පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාවේ සාක්ෂි දීම සඳහා

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් අද (19) දින නිව් මැගසින් බන්ධනාගාරයේ සිට 'ස්කයිප්' (Skype) තාක්ෂණය  මාර්ගයෙන් කැඳවා තිබිණි. 

එහිදී මන්ත්‍රීවරයාගේ මව් බස දෙමළ භාෂාව බැවින් හා යම් යම් අවස්ථාවලදී ඔහුගේ දෙවන භාෂාව වන සිංහල භාෂාවෙන් පිළිතුරු දීමේදී සිදුවූ අපහසුතා නිසා මන්ත්‍රීවරයා විසින් භාෂා පරිවර්තකයෙක් ඉල්ලා සිටි බැවින් කොමිසන් සභාව ප. ව 1.30 දක්වා කල් තැබිණි.

තවද 2020.11.16, හා 17 දිනයන්හිදී රිශාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා සම්බන්ධව යම් යම් කරුණු කොමිසම් සභාව ඉදිරියේ ඉදිරිපත් වී තිබිණි. 

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නීතිඥවරයා වන රුෂ්ඩි හබීබ් විසින් ඊයේ 18 දින පාස්කු කොමිසම ඉදිරියේ ඉදිරිපත්වන කරුණු විකෘති කර පුවත් පළ කිරීමක් සම්බන්ධයෙන් කළ කොමිසමට කල පැමිණිල්ල වෙනුවෙන් අද දිනයේදී කොමිසමේ කටයුතු අනාවරණය කිරීමට පැමිණ සිටි මාධ්‍යවේදීන්ට තරයේ අවවාද කර සිටියේ මෙම කොමිසම හමුවේ ඉදිරිපත් වන කරුණු කාරණා විකෘති නොකර පළ කරන ලෙසයි.

එසේම, නිව් මැගසින් බන්ධනාගාරයේ E වාට්ටුවේ රිශාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා සිටින කුටිය අසල කුටිවල සිටි අයට සහ එම වාට්ටුව සුද්ද පවිත්‍ර කරන අයටද Covid-19 වෛරසය වැළඳී ඇති බවට කොමිසමට වාර්තා වී ඇති බවද අද දිනයේදී කොමිසම විසින් ප්‍රකාශ කර තිබිණි.

''නිව් මැගසින් බන්ධනාගාරයේ E වාට්ටුවේ රිශාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා සිටින කුටිය අසල කුටිවල සිටි අයට සහ එම වාට්ටුව සුද්ද පවිත්‍ර කරන අයටද Covid-19 වෛරසය වැළඳී ඇති බවට කොමිසමට වාර්තා වී ඇති බවද අද දිනයේදී කොමිසම විසින් ප්‍රකාශ කර තිබිණි.''

 

සබැඳි පුවත් :

රිෂාඩ් බරපතල අවදානමක ! - සිරමැදිරියේ පිරිසකටත් කොරෝනා !! 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්