කොරෝනා මර්ධන වැඩසටහන අක්‍රීය යි. අක්‍රමවත්. ක්ෂේත්‍ර අතර සම්බන්ධීකරණයක් නෑ. නිසි වැඩපිළිවෙළක් නෑ. ඉතාම දුර්වල දේශපාලන කළමනාකාරිත්වයක් ක්‍රියාත්මක වෙනවා .
 
අපේ රටේ ආරක්ෂක අංශ, හමුදාව, පොලිස් නිලධාරීන්, සෞඛ්‍ය අංශ මේ ආදී සියලු දෙනා  දිවි පරදුවට තබලා මේ කොරෝනා මඩින්න වැඩ කරනවා. 
 
ඒක අභිමානවත් සේවයක්.
 
ඔවුන් ජීවිත කැප කරල වැඩ කරන්නේ. 
 
හැබැයි ඇමති තුමියගෙන් නිසි දේශපාලන නායකත්වයක් ලැබෙනවාද නැද්ද කියලා හෘද සාක්ෂියෙන් අහලා බලන්න.
 
ඒක මුළු රටම දන්නවා.
 
 
''ජනතාවට ජීවත් වෙන්න හැකියාවක් නැහැ''
 
අද ආර්ථිකය කඩා වැටිල. 
 
ජනතාවට ජීවත් වෙන්න හැකියාවක් නැහැ. 
 
ආදායම් මාර්ග නෑ. 
 
සුලු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්  අසරණ වෙලා.
 
ස්වයං  රැකියා ලාභීන්ට කර කියාගන්න දෙයක් නැති වෙලා.සහන නෑ. 
 
රට ම අක්‍රිය වෙලා.
 
 
පහුගිය කාලේ සුභසාධනය, සංවර්ධනය, සහන ගැන අපි කතා කරනකොට ඒක රට ප්‍රතික්ෂේප කලා.
 
හැමෝම අද මන්ත්‍රයක් වගේ ජප කරනවා සහන අවශ්‍යයි කියලා.
 
අද හැමෝම සුභසාධනය ඉල්ලා සිටිනවා.
 
අද බස්නාහිර පළාත ඇතුළුව බොහෝ ප්‍රදේශ වසා දමලා තියෙනවා.
 
ඒ ප්‍රදේශවල ජන ජීවිතය සම්පූර්ණයෙන්ම කඩා වැටිලා.
 
අපි ආණ්ඩුවට කියනවා කරුණාකරලා සංවේදී වන්න.
 
ජනතාවගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න.
 
ඔවුන්ට සහන ලබාදෙන්න.  
 
ජනතාව ජීවත් කරවන්න කටයුතු කරන්න. 
 
ජනතාව රැක ගන්න කටයුතු කරන්න.
 
ණය වෙනුවෙන් ලබා දුන් සහන කාලය දික් කරන්න. 
 
ලීසින් සහනය දීර්ඝ කරන්න. 
 
අහඹු පී.සී.ආර් පරීක්ෂණ දිගින් දිගටම කරන්න.
 
අලුත් යන්ත්‍ර ගෙන්වන්න.
 
ලැබුණු ආධාර මේ සඳහා උපයෝගී කරගන්න.
 
''බැංකුව ඇතුළු ජාත්‍යන්තර ආයතන වලින් ලැබුණු ඩොලර් කෝටි ප්‍රකෝටි ගණන් මුදල් වලට මොකද කළේ කියලා අපි අහනවා.''
 
බැංකුව ඇතුළු ජාත්‍යන්තර ආයතන වලින් ලැබුණු ඩොලර් කෝටි ප්‍රකෝටි ගණන් මුදල් වලට මොකද කළේ කියලා අපි අහනවා.
 
පරීක්ෂණ කටයුතු සක්‍රීය කරන්න.
 
කන වෙලා තිබෙන පරීක්ෂණ ආයතන සක්‍රීය කරන්න.
 
ප්‍රතිදේහජනක පරීක්ෂණ, ප්‍රතිදේහ පරීක්ෂණ වහාම ක්‍රියාත්මක කරවන්න.
 
ජංගම රසායනගාර ආරම්භ කරන්න.
 
ජංගම රෝහල් ක්‍රියාත්මක කරන්න.
 
කොරොනාව නැති බොහෝ රටවල් වලින් ඒකට මේ ජංගම රෝහල්  ගන්න පුළුවන්.
 
ඒ වෙනුවෙන් අපි උනත් ලෑස්තියි කතා කරන්න.
 
කොහොමද, තායිවානය , නවසීලන්තය  සාර්ථකව මේ උවදුර පාලනය කළේ ?
 
පාඩම් ඉගෙන ගන්න. 
 
ඒවායින් අදහස් ගන්න. 
 
අලුත් වැඩපිළිවෙළක් දියත් කරන්න.
 
දේශපාලනය ගාවාගෙන පිස්සු නැටුවා ඇති.
 
සාර්ථකව කොරොනාව මැඩපවත්වන ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමු .
 
අපේ පක්ෂය අපි ලෑස්තියි ඊට සහයෝගය දෙන්න.
 
අපේ අදහසුත් දෙන්නම්.
 
 
 
ගරු කථානායකතුමනි, 
 
අපි මුල ඉඳලා කියපු හැම දෙයක්ම හරි ගියා. 
 
මුව ආවරණ අවශ්‍යයයි කිව්වා.
 
ඇමතිතුමිය කිව්වා එපයි කියලා .
 
දැන් මුව ආවරණ පැළඳුවේ නැත්තම් දඩත් ගහනවා.
 
සෞඛ්‍ය උපකරණ ගෙන්නන්න කියලා කිව්වා. ඒවා ඇනවුම්  කළේ නැහැ.
 
සෞඛ්‍ය ඇමැතිතුමිය කියනවා එතුමිය කරපු ආගමික කටයුත්තක් ගැන.
 
ඒකට අපේ විවේචනයක් නෑ.
 
කාට දේශපාලනය කරන්නත් රටක් තියෙන්න ඕන.
 
ඒකට රටේ ජනතාව ජීවත් වෙලා ඉන්න ඕන.
 
හැබැයි එතුමිය ගිහිල්ලා අර කළගෙඩියක් ගඟට විසි කරන්න කලින් අඩු තරමේ ventilators ටික ඇනවුම් කරන්න තිබුණා. 
 
Kalagedi Corona
''අර කළගෙඩියක් ගඟට විසි කරන්න කලින් අඩු තරමේ ventilators ටික ඇනවුම් කරන්න තිබුණා''. 
 
මාස අටක් තිබ්බා, අඩු තරමේ PCR යන්ත්‍ර ටික ඇණවුම් කරන්න තිබුණා.
 
අපිට මතකයි පහුගිය ජනාධිපති වරණය කාලේ මැතිවරණ ප්‍රචාරක කටයුතු අත්හිටුවා තියෙද්දි කැලණි ගඟෙන් මණිඅක්ඛිත  නා රජු නිර්මාණය කරා.
 
ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරන්න උදව්වක් දෙන්න එදා නා රජ්ජුරුවන්ට පුළුවන් වුණා නං, ඇමතිතුමිය ට ඒකවත් නිර්මාණය කරන්න තිබුණා, කොරෝනා අවසන් කරන්න .   
 
නාග රජ්ජුරුවන් වඳින්න රටේ ජනතාව එනකොට පොහොට්ටු බෙදපු කාලයක් මතක තියාගන්න.
 
එහෙම  තමයි මේ රටේ ජනතාව රැවැට්ටුවේ.
 
එහෙමයි මේ රටේ ජනතාව නොමග යැව්වේ . 
 
 
 
කථානායකතුමනි,
 
නිරෝධායන රෙගුලාසි ගැන මේ පාර්ලිමේන්තුවේ කතා කරනකොට,එදා ඇමතිතුමිය කිව්වේ පාර්ලිමේන්තුව පොදු ස්ථානයක් නෙමෙයි කියලා.
 
 එතුමිය ඇතුළතයි පිටත ඉගෙන විශේෂඥවරියක් වෙලා.
 
 මම කතා කරන්නේ පාර්ලිමේන්තුව ගැන.
 
මොනවද කියපු දේ.
 
නිරෝධායන රෙගුලාසි පාර්ලිමේන්තුවට අදාල නෑ කියලා කිව්වේ 20 සම්මත කරගැනීම වෙනුවෙන්.
 
ඒ වෙනුවෙන් පාර්ලිමේන්තු රැස්වීම් එක දිගට පැවැත්තුවා.
 
මේ සතියේ එක දිනයයි. 
 
පාර්ලිමේන්තුවට නිරෝධායන නීති අදාල නෑ කියලා කියපු සතියේ ම පාර්ලිමේන්තුවේ පොලිස් නිලධාරි මහත්මයෙකුට කොරෝනා ආසාදනය වුණා.
 
අපි කීවා අවදානමක් තියනවා කියලා.
 
ඒ විතරක් නෙවේ, විසිවෙනි සංශෝධනය වෙනුවෙන් කැදවපු පාර්ලිමේන්තු රැස්වීම් ආවරණය කරන්න ආව මාධ්‍යවේදීන් දෙදෙනෙක්  කොරෝනා ආසාදිතයින් වෙලා.
 
අඩු තරමේ ඒ අනෙක් මාධ්‍යවේදීන්ට පීසීආර් පරීක්ෂණ කරන්නවත් ආණ්ඩුව මැදිහත් වුනේ නෑ.
 
අපි කියනවා දැන්වත් අතීතයෙන් පාඩම් ඉගෙන ගන්න කියලා.
 
මම අහනවා, තවම සමාජ ව්‍යාප්තියක් නැද්ද කියලා.''

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්